2012/07/21

‘88-89 මරණයේ දේශය ගැන...


කැරළිකරුවන් මුළු රටම සිය අනසකට යටත් කරගෙන තිබුණි. දූෂිත මිනීමරු පාලකයින්ට කිසිවක් පාලනය කරගත නොහැකි විය. තරුණයින් අත්අඩංගුවට ගෙන මරාදමමින් භීෂණය වපුරා කැරළිකරුවන් බිය වැද්දීමේ ක්‍රමය අසාර්ථක වී තිබුණි. බොහෝවිට අත්අඩංගුවට ගෙන මරා දැමුවෝ පැවති පාලනයට විරුද්ධවූවන් වුව ද කැරළි කරුවෝ නොවීය. තවදුරටත් සිය පාලනය පවත්වාගෙන යාමටනම්  කෙසේ හෝ කැරැල්ල මර්දනය කළ යුතු   තැනට ආණ්ඩුව පත්විය. එයට අලුත් අලුත් අත්හදාබැලීම් එක් වී ක්‍රියාවට නැගින.

1.  එ.ජා.ප ප්‍රාදේශිය නායකයන් විසින් ලබාදෙන නාම ලේඛනයට අනුව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම.

2.        බිල්ලා මගින් කැරළිකරුවන් හඳුනා ගැනීම.

3.   අත්අඩංගුවට ගැනීමට නොහැකි කැරළිකරුවන් වෙනුවට ප්‍රාණ ඇපකරුවන්    අත්අඩංගුවට ගැනිම.

                 පළමු ක්‍රමයට එ.ජා.ප ප්‍රාදේශීය නායකයන් තමන්ගේ පුද්ගලික තරහකරුවන් ද, කැරළිකරුවෝ ලෙස උපකල්පනය කළ අය ද තමන්ගේ ආදිපත්‍යය බි දමාවියැයි සැකයෙන් කැරැල්ලට කිසිසේත් සම්බන්ධ නොවූ, එහෙත් දක්ෂ සමාජ ක්‍රියාකාරීන් වූ තරුණ තරුණියන් ද ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ද සිය ජඩ වැඩ වලට එරෙහිව ඍජුව කතාකළ තරුණ භික්ෂූන් ද .... ලේඛන ගතකර වධකයින් වෙත ලබා දුනි.
                  ඒ අනුව ක්‍රියාත්මක වූ ඝාතකයෝ ගම් බිම් පීරා ඉවක් බවක් නැතිව තරුණ තරුණියන් අත්අඩංගුවට ගත්හ. හමුදා කඳවරු හා පොලිස්ථාන වල ඉඩකඩ මදි වූ හෙයින් රට පුරා අලුත් හමුදා කඳවුරු හා වධකාගාර ඉදිවිය.  ජීවිතය ඉල්ලා  යදින තරුණ තරුණියන්ගේ වැළපීම් ද සාප කිරීම් ද ගහලයින්ගේ ගෝරනාඩු ද නිරන්තරයෙන්ම වධකාගර තුළින් නැගෙන්නට විය. මේ සියල්ල මධ්‍යයේ වුව ද කැරළිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය මදකට හෝ අඩු වූ බවක් දක්නට නොවීය. සිදු වූයේ ඒවා තව තවත් වර්ධනය වීම හා බිහිසුණු වීම පමණකි. ඒ අනුව දෙවන ක්‍රියාමාර්ගය හෙවත් බිල්ලා මගින් කැරලිකරුවන් හඳුනාගනීමේ ක්‍රමයට වධකයින් අවතීර්ණ විය.
                     දෑසට පමණක් විවර දෙකක් තැබූ රෙද්දකින්  මුළු ඇගම වසා ලූ බිල්ලා  ලෙස පෙනී සිටියේ බොහෝවිට,

1.              ප්‍රාදේශිය එ.ජා.ප නායකයෙක්

2.              ග්‍රාම සේවක

3.              අත් අඩංගුවට ගත් කැරළිකරුවෙක්

                මෙම ක්‍රමය ක්‍රියාවට නගනුයේ බොහෝවිට නගරයේ ක්‍රීඩාපිටියක් වැනි ඉඩ කඩ ඇති ස්ථානයක දී ය. භීෂණය කෙතරම් උත්සන්න වී තිබුණ ද ඔබට අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නගරයට යාමට සිදුවනු ඇත. එවැනි අවස්ථාවක දී නගරයේ සැරිසරන්නන් සියල්ලම ක්‍රීඩා පිටියට ගාල්කර පෝලිම් ගස්සවා බිල්ලා ට පෙනෙන ලෙස ගමන් කරවයි. බිල්ලා තිරස්ව හිස වනන්නේනම් ඔබ නිදහස්ය. සිරස්ව හිස වනන්නේ නම්, ඒ ඔබ මෙලොව ජීවත්වන අවසාන දවස විය හැකියි.

             
               මේ වනවිට රටේ සාමාන්‍ය ජන ජීවිතය මුළුමනින්ම අඩාල වී තිබුණි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ඒවා කිහිපයක් වධකාගාර හා සිර කඳවුරු බවට පත්කර තිබුණි. හන්දියක් හන්දියක් ගානෙ ටයර් සෑ ඉදිවිනි. ඒවා සමහරක් දොළොස්මහේ පහන් ලෙස නම් කෙරින. හිස සුන් තරුණ මළසිරුරක් පාව නොගිය ගගක් රටේ නොවීය. බල්ලන්ට ද කබරයන්ට හා කිඹුලන්ට ද අහාර අහේනියක් නොවිනි. ටයර් සෑ මත බාගෙට පිළිස්සුන මළසිරුරු බල්ලන්ගේ දෛනික ආහාර වේල සරිකරලීය. මෙසේ මිනීමසට ලොල් වූ බල්ලන් රංචු පිටින් පණ ඇති මිනිසුන් පසුපස හඹා ආ පුවත් ද පසු කළෙක අසන්නට ලැබිණි.
                             වධකාගාර හා හමුදා කඳවුරු අසල  අතුරුදහන් වූ දරුවන් සොයා යන දෙමව් පියන්ගේ පෝලිම තව තවත් දිග්ගැස්සිනි. කෙතරම් කන්නලව් කළ ද සිය දරුවන් ඔවුනට නොලැබිණි. සාප කිරීම් වලද  අදෝනාවලද නිමක් නොවීය. කිසා ගෝතමියක් නොමැති ගෙයකින් අබැටක් සොයා ගැනීම අපහසු විය.
                            මේ ’89 වසරේ අගභාගයයි, අරගලයේ නායකයින් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වී හෝ ඝාතනය වී තිබුණි. ඒ අතර රෝහණ විජේවීරයන් ද උපතිස්ස ගමනායක, ආනන්ද ඉඩමේගම, උපාලි ජයවීර,එච්.බී. හේරත් වැනි ප්‍රධාන පෙළේ නායකයන් ද විය. මේ තත්ත්වය තුළ අරගලය පරාජය වන බවට තිසිදු සැකයක් නොවීය. සියළු සබඳතා ගිලිහුන කැරළි කරුවෝ කුඩා කණ්ඩායම් ලෙස තැන තැන හුදකලා සටන්වල නියැලිනි. ඔවුන් ඉතා ආරක්ෂාකාරී ලෙස සැගවී සිටි නිසා අත් අඩංගුවට ගැනීම පහසු නොවීය. එහෙත් මර්දනය සාර්ථක වන්නටනම් ඔවුන්ද  අත්අඩංගුවට ගතයුතුවිය. ඒ සදහා ප්‍රාණ ඇපකරුවන් අත්අඩංගුවට ගැනීමේ තෙවන ක්‍රියාමාර්ගය ද ක්‍රියාවට නැගින.


මතු සම්බන්දයි.........

ප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න. 

152 comments:

  1. බ්ලොග් අවකාශේ වෙනස. මේ සිද්දි සිද්ද වෙද්දී මට වස 4 ක් යාන්තමට මතකයි ගඟේ මිනී පාවෙනවා. අපි නොදත් මේ කතා කියවන්න ගොඩ කාලෙක ඉඳං බලන හිටියේ එහෙනම් ඉතුරු ටිකත් ඉක්මනින්.

    ReplyDelete
    Replies
    1. "89 ට අවුරුදු 4ක්.....
      ඔයා වගේ අයට තමා මේක ලියන්නෙ, හැබැයි අතර මැද වෙනත් දේත් ලියවෙයි.

      Delete
    2. මෙවන් ලිපි පෙලක් මුල ඉදන් බලන්න ලැබීම සතුටක්..

      Delete
  2. අතීතයට ආයෙත්..
    ඒත් මේ ඇහින් බලන එක අලුත් අත්දැකීමක් වෙයි..

    හෙමින් ලියන්න...පුංච් වුනත් කමක් නැහැ.ඔබගේ අත්දැකීම් හැම එකක්ම ලියන්න පුලුවන්නං හොඳයි..

    ReplyDelete
    Replies
    1. මේක පූර්‍ර්විකාවක් විතරයි හෙමිහිට ලියනවා.

      Delete
  3. අයියෙ මට හිතෙනව ඔයා ලියන වේගෙ වැඩී කියල තව ටිකක් හෙමින් යන්න...(දැන් කවුරුවත් පස්සෙන් එලවන්නෙ නැහැනෙ.:D)
    පුංචිකාලෙ ඇහුන හිත කඩාවැටුනු කතා මතක් වෙනව එකින් එක..ආයෙ නම් කවදාවත් එහෙම කාලයක් උදාවෙන්න එපා..!!

    ReplyDelete
    Replies
    1. එලෙව්වත් දැන් ඉතින් අලුතෙන් වෙන්න දෙයක් නෑනෙ.... :)

      මේක හැදින්වීම්ක් විතරයි, ලියන්න යොදා ගත්ත භාෂා ප්‍රයෝගය හින්දයි වේගවත් ගතියක් පෙනෙන්නෙ.

      Delete
  4. මේ කාලේ මට හොඳට මතකයි....89 දි මම 10 වසරේ.....! මගේ සහෘදයන් කීප දෙනෙකුටම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්ද උනා...! මගේ අත්දැකීමත් මම කවදා හරි ලියා තබන්නම්....!

    ReplyDelete
    Replies
    1. අනිවා ලියමු...!

      මොකද මේක, ඉතිහාසයෙන් හිතා මතාම අත්හැරපු පරිඡේදයක්.....

      Delete
  5. ගෝනි බිල්ලන්ට වැඩියෙන්ම හිටියේ ග්‍රාමෝදය නිලධාරීන් නේද? ඒ කියන්නේ 77 රජයෙන් පත් කල තම දේශපාලන හිතවතුන්. මේව කියවද්දි ඇඟේ හිරිගඩු පිපෙනවා. මගේ අත්දැකීම් ටිකත් හෙමිහිට ලියන්නම්. ඔයා ලියද්දී මටත් මතක් වෙයි.
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @දුමී : එහෙනම් අපේ(සුමිත් සහ මම ) පරපුරේ තවත් කෙනෙක් ඉන්නව. හොඳයි-හොඳයි. ඔයත් ලියන්න. සියදෙනෙක් ලිව්වත් එක සමාන සිද්දියක් හොයා ගන්න බැරි වෙනවා.

    ReplyDelete
    Replies
    1. ග්‍රාමෝදය නිලධාරින් තමයි, උන්මනේ ඉතින් ශාඛා සමිතිවල සභාපතිලා වුනෙත්.....
      ඉඩ ලැබෙන විදියට ලියමු.

      ඇයි මහවෙදනා...? තවත් කට්ටිය ඉන්නවා.

      Delete
  6. 1989 ඔක්තෝබර් 06 දා රාත්‍රියේ මට ප්‍රංශ දේශයේදී පුතෙකු උපන්නා.

    ඊට පසු සතියේ මගේ අක්කා ලියා එව්වේ ඒ රාත්‍රියේ කොළඹින් එපිට ගමක තරුණ කොල්ලන් 6-7ක් එකවර ටයර් සැයක දැවුනු හැටි. ඇය ලීවා කවදාවත් ලංකාවට නං ජීවත්වෙන්ට එන්ට හිතන්ට එපා කියා. අසාධාරනය දුටු තැන සටන් කරන ගති ඇති දරුවන්ට රටේ අනාගතයක් නැහැ කියා ඇය ලීවා.

    ඒ වන විට ඇගේ ගමේ හරක් හොරු කෙසෙල් කැන් හොරු හා කසිප්පු වෙළෙන්දන් වෙනත් රැකියා සොයාගනිමින් ජීවන වුර්තිය වෙනස් කර ගනිමින් හිටියෙ. (දැන් ගමේ දේසපාලන රැස්වීම් වලට දායකත්වය කසිප්පු වෙලෙන්දන්ගෙනී)
    මෑත කාලයේ තරුණතරුණියන් මුහුණ දුන් සිද්දියක් තව මාස 4කින් මා ලියන්නම්. ඒකත් යම් විදියක භීශනයක් තමා.

    ReplyDelete
    Replies
    1. අක්කා කිව්ව දේ ඇත්ත, ඒ දවසවල මිනිස්සුන්ට එහෙම නොහිතුනානම් තමයි පුදුමෙ....

      //ඒ වන විට ඇගේ ගමේ හරක් හොරු කෙසෙල් කැන් හොරු හා කසිප්පු වෙළෙන්දන් වෙනත් රැකියා සොයාගනිමින් ජීවන වුර්තිය වෙනස් කර ගනිමින් හිටියෙ.//
      එහෙම තමා "ඒවා" සිද්දවුනෙ...

      (මාස 4ක් ඇයි....? )ඒ කතාවත් ලියන්න.

      Delete
    2. දැන්ම ලිව්වොත් දරුවෙක් පලිගැනීමට ලක්වෙන්ට චාන්ස් එකක් තියෙනවා. ලබන අවුරුද්දෙ ලිව්වොත් වඩා හොඳයි කියා හිතුනා

      Delete
    3. @ඊ මේල් කවිකාරි

      එහෙමනම් කල්බලන එක හොඳයි.

      Delete
  7. ඔය ගෝනි බිල්ලන්වත් දැන් අපේ කට්ටිය චන්දේ දීලා පත්කරගන්නවා

    ReplyDelete
    Replies
    1. අටම්පහුර.
      මොනවද මේ කතා මේ රට දැන් පාලනය කරන අයගෙන් වැඩිපුරම ප්‍රමාණයක් ඒ ගෝනි බිල්ලො තමයි. කියන්නේ භීෂකයා සහ භීෂණයට ලක් වූවන් එකට සිටගෙන වැඩේ දෙන ලස්සන නේ.

      Delete
    2. @ අටම්පහුර
      මිනිස්සුන්ට "බිල්ලා" පෙනෙන්නෙ නෑ. එයාලා බලන්නෙ බෙල්ල, බෙල්ලෙ රැළි තියෙනවනම් වාසනාවන්තයිලු.... ;)

      @ මහවෙදනා

      කැතයි...හිරිකිතයි.....නින්දිතයි.....!!!!!

      Delete
  8. ඔය වගේ අත්දැකීම් කියවද්දි ඒකාලෙ මට නිතර හිතුනෙ ඔය තරම් ම්ලේච්ඡ පොලිස්/හමුදා කාරයො කොහොමද එකපාරට පහලවුනේ කියලා. අනික උන් අද මොනව කරනව ඇතිද කියලා.

    දැන්නං ඒ ප්‍රස්නෙ නෑ මචං.

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ සතා එකාමයි. ආයිත් පාරක් වුවත් ඕක කරන්න එයාලට බැරිකමක් නැහැ. එකම දේ අද ඒ පරිසරය වෙනස්.

      Delete
    2. @ චාමි,
      මම ඊයෙ සර්ච් කරලා බැලුවා ධම්මික බණ්ඩාරගේ "අහෝ මිත්‍රවරුණි" කවිය. ඒත් හොයාගන්න බැරි වුනා. හොයාගත්තනම් මේකට ගානට ටැග් කරන්න තිබුණා.මම හිතන්නෙ උඹ ඒක කියවලා ඇති.

      @ මහවෙදනා

      ඒක හරි.

      Delete
    3. හමුදාව කියන්නෙ සුවිසල් යාන්ත්‍රණයක්. ඒක වෙනම උප සංස්කෘතියක්. එයට අදාල වෙනම නීත්-රීති, වරප්‍රසාද තියනවා සාමාන්‍ය පුරවැසියාට නැති. මේක උන් සහ අපි අතර ප්‍රශ්ණයක් නෙමෙයි. අපේ උන්ම තමා හමුදාවට යන්නෙ, එතනදි අපි , උන් බවට පත් කරවනවා. ඔය pack mentality , නැත්නම් group thinking කියල එකකුත් තියනව නේද?

      විවාදයකින් තොරව මෙය dirty war එකක් කියලා පිළිගන්නවා. වැඩේ දුන්නෙ හමුදාවෙ මහ මොළකාරයොයි. මතකනෙ ඔප්ස්-කම්බයින්, හමුදාවෙ උන්ගෙ මොල් කලන්තෙට කෙල්ලො ගාල් කරපු ටොරින්ටෝවෙ වධකාගාරය. ජවිපෙ නමින් කරවපු හමුදා පවුල් ඝාතන.

      ප්‍රේමදාස "මල් කුමාර" වෙලා පසඟ පිහි‍ටුවා වැඳ, වැඳ පන්සල් ගානෙ යන කොට , රංජන් විජේරත්න අලුගෝසුවගෙ පාට් එක කලා. ඇත්ත අලුගෝසුව කව්ද කියන එක ප්‍රශ්ණයක්. එත් එච්චර විනාසයක් කරලා ‍රැක ගත්ත පදවි එයාලට භුක්ති විඳින්න ලැබුනෙ නෑ. ප්‍රේමදාසගෙ කෑලි අහුලන්න වුනා. රංජන්, ටයර් සෑයෙ ගිය කොල්ලො වගේම රෝස් වෙලා මලා-දිට්ථදම්මවේදනීය කර්මද::))

      මට පුදුම මෙන්න මේකටයි. එහෙම කරපු හමුදාව , උතුරේදි ජිනීවා සම්මුතියට අනුව වැඩ කලා කියලා අපි හිතන එකයි. එහෙම නොහිතුවත්, අපි ඒ ගැන හිතන්නවත් බයයි - ආයෙත් pack mentality ම තමා :)). නැත්නම් "ත්‍රස්තවාදීන් සමඟ යුධ කල යුත්තේ ත්‍රස්තවාදීන් ලෙසයි" කියන න්‍යාය අපි විස්වාස කරන නිසාද?

      Delete
    4. මට කියන්න ඕනෙ උනේ අපේ වෛරයට පාත්‍රවෙන සොල්දාදුව කියන්නෙ මේ ගේම් එකේදි ඉත්තෙක් කියන එක විතරයි. මේ ගැන ප්‍රයෝගික අත්දැකීම් ඇති ඔබගේ අදහස් දැන ගැනීමට කැමතියි.

      අද අපේ සමාජවාදී පක්ෂ සිටින කනගා‍ටුදායක තත්ත්වයත්,සමස්තයක් වශයෙන් ලෝකය පුරා සමාජවාදයේ බිඳවැටීමත් ගැන, ජීවිත පරිත්‍යාගයෙන් ඔබකැපවූ, අවංකවම විස්වාස කල දේශපාලන දහම ගැන අද ඔබ සිතන දේ දැන ගන්න කැමතියි. මෙය විවාදක් නොවන බවත් , වැරදි ඇතොත් හදා ගැනීමට කැමති, අදහස් හුවමාරු කර ගැනීමක් බවත් කරුණාවෙන් සලකන්න.

      Delete
    5. ඇනෝගේ කතාවට සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
    6. ඇනෝලා දෙදෙනාටම එකඟයි. ඔබලා මතු කරන්නේ මගේත් පැණයයි.

      Delete
    7. ඔබ සොල්දාදුවෙක්,ඒ හැර වෙනත් කිසි‍වෙකුත් නොවේ.ඔබ අත රැදි ඇත්තේ අවියකි.ඒ තුළින් ඔබට ලැබෙන විශ්වාසනීයත්වය කෙතරම්දැයි ඔබට වටහාගත හැක.සමහරවිට එය ඔබව වීරයකු බවටද පත්කරනු ඇත.
      ඔබ පිළිපැදිය යුත්තේ අණයි. ඔබට හදුන්වාදෙන "සතුරා" ඔබගේ ද සතුරාය. හේ ඔබගේ ජීවිතයට කිසියම්ම සම්බන්දයක් නැති නිකම්ම නිකන් මිනිසකු විය හැක.ඔබ ඔහු නොහදුනයි, එහෙත් ඒ ඔබේ සතුරාය. ඔබට අවශ්‍යනම් ඔහුව වදබන්ධනයට ලක් කරන්න, ඔබේ කැමැත්තක් වේවා.ඔහු ජීවත්විය යුතුද නැද්ද යන්න තීරණය කරන බලවතා ඔබය.
      ඔබ රෞද්‍රයි, එහෙත් ඔබ රෞද්‍රයැයි කියන්නට කිසිවකුත් නැත, එහෙයින් ඔබ සෞම්‍යයි.
      ඔබ අමානුෂිකයි,එහෙත් ඔබ අමානුෂිකයැයි කියන්නට කිසිවකුත් නැත, එහෙයින් ඔබ මානුෂිකයි.
      ඔබ ම්ලේච්ඡයි, එහෙත් ඔබ ම්ලේච්ඡයැයි කියන්නට කිසිවකුත් නැත, එහෙයින් ඔබ ශිෂ්ටයි... ඔබ අද්විතීයයි, අනභිබවනීයයි......

      සාමාන්‍යයෙන් සොල්දාදුවෙක්ගෙ මොළ සේදෙනවා ඇත්තෙ මේ විදියටයි කියලා මම හිතනවා.

      Delete
    8. @ඇනෝ July 21, 2012 8:05 AM,

      මම දැන් "සමාජවාදය" විශ්වාස කරන්නෙ නෑ.

      සමාජවාදය ලෝකයේ කොහේහරි, කවදාහරි තිබුනෙත් නෑ - කවදාහරි කොහේදිහරි ඇතිකරන්නත් බෑ.
      සමාජවාදයයි - මනෝරාජික සමාජවාදයයි කියලා දෙකක් නෑ. සමාජවාදය එහි හරයෙන්ම මනෝරාජිකයි.

      මේක බරපතල ප්‍රකාශයක් කියලා මම දන්නවා. ඒත් ප්‍රාමාණික දැනුමක් ඇත්තන්ට මේ ගැන බොහෝ දේ සාකච්ඡාකළ හැකියි.

      Delete
    9. සොල්දාදුවාගේ ආචාර-ධර්ම පදිධතිය නං යස අගේට තේරුනා :)

      දෙවනි එකනං ටිකක් දිරව ගන්ට අමාරුයි.
      මම නං තවමත් ප්‍රජාතන්ත්‍රවාදය වගේම "සමාජවාදයත්" විශ්වාස කරනවා. තුවක්කුවෙන් සදාකාලික බලයට පත් වී පාලක සහෝදරවරු, හුදී ජනයාවෙනුවෙන් තීරණ ගන්නා "සමාජවාදය" නං නෙමෙයි.

      1930 වල මහා අවපාතයෙන් කඩාවැටිමට ගිය ධනවාදය බේරාගත්තේ සමාජවාදී ප්‍රතිපත්ති වලින් එයට මුක්කු ගහලා බව මා අසා තිබෙනවා. අද තියෙන්නේ මාක්ස්ගෙ කාලෙ තිබ්බ ධනවාදය නෙමෙයි. සමහර විට " සමාජවාදයට මාවත වැටී ඇත්තේ ධනවාදය තුලින්මය" කියන කතාව හරි වෙන්න ඇති.

      අපි මේක හෙමීට සකච්චා කරමු. කියන තැනකට වඳිඤ්ඤං , "ප්‍රාමාණික දැනුමක් ඇත්තන්ට" කියල නං කියන්ට එපා. අපි වගේ හුදී ජනයාටත් තේරෙන විදිහටම ලියන්ට

      Delete
  9. මටත් හිතුනේ තව ටිකක් හිමිහිට කතාව කීවොත් හොඳයි කියලා. ඔයා ඉක්මනට ලොකු කාලයක් එක හුස්මට ලියලා තියනවා. හැඳින්වීමක් හන්දද? ඔබේ කතාව මීට වඩා හිමින් කියාගන යෑමට බලාපොරොත්තුවෙනවාද?

    රසවත් කතාවක් ඉක්මනින් ඉවර කරයි කියලා බයේ එහෙම ඇහුවේ.:D

    ReplyDelete
    Replies
    1. මමත් හිතනවා මේ කතාව බොහොම නිස්කලංකව කියවිය යුතුයි කියා. එ ගැනත් හිතන්න සුමිත්.

      Delete
    2. @ පොඩ්ඩි - මහවෙදනා,

      අපේ පැත්තෙ මහත්මයෙක් වාර්ෂික චාරිකාවක් සංවිධානය කරනවා. එතුමා, ගමන පිටත්වෙන්න කලින් නැරඹුම් ස්ථාන - ඒ ඒ තැන්වලදි ගතකරන කාලය - ගමන්මාර්ගයේ සිතියම - පිළිපැදිය යුතු පිළිවෙත් ආදිය ඇතුලත් කුඩා පොත් පිංචක් උදේ බස්එකේදි හැමෝටම බෙදනවා.
      හැබැයි ඒකෙ ගමන ගැන විස්තර තිබුණට "ගමන" නෑ.... :)

      මේක පෙර හැදින්වීමක් විතරයි.

      Delete
    3. @ පොඩ්ඩි //රසවත් කතාවක්//?????

      Delete
    4. කවිකාරි මෙතන මොනවා හිතුවද දන්නේ නෑ.

      'රසවත්' කියන්නේ 'විනෝදාත්මක' කියන අදහසින් නෙමේ. රසය විවිධයි. 'දුක' කියන්නෙත් රසයක්. 'පිළිකුල' 'භීතිය' ඔය හැම එකක්ම එකිනෙකට වෙනස් රසවල්. ඔය 'විරහ ගී' වගේ දේවල් ඔය තරම් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මිනිස්සු ශෝක රසයට කැමති නිසා.

      Delete
  10. Replies
    1. සුමිත් ඔබ මගේ සිතේ අඩියෙම තැන්පත් කර තිබූ මතකය අවුස්සනවා. මේ කතාව කීමට සිටින හොදම කෙනා ඔබ. මට එහෙම හිතෙන්නේ ඔබ මේ භීෂණයේම ගොදුරක් බව මම දන්න නිසා.

      ඔබේ කතාවේ ජීව ගුණයට හානියක් නොවෙන්න මෙතැනම හෝ මගේ අඩවියේ මම දන්න දේත් කියන්නම්. බ්ලොග් අවකාශයේ එක් අයෙකුට මම ඒ සියල්ලම පවසා තිබෙනවා.

      මේ කතාව ලිවීමේදී ඔබට අවශ්‍ය ඕනෑම උපකාරයක් මා ඉටු කරන්නම්.

      එදා වගේම අදත් මා ඔබ සමග සිටිනවා.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++

      Delete
    3. අපේ ජීවිත ගත්තම මකා දැමිය නොහැකි කැළලක් ඉතිරිවෙලා තියෙනවා.
      ඒක ඉතිහාසය ගත්තම පරි‍ච්ඡේදයක්...!

      මේ ගැන ඌනපූරණ එක් කළ හැකි සුුසුම කෙනා ඔබයි කියලා මට හිතෙනවා. ඒ යුතුකම ඔබ ඉටුකරන්න.

      ඉදිරියේදි උපකාර අවශ්‍යය වෙයි....
      බොහොම ස්තූතියි...!

      Delete
  11. මට මතකයි මම පුංචි කාලේ අපේ ගමේ හිටිය අය්යලා ඒක පාරම අතුරු දහන්වෙන්න ගත්තා .. අපි හවස 6.00 වෙනකොට ගෙවල් වල දොරවල් වහගෙන ඇතුලට වෙනවා..හමුදා අධුම් ඇදගත්තු අය හිටිගමන් ගෙවල් වට කරලා පරික්ෂා කරනවා අපේ ගෙදරත් දවසක් පරික්ෂා කළා ,මතක් වෙනකොටත් හරි බය හිතෙන කාලයක් ,,, ගමේ හිටිය තරුණ අය ඒක එක්කෙනා අතුරු දහන් වෙන්න අරගෙන ටික දවසකට පස්සේ හන්දියේ ටයර් සැයක සතියකට 1 ගානේ වගේ මිනී පිච්චිලා තිබුනා .. එත් ඒ අපේ ගමේ අයමද කියලනම් හොයන්න බැරි උනා ඒ තරමටම කරකුට්ටන් උනු මිනී ... ඒ දවස්වල අපේ ගෙවල්වල බල්ලන්වත් අපි ගැටගහලා තිබුනේ මොකද නැත්නම් උන් ගිහින් මිනිමස් කැලි අරගෙන එනවා...මිනිස් ජිවිත බල්ලෝ බළල්ලු තරමටවත් වටින්නේ නැති උන යුගයක් ...

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙකුගේ අත්දැකීම් එක වගෙයි බැලුවම. පොඩි ළමයි විදියටයි භිෂණය අත්දැකලා තියෙන්නෙ, එක අතකින් ඒක හොදයි.

      Delete
  12. එළියකන්ද වද කඳවුර මතක් වුනා මට :(

    ReplyDelete
    Replies
    1. රෝහිතත් ඉතින් ඒ කට්ට කාපු කෙනෙක්නෙ....

      Delete
    2. @ සුමිත් .. රෝහිත කියන්නේ කව්ද?

      Delete
    3. @ අසරණයා

      "එළියකන්ද වදකඳවුර" ලියපු ලේකකයා (රෝහිත මුණසිංහ)

      Delete
  13. ශ්‍රී.ල.නි.ප ක්‍රියාකාරීන් ඔන්න ඔය ගොදුර ඇතුලේ මාගේ පියාත් සිටියා එකල මා කුඩා ළමයෙක් නමුත් මාගේ මතකය ශක්තිමත් මාගේ නංගී බිළිඳියක් ඇයත් කරපින්නාගේන එකළ අප රැය ගතකලේ තැන් තැන්වල කෙසේ හො මපියාගේ දිවි ගැලවුනා නමුත් ඔහුගේ සමකාලින මිතුරකුගේ සොහොයුරා අදටත් අතුරුදන් ඒ කියන්නේ මරාදාලා ඔබ දන්නවා මා ලියන කතාව තරමක් දුරට ඔබ කියනා කාලය හා සම්බන්ද බවත් ප්‍රහාරය දිගටම දියත් කරන්න අප ඉදිරි පෙළ වලල්ලේ සීරුවෙන් ජය

    ReplyDelete
    Replies
    1. මගේ ඥාති සහෝදරයෙකුත් ඒ විදියට මරා දැම්මා. ඔහු ශ්‍රී.ල.නි.ප ශාඛා සමිතියේ ලේකම්. වඩාත් නරක දේ නම් ඔහුව හමුදාවට පාවාදුන්නෙ ඔහුගේ හොදම යාළුවා වුන එ.ජා.ප පාක්ෂිකයෙක් වීමයි.

      Delete
  14. මටත් ඔය සිද්ධි යාන්තමින් වගේ මතකයි. මට මේක කියවපුවම මතක් වුනේ දියත පත්තරේ ගිය ඔය වගේ කතා.. මේකෙ වැදගත්කම සහභාගී වූවෙකුගෙම අත්දැකීම් වීමයි.

    පොඩ්ඩි කිව්වා වගේ තව ටිකක සවිස්තරව මුල සිට සරල ලිව්වනම් හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. දියතෙ මේ ගැන ලියන ප්‍රසන්න සංජීව තෙන්නකෝන් වධකාගාර අත්දැකීම් තියෙන කෙනෙක්. ඔහුගේ එදවස නම පිටිපන ගුණසිරි හිමි.

      Delete
    2. ප්‍රසන්න ගැන කතාව මෙහෙමයි. ඔහුව මුලින්ම මේ සිද්ධියට ඈදෙන කොට ඔහු ගිහි. නමුත් වැල්ලවත්තේ වදකාගාරයේ (තවත් සුප්‍රසිද්ධ අයෙක් සමග ඔහුව එකට දාල වද දුන්නා. ) කොහොම හරි යුධ හමුදා නිළධාරියෙක් වුණු ඔහුගේ සහෝදරයෙක් ඔහුව මරන්න වගේ පැහැරගෙන ගියා කඳවුරෙනුත්. ඒ විදියට බේරා ගත්තු ප්‍රසන්නව තව දුරටත් ගිහිව තබා ගැනීම නුවණට හුරු නොවුනු නිසා මහණ කළා. අද හොදින් ඉන්නවා. ඔහුගේ වර්ථමාන කියැවීමත් අපි කාගෙත් වගේම වෙනස්.
      හැබැයි ඔහු නිසා විශාල සේවයක් වුනා. මේ කතාව ඉදිරියට යන විට ඒ ගැන කියවෙන තැනක් එනවා මම එතැනදි ඒ ගැන ලියන්නම්.

      Delete
  15. සුමිත් අයියේ.. මමත් කාලයක් ඇන්.ජී.ඕ. ආයතනයකට සම්බන්ධ වෙලා ඔය කාලෙ ගැන පොඩි පොඩි දේවල් ටිකක් අහල තියෙනවා..
    ඒත් මේ වගේ සංවාදයට විවෘතව නෙවෙයි.. කිව්ව දේ අපි ඇහැව්වා.. එච්චරයි.. අපි කැමතියි මේ සිදුවීම් වල මුල ඉදලම පටන් ගන්නවා නං.. මේක ඇතිවෙන්න හේතු.. ඒ කාලේ පාලනාධිකාරිය ගත්තු තීරණ.. ඒවායේ හරි වැරැද්ද වගේ දේවලුත් එක්කම මේක ගලාගෙන ගියොත් හොදයි කියලයි මං හිතන්නේ...
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. දෙවන අදියරේදි තමයි ඒ ගැන සාකච්ඡා කරන්න වෙන්නෙ. මුලින්ම මං වින්ද කරදර ගැන පොඩි හැදින්වීමක් කරන්න වෙනවා.

      ස්තූතියි....!!!

      Delete
    2. //. අපි කැමතියි මේ සිදුවීම් වල මුල ඉදලම පටන් ගන්නවා නං.. මේක ඇතිවෙන්න හේතු.. ඒ කාලේ පාලනාධිකාරිය ගත්තු තීරණ.. ඒවායේ හරි වැරැද්ද වගේ දේවලුත් එක්කම මේක ගලාගෙන ගියොත් හොදයි කියලයි මං හිතන්නේ...//

      +++++++++++++++++++++++ :))

      Delete
  16. මට මතකයි ගොඩක් දේවල්. මගේ අත්තට වෙඩි තියලා මරා දාපු දවස, වගේම එතනට ඇවිත් දොරට කතා කරපු එකාගේ මුණ පවා. කොළපාට තොප්පියක් ඔලුවේ දාගෙන තුවක්කුවක් අතින් අරගෙන කළු කලිසමට අළුපාට කමිසේ ඇඳපු රබර් සෙරෙප්පු දාගෙන ආපු තලෙළු රැවුලා... මට මතකයි.

    මට මතකයි වෙඩි සද්ද දෙකක් ඇහෙනවා.. රෑ අටහමාරට විතර.. අපේ අම්මා කෑගහලා අඩනවා.. ගෙදරින් යන්න කලින් එකෙක්වත් කෑගහුවොත් ගෙට ගිනිතියලා තොපි සේරම මරනවා කියලා කියපු තර්ජනය..

    මට මතක අපේ අත්තම්මා වැටේ පඳුරු අස්සේ හැංගිලා ජෙප්පෝ කළු කොඩි දාපියව් කියද්දී කළු කොඩි දානවා.. ආයෙම "සුදු කොඩි දාපියව්! තොපේ මොකාද මැරුණේ? සුදු කොඩි දාපියව්" කියලා හමුදාව කියද්දී ආයෙම වැටේ හැංගිලා කළු කොඩිය සුදු කොඩියකින් මාරු කරනවා.. හරියට කෝච්චි ගාඩ් කෙනෙක් වගේ මර අව්වේ ඔසරි පොටින් හිස වසාන..

    මට මතකයි අපේ අප්පච්චි ටවුමේ ජෙප්පෝ රැස්වීමක් තියලා ඔක්කොම පිරිමි වරෙව් කිව්ව වෙලේ එතනට ගිහින් ඉද්දි, හමුදාවෙන් වෙඩි තිබ්බාම සරම පිටින් ඇලක් දිගේ දුවලා බෝක්කුවක ඉඳලා ජීවිතේ බේරාගත්තා.. එදා ඒ රැස්වීමට එන්න පිරිමි නැතුව ආපු ගෑනියෙක් මරාපියව් අපිව.. මරාපියව්.. මරාගෙන කාපියව් කියකියා හමුදාව දිහාට ඇවිදන් ගිය හැටි.. තොපි දෙපැත්තෙන්ම අපිව කන්න එන්නේ මරාපියව්.. ඒ ඇගේ අන්තිම වචන වෙන්න ඇති..

    මට මතකයි බුම් බුම් බුම් සද්දෙන් වෙඩි තියාගෙන ගිය ආමඩ් කාර්.. මට මතකයි ඔලුව නැතිව තිබ්බ මල මිනි.. මට මතකයි මම මොන්ටිසෝරි ගිහින් එද්දී තිබ්බ බාගෙට පිච්චුන කොල්ලෙක්ගේ මිනිය.. කකුල් කෑල්ල එක්ක ඔළුවයි පපුවේ කොටසයි පාර මැද්දේ දුම් දානවා.. පලාතම මිනී ගඳයි..

    මට මේ සේරෝම අද වගේම මතකයි.. ඒත් ඒ වෙද්දී මම අවුරුදු පහක හයක පොඩි එකෙක්..

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබේ පවුලේ අයටත් විඳින්නට වූ කරදර ගැන කණගාටුයි, දෙපාර්ශවයෙන්ම පීඩාවට ලක්වීම වඩාත් නරකයි.

      අදහස් දැක්වීම ගැන ස්තූතියි.....!!!

      Delete
    2. අද අපේ සමාජවාදී පෙරමුණ ඉන්නා තත්ත්වයත්, ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මකවු ඒකාධිපතිවාදයට වඩාත් සමීපවූ සමාජවාදත් ගැන බැලුවාම, ජවිපෙ බලයට ආවානම් අපි කොහෙන් නවතීවි දැයි සැකයි. මට මතක් වෙනවා , කියුබානු විප්ලවයෙන් පස්සෙ "චේ ගුවේරා", විප්ලවයේ සතුරන් ලෙස නම්කල කියුබානු ඉඩම්හිමි ධනවතුන්ව මැරුවයි කියන හැටි. රටට අහිමි වූ අවංක පසුපෙල සටන්කාමී , එදා තරුණ පරපුර ගැන අවංකවම කනගා‍ටු වෙනවා. මේ අර්බුධයේම ගොදුරක් වූ ඔබට අපකෂපාතීවීමට අමාරු වෙයි. ඒත් දැං අත්දැකීම් වලින් පිරුණු, පරිණතවු දැණුමක් ඇති නිසා, හැකි පමණ මධ්‍යස්ථ වීමට උත්සාහ ගන්න. ජය!

      Delete
    3. ඇනෝ,
      ඔබ මතු කරලා තියෙන්නෙ ටිකක් බැරෑරුම්ව සාකච්ඡා කළයුතු මාතෘකාවක්, ඒත් මේ මොහොත ඊට ඉක්මන් වැඩියි කියලයි හිතෙන්නෙ (මම කියන්නෙ බ්ලොග් එක ගැන සලකලා) පසුව ඒ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා.

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...!

      Delete
    4. එකඟයි:) මම ඉක්මන් වැඩි තමා.
      ඔබ ඔබගේ කතාව කියන්න. අපි හෙමින් යමු

      Delete
    5. ක්සැන්ඩර් ට වෙච්ච දේවල් ගැන ඇත්තටම මට කණගාටුයි...

      Delete
  17. ආවේගය කියන එක...එක හරියටම දැනෙන්නේ දෙයක් අහිමි වෙච්ච කෙනාට...අසරණයා , ක්සැන්ඩර් | Xander ලට සමාන කතාවක් සමාන මතකයක් මගේ ලඟත් තියනවා.සැකපිට හමුදාව විසින් පහර ගෙන ගිය තාත්තව හොයන් ආතම්මල අම්මල එක්ක හිර කඳවුරක් හිර කඳවුරක් ගානේ ගිය මට.ප්‍රශ්න වැඩියම ඇවිලුන මාතර වගේ පැත්තක ගඟ අයිනේ තිබුන සර්වෝදයේ දිවා සුරැකුම් ආයතනයේ දවල් වරුවම ගෙවපු මට.තියන ආවේගය.සුමිත් අය්යේ මම නම් කියන්නේ ඔය ලියන ක්‍රමේට ඒකට ලියන්න.කාගේවත් හිත සන්තෝස කරන්න නෙවෙයි.ආවේගය විසින් බිහිකරන නිර්මාණ කවදාවත් මැකෙන්නේ නෑ.
    මම නම් කියන්නේ මුළු කතාවම නෙවෙයි , ඒ කතාවේ අපි නොදන්නා කවදාවත් එලි නොවෙච්ච කොටස නිදහසේ ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබ හා එකගයි...

      ඉදිරියේදි ලියැවෙන්නෙ ඒ කතා තමයි.

      Delete
  18. මේ දේවල් මටත් හොඳටම මතකයි. ලැබුන අත්දැකීම් ප්‍රමාණාත්මකව වැඩියි. හේතුව හමුදාව ගමට එනකොට කැරලිකරුවන් දුවන පාර වැටිල තිබුනෙ අපේ මිදුලෙන්.

    1.අපේ පැත්තෙ අත්අඩංගුවට ගැනීම් 99%ක්ම සිදුවුනේ ගමේ එජාප පාක්ෂිකයන් සහ ජේවීපී විරෝධීන්ගේ ලයිස්තු වලින්.
    2.ගෝනි බිල්ල උනේ 99%ක්ම අල්ලාගන්නා ලද කැරලිකරුවෙක්.

    ඒත් කියන්න දෙයක් තියනව. කවදාවත් පෞද්ගලික කෝන්තර නිසා බිල්ලෙක් අල්ලගත්තෙ නෑ. අදටත් මට පුදුමයි මේ කාරණය ගැන.

    සාධාරණීකරනය කරන්න බැරි දේවල් මේ කාලයේ දෙගොල්ල අතින්ම සිදුවුනා. ඒත් දොස් කියල වැඩක් නෑ. මොකද යුද්ධ කරනවිට සහ ප්‍රේම කරනවිට නීතියට අනුව කරන්න බෑනේ. මේ දේවල් ඇතිවෙන්න හේතු සා‍ධක නම් විමසන්න ඕන.

    ReplyDelete
    Replies
    1. රාජ්ගේ කියැවීම හරියටම හරි,

      ඇත්තටම කියනවනම් මටත් සෑහෙන්න විවේචන තියෙනවා දැන්, ඒත් ඒවා කාලයට සාපේක්ෂයි.

      Delete
  19. 88 දි මට අවුරුදු තුනයි.. මේ දේවල් මං දන්නෑ හරියට.. බලමු අයියා ලියයිනේ.. එතකොට කියවන්නං....

    ReplyDelete
    Replies
    1. ඔව්... දිගටම අප හා රැඳී සිටින්න...... :)

      Delete
  20. මම දැකලනම් නැහැ.. ඒත් තාත්ත කියලා තියෙනවා බොල්ගොඩ පාලම උඩ පෝලිමට බෙල්ල නැති මල කඳන් වාඩි කරවලා තිබුනා කියලා...

    ReplyDelete
    Replies
    1. හැම ගඟක්ම සාක්කියි......!!!!

      Delete
  21. අඳුරු යුගයක්. ඒ දවස් ගැන මටත් ලොකු මතකයක් නෑ. පස්සෙ කාලෙ කියවපුවගෙන් තමා මමත් ඒ කාලෙ රටේ වුන දේවල් දැන ගත්තෙ. අපේ මොන්ටිසෝරියත් හිටී ගමන් සතිගණන් නිවාඩු. අනික අපි අපේ ගෙදර ඉන්නෙ නැතුව නිතරම වගේ ආත්තම්මලගෙ ගෙදර හිටියෙ. වෙන දේ ගැන ගැඟීමක් තිබුණෙ නැති නිසා අපි කෙලි සෙල්ලමෙන් ගතකළා. ඒත් හැමදාම රේඩියෝ එකේ ප්‍රවෘත්ති යනකොට වැඩිහිටි අය ඒක ළඟට වෙල මූණ හපුළු කරන් ප්‍රවෘත්ති අහන හැටි මතකයි. තව ඝනකම් බෙඩ් සීට්වලින් කවර් කරල මැද සාලෙ විතරක් රෑට ලයිට් එකක් දාගෙන කාල බීල දවාලියෙන් අපිව නිදා ගන්න යැව්ව හැටි ගැන මතකයි. අපේ ජීවිත ඒ විදියට ගලාගෙන යද්දි තවත් පිරිසක් කොයි තරම් දුක්ගින්දරක් ඒ අවධියෙදි විඳලද කියල පස්සෙ කාලෙ දැනගත්තහම මම කම්පාවුන හැටිත් මට මතකයි. ඉතිං ඒ අඳුරු අත්දැකීම් ලබපු සුමිත් අයියගෙ කතාවත් කියවන්න මම බලං ඉන්නව.

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මිනිස්සු ඇහුවෙ BBC යි, වෙරිටාස් එකයි. ගුවන්විදුලිය ගැන විශ්වාසයක් තිබුණෙ නෑ.

      Delete
  22. ඔබේ ලියමනේ ඒක පාර්ශවික ගතියක් ඇති බව දැනේ.එවක රජය සහ මහජන පක්ෂයේ මරුවන් විසින් විශාල මිනිස් සංහාරයක් කළාසේම දේශප්‍රේමී ජනතා වියාපාරය මගින් කල මිනිස් ඝාතන සම්බන්දවද ඔබ විසින් සඳහන් කලානම් හොඳ බව කියමි.මා නම් මේ සියල්ල අත් දකින ලදී.ගෝනි බිල්ලන් ඉදිරියේ ගමන් කිරීමේ වාසනාව කීප විටකම මට අත් විදින්නට සිදුවිය.එසේම නිවස ඉදිරිපිට වෑන් රථයක් නතරකල හැමවිටම පලායන්නට සුදානම් වී සිටි හැටිද මතකය.එසේම දේශප්‍රේමින් විසින් දැලි පිහිවලින් කටවල් කැපූ ගමේ අහිංසක කසිප්පු කාරයන්ද දුටිමි.ඔවුන්කළ වරද වුවේ හොර මත් පැන් බීම සහ විකිණීමය.එසේම නිල නොවන ඇඳිරි නීති කාලයේදී තම කඩයේ වෙලදාම් කල වරදට තම හිස වැටකනුවක සවිකර ගැනීමට සිදුවූ වෙළෙන්දන්ද දුටිමි.එවක ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් වූ අප නම් දෙපාර්ශ්වයේම භීෂණයේ ගොදුරු වූ බව කිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මෙහි ඒක පාර්ශවික ගතියක් ඔබට පෙනෙනවනම් එහි කිසිදු වරදක් නැත. මා එක් පාර්ශවයක් විසින් පෙලීමකට ලක්වූ අයෙකු නිසා එසේ නොවුවහොත් තමයි පුදුම විය යුත්තේ. එහෙත් හැකි පමණ මධ්‍යස්ථ වීමට උත්සාහ දරා ඇත්තෙමි. ඒ වගේම මෙය ලියවෙන්නේ කාලයට සාපේක්ෂව බවත් කිව යුතුයි. එදා සිදුවීම් පිළිබද අද දවසේ මගේ කියැවීම මීට වඩා බෙහෙවින්ම වෙනස්ය., එය ඔබේ කියැවීමට සමපාත වීමට ද ඉඩ ඇත.

      අදහස් දැක්වීම ගැන සතුටුයි....ස්තූතියි...!!!

      Delete
  23. අසන්නට අකමැති කතාවක් . දැක්ක දුටුව දේ අපමණයි. මෙව්වා කියවන්නවත් අපි ඉතුරු වුන එක මදැයි . දවසක හිතක් ආවොත් මා දුටු දේත් ලියා තබන්නම් . අපි උන්නේ බටලන්ද කිට්ටුව .

    ReplyDelete
    Replies
    1. ඔඃ විලාප ඇහෙන මානයේ.....

      ඉඩක් ලැබුනොත් ඒ ගැනත් ලියන්න.

      Delete
  24. මම මේ වෙද්දි ඉපදිලා නෑ... නමුත් මේ පිළිබඳ කතා සෑහෙන්න මම අහලා තියෙනවා.මොකද මගේ මාමා කෙනෙක් වෙච්චි ජවිපෙ ප්‍රාදේශීය නායකයෙක් බූස්ස සිරකඳවුරේ ඉඳලා ජීවිතේ බේරගෙන ඇවිත් හිටියේ අපේ ගෙදර...

    අපේ තාත්තා රජයේ නිලධාරියෙක් නිසාත් හමුදා නිලධාරින් පොලිස් නිලධරින් එක්ක තිබුනු දැන හැඳුනුම්කම නිසාත් තමයි අපේ මාමව බේරගන්න පුළුවන් වෙලා තියෙන්නේ.... මාමා කියපු විදියට එයාට වද දීලා මරන්න කියලා ඕඩර් එක ආපු වෙලාවෙම තමයි නිදහස් කරන්න කියලත් ඕඩර් එක ඇවිත් තියෙන්නේ....

    මේ භීෂණ නිසා ඒ මාමාගේ පුතාලා දුවලා තාමත් දුක් විඳිනවා.හරිහැටි ඉගෙන ගන්න නොලැබීම නිසා තාමත් මේවා කලවුන්ට ශාප කරනවා...

    මේ ලියන විදියට හිතේ රූප මැවෙනවා කවදාවත් ඒවා අත්විඳලා නැතත්.සුපිරි ගනයේ කතාවක් වේවි මේක.මම නම් දිගටම රැඳිලා ඉන්නවා... හැකි හැමදෙයක්ම මේ පිළිබඳව හොයන්නත් පුළුවන් වේවි...

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ උන්න්දුව ගැන සතුටුයි.
      ඉඩ ලැබෙන ලැබෙන විදියට ඔයාලා වෙනුවෙන් ලියනවා.

      බොහොම ස්තූතියි දීර්ඝ කොමෙන්ටුවට.

      Delete
  25. අහලා කියවලා තියන ඉතිහාසයක්. කොයි තරම් අකමැත්තෙන් වුණත් මම මේවා කියවනවා, අපේ රටේ මෙහෙමත් වුණා නේද කියල දැනගන්න ඕනා නිසා.
    ලංකාදීපෙ දියත අතිරේකෙ තියන එක හැමදාම කියවනවා. කොහොමද මෙහෙම වුණේ රටකට?

    ReplyDelete
  26. කොහොමද මෙහෙම වුනේ....?

    ඒකත් ලියන්න වෙනවා පහුවෙලා හරි.

    ReplyDelete
  27. අනේ අපි ඉපදිලත් නැහැ ඔය කාලේ :) :)

    ReplyDelete
  28. ඔබේ හෙඩර් එකේ තියන ටයිට්ල් එකට මම හරි කැමතියි සහෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අවුරුදු 23ක්නෙ,

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.....!!!!

      Delete
  29. ජවිපෙ ත්‍රස්තවාදීන් අතින් මගේ ඥාතියකුත් ඝාතනයට ලක් වුණා. ඔහු කළ වරද නීතියට අනුව රාජකාරිය කිරීම. ජවිපෙ ත්‍රස්තවාදීන්ගේ ඝාතන හෙළිවීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට......

      Delete
  30. මුලින්ම සුබ පැතුම්
    මේ කවුරුන් හෝ විසින් ඇරඹිය යුතුව තිබු කතාවක් . දැනට අවුරුදු 23 කට පෙර තිබුන තත්වය බොහෝ දෙනාට අමතකයි . ගෝනි බිල්ලොත් ගොදුරත් දෙගොල්ලොම අද එකම ලැයිස්තුවෙන් චන්දය ඉල්ලනවා .
    බොහෝ දෙන මේ කල වකවානුව ගැන ලියනවා ඒත් ඒ වෙනත් අරමුණු උදෙසා. මේ කාලය ගැන කතා අද හොදට market වෙනවා ඒත් ඇත්තටම මේ කලේ ජීවත් වෙච්ච සංවේදී තාරුණ්‍යය තමයි ඒ ගැන කතාකරන්නට නියම සුදුස්සෝ . අද ඔවුන් වියපත් විවේක බුද්ධියෙන් ලිවිය හැකියි . මේ ලියමනෙන් තවත් දෙයක් වියයුතුයි . ඒ තමයි යලිත් වරක් එවැනි විනාශයක් සිදුවීම වැලැක්වීම. පුද්ගලිකව තාත්තල නැතිවුන දරුවන් සහ දරුවන් නැතිවුණ දෙමව්පියන්ගේ කතාවට වඩා (ඔවුන්ට මදි පුංචි කමක් කරනවා නොවෙයි , ඔවුන් ගේ දුක විකුණා බලයට ආපු අයත් දැන් බැහැල ගිහින් ) අනාගත පරපුර අහිමි කල රටට වුනු පාඩුව ගැනත් කතා කල යුතුයි .
    එම කාල වකවානුව තුල දෙපැත්තෙන්ම මියගියේ අවංකව තමන්ගේ මතය වෙනුවෙන් පෙනී හිටපු තාරුණ්‍යය එහෙම නැතිනම් අවංකවම නායකත්වය අදහපු තාරුණ්‍යය . අද වෙනකොට පොරවල් වෙලා ඉන්න ගස් නැති රටේ එඬරු ගස් මහා නුග ගස් වගේ වැජඹෙන්නේ ඔන්න ඔය රික්තය ඇතුලේ . ඒ කාලේ අතුරුදහන් කරනු ලැබූ හිතහොඳ උගත් මිනිසුන් සිටියානම් අද මේ රටේ දේශපාලනය වෙනස් මගක යන්න තිබුන. මෙන්න මේ කාරණාව ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ
    මේ වගේ පසුබිමක තමා සුමිත් ගේ ප්‍රහාරය වැදගත් වෙන්නේ
    හදවතින්ම සුබ පතනවා .
    මෙවැනි කාරණාවක් කිසිලෙසකත් මද්‍යස්තව ලියන්න පුළුවන් කමක් නැහැ . ඉදිරියේදී අපිටත් එකඟ නොවියහැකි තැන තිබෙන්නට පුළුවන් ඒත් මට කියන්නට තිබෙන්නේ ඔබේ හිතට එකඟව ලියන්න කියලයි.

    ReplyDelete
    Replies
    1. මගේ උත්සාහය හොදින් තේරුම්ගෙන ලියවුනු හොදම කොමෙන්ටුවක්,

      බොහොම ස්තූතියි ඔබට.....!!!

      Delete
  31. කතාව කියවමින් ඉන්නේ.... මමත් 89 දරුවෙක්

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි, අපිට කතාකරන්න දේවල් තියෙනවා.

      Delete
  32. ඇත්තටම මේ අත්දැකීම සත්‍ය ලෙසින්ම විඳදරාගෙන (බූස්ස සිරකඳවුරේ පවා දුක් විදිමින්) ජීවිතයට මුහුණ දෙන ඔබ වගේ පුද්ගලයෙක්ගෙන් මෙහෙම කතාව දැනගන්න ලැබීමත් එක අයුරකින් භාග්‍යයක්..

    එසේම කැරලිකරුවන් විසින් රටේ විවිධ පාල ප්‍රදේශ සිය බලය යටතට ගත්තත් ඒවා පාලනය කිරීම පිළිබඳව නිශ්චිත යාන්ත්‍රණයක් තිබී නැති බවත් එසේ යාන්ත්‍රණය ඛණ්ඩණයට කැරලිකරුවන්නේ ප්‍රධාන හිස්ගෙඩි හැසිරුණ ආකාරයත් බලපා තිබුණා යන්න මා අසා තිබුණා.කෙසේ වෙතත් ඒ අතින් එය 71 කැරැල්ලට සමාන වුනත් එයට වඩා වැඩියමක් කල කැරැල්ලක් වුනා

    ReplyDelete
    Replies
    1. "පාලනය" ගැන අදහසක් සන්නද්ධ අරගලය තුලදි තියා, වඩාත් නිදහසේ තීරණ ගන්න පුළුවන් පාර්ලිමේන්තු ක්‍රමය තුලවත් ජ.වි.පෙ ට නෑ.එහෙම පැහැදිළි අදහසක් තිබුණනම් මේ මොහොතේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වෙන්නෙ එ.ජා.ප ය නෙවෙයි ජ.වි.පෙ යි.

      සාකච්ඡාවට ගතයුතු හොඳ මාතෘකාවක් ඔයා මතුකළේ.

      Delete
    2. සුමිත්ගෙ, වර්තමාන දේශපාලන මතිමතාන්තර වෙනස් කියලා හිතුනා මේ කමෙන්ට් එක දැක්කම.

      Delete
    3. සෙන්නා,
      July 21, 2012 8:05 AM ඇනෝට දීල තියෙන Reply එක බලන්න.

      Delete
    4. ඔබ ඇනෝට දීපු පිළිතුර බොහොම යථාර්තවාදී නිවැරදි පිළිතුරක්.. සමාජවාදය කියන්නෙ මේ ලෝකෙ පවතින ස්වාභාවිකත්වයට නොගැලපෙන අස්වාභාවික ක්‍රමයක් කියලා තමා මටත් හිතෙන්නෙ. මේ ලෝකෙ හැදිලා තියෙන්නෙ උත්සහවන්තයාට, ශක්තිවන්තයට, ධෛර්යය ඇත්තාට ජය ගත හැකි පරිධි. සමාජවාදය මම හිතන්නෙ ඒ ස්වාභාවික තත්ත්වයට විරුද්ධ සංසිද්ධියක් කියලා.

      Delete
  33. 89 මට අවුරුදු හතයි. ඒත් මතකයි සීවලී පිට්ටනියේ බිල්ල ගෙනත් මිනිස්සු එකතු කරනවා. අර කලින් වතාවක් මම කියපු වජිර අයියා නිසා මගේ පියා බියෙන් හිටියා මතකයි, වැරදිලා ඇඳුනුම් කමට ඔළුව හෙලෙව්වොත් කියලා. එයා ප්‍රාදේශීය නායකයෙක් කියල කතාවක් අහල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අත්අඩංගුවට ගත් අයගෙන් නිශ්චිතවම දුර්වලයි කියලා හැගෙන කෙනෙක් මිසක ඔනෑම කෙනෙක් බිල්ලට අන්දන්නෙ නෑ.

      මම අවස්ථා දෙකකදිම "බිල්ල" ව මගහැරලා බේරිලා තියෙනවා.

      Delete
  34. හොඳ ලිපියක්.....මෙව්වා කියවන්න අපි හැමදාම වුනත් එන්නම්.....ස්තුති ඔබට...
    මොකද අපිට මේ ගැන අත්දැකීම් නැහැ.....මොකද මමත් ඉපදුනේ 89 අවුරුද්දේ නිසා.....මෙව්ව ගැන අහලා විතරයි තියෙන්නේ....මේ කැරල්ලට ඇති වීමට හේතු ගැනත් එක්කම ලිව්වනම් අපි වගේ කස්ටියට හොඳට තේරුම් ගන්න පුලුවන් වෙයි...

    ReplyDelete
    Replies
    1. කැරැල්ල ඇතිවෙන්න හේතු වූ කාරනා ටිකක් පහුවෙලා සාකච්ඡා කරන්නයි අදහස.එකපිට ඔක්කොම මැනේජ්කරගන්න අමාරුයි.

      බොහොම ස්තූතියි......!!!

      Delete
  35. මේ සිද්දි සිද්ද වෙනකොට මම යමක් තේරුම්ගන්ඩ පුළුවං වයසක හිටියේ නෑ.ඒ නිසා මේ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට ස්තූතියි.මොකද පේන විදිහට මේක අනාගතයට පෙර සූදානමක් විය හැකි නිසා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශයේ හුගාක් අයට මේ කාලය ගැන පැහැදිළි මතකයක් නැතුව ඇති.

      Delete
  36. මමත් 89යේ.
    අපේ අම්මා ඉඳහිට කියලා තියනවා ලයිට් දාන්න බැරුව අයියට එහෙම කිරි දෙන්න විදපු දුක්.
    මං සැප්තැම්බර් මාසයේ නිසා ඔය කලබල තවත් වැඩිලු. මහ රෑ මාව හම්බෙන්න යද්දි උන සිද්ධියකුත් උඩින් පල්ලෙන් කියලා තියනවා ඒත් හරියට කවදාවත් කියලා නම් නෑ.
    දැනගන්න එන්නම් කියවන්න.

    ReplyDelete
    Replies
    1. හා පැටික්කියොත් ඉපදිලා තියෙනවා ඒ කාලයේ,...සතුටුයි.

      බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...!!!

      Delete
  37. බොහොම පුන්චි සන්දියේ .... අම්මා , තාත්තා ( උපතින්ම තිබූ උපායශීලී බවට පින්සිදුවෙන්ඩ ජීවතේ බේර ගත්තේ ) කියපු දේවල් හැරෙන්ඩ වෙනත් යමක් මතක නෑ..... ,
    මුලින්ම මේ ලෝකෙට එන්ඩ බලාපෙරොත්තුව කාලෙ හිටපු ගුරුවරියක් උන අම්මා මාවත් කුසේ දරාගෙන බස් එක එනකං ඉන්නකොට ...... අම්මත් එක්ක කතා කරමින් හිටපු තාත්තාගේ හොදම මිතුරාට යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු වෙඩි තබා මරා දැමීම ( ඔහු තමන්ගේ දරු දෙන්නාව පාසල් බස් රතයට නංවන්න ආපු අවස්තාවේ මරා දැමුනා ) ,
    ඊටත් පස්සෙ අපේ තවත් හිතවතකු මහා රාත්‍රියේ පැහැරගෙන තියුනු දැලිපිහිවලින් වද දී නිවස ඉදිරි පිට ලයිට් කනුවේ ගැට ගසා මරා දැමීම......
    මරණ තර්ජන වැඩි වෙනකොට තාත්තා නං අම්පාරට මාරුවක් අරගෙන ගියා හැබැයි දරු පවුල් නිසා සහ තම්න්ට කාගෙන්වත් හිරිහැරයක් නැතැ සිතූ පියාගේ ලගම මිතුරන් දේශපාලන ක්‍රිරියාකරකම් නිසා ඝාතනය වීම..............
    භීශණයේ තවත් කතාවක් ...... ඉතිරි ටික ටිකටික එකතු කරන්නම්... ( කොටන්ඩ කම්මැලිය )

    ReplyDelete
    Replies
    1. හැකි පමණින් සම්බන්ධ වෙන්න, එකගව - විරුද්ධව ඔනැම විදියක අදහස් දක්වන්න.

      බොහොම ස්තූතියි...!!!

      Delete
  38. ඔය යුගය ගැන අද්දැකීමක් නැති නමුත් ලෙයින් හා යකඩින් රටෙ උගත් බුද්ධි‍මත් තරුණ පරපුර සන්හාරහ කල යුගයක කතාව කම්පනයෙන් නමුත් විචික්ශණශීලිව කියවමි....ඔබ කියනා යුගය ගැන මට අද්දැකීම් නොමැතිය.90 යුගයේ උපන්නෙකු ලෙසෙ මම සිතන්නේ J- ප්‍රේමදාස රජය හා ජනතා වි.පෙරමුනේ ඉහල නායකත්වය යන පාර්ශව 2ම රටෙ තරුන පරපුර තමන්ගේ බලය රැකගනීමේ අතකොලු ලෙස යොදාගත්තා...77 දී එක් වරම සිදු වූ සමාජ වෙනසින් අන්දමන්දව උන් ඔබ යුගයේ තරුණ පරපුරද උන්ගේ පටු අරමුණු උදෙසා ජීවිතය පුද කලා..මෙයින් බහුතරයක් උගත් රැඩිකල් විශ්වවිද්යාල සිසුන්.ඔවුන්ගේ මරණයෙන් රටෙ ඇතිවූ බුද්ධි‍ රික්තය අදටත් පිරවී නොමැත.එසේ නොවී අද ලක්දිව දැනට වඩා ශිෂට සමාජයක් වෙනවා කියා මට සිතේ...

    ReplyDelete
    Replies
    1. ඔව්, ඔවුන් මියනොගියනම් බොහෝ යහපත් දේ සිදුවන්න ඉඩ තිබුනා.

      Delete
  39. ඔය භීෂණ කාලෙදි මම 1 වසරේ. දවසක් ඉස්කෝලෙ ඉස්සරහ හන්දියේ දෙන්නෙක්ව මරල දාලා තිබුනා. අපි එදා ඉස්කෝලෙ යනකොට මගේ ලඟ හිටිය අක්කා කෙනෙක් මට කලින් ඒක දැකලා කියනවා. මල්ලි ,බිම බලාගෙන කෑගහන්නෙ නැතුව ඉස්කෝලෙ අතුලට යමු කියලා. මම ඔලුව පාත් කරගෙන වටපිට බැලුවා මිනී දෙකයි. ඒ වෙලාවෙ මම හොදටම බය උනා. වේගයෙන්ම ඉස්කෝලෙ අතුලට ගියා. ඇතුලෙදි කතාව ගෝනි බිල්ලො, ජේවීපී, ආමි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ඉස්කෝලෙ ඇරිලා එලියට එනකොටත් මිනී දෙක තියනවා. එදා ඉදලා සතියක් දෙකක් යනකම් ඉස්කෝලෙ ගියෙ නෑ. මගෙන් අම්මට ප්‍රශ්ණ ගොඩයි. ඇයි මෙ මැරිලා ඉන්නේ, කවුද මැරිල ඉන්නේ, කවුද මැරුවෙ, ඇයි වළ දාන්නෙ නැත්තෙ, මොකක්ද ජේ වී පී කියන්නෙ, ගෝනි බිල්ලො කියන්නෙ මොනුන්ද, උන් මොනවද කරන්නේ? අම්මට ඒ දවස් එපා වෙන්න ඇති. තව 11 වසරේ ඉගෙන ගනිමින් හිටිය මගෙ ඥාති සහෝදරයෙකුත් අර සිද්ධියෙන් පස්සෙ අපෙ ගෙදර නැවැත්තුවා. ලොකු අම්මා ඒ අයියව අපෙ අම්මට බාර දීල ගියාට අපෙ අම්ම පුදුම විදිහෙ බයකින් හිටියේ. එක දවසක් රෑ ගමේ විලාපයක් ඇහිලා අම්මගෙ මූණෙ තිබුන බය මට තාම මතකයි.

    ReplyDelete
    Replies
    1. "භීෂණය" කියන්නෙ ඒකට තමා.

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...!!!

      Delete
  40. මම 85 ඉපදුනු කෙනෙක් නිසා මතකයක් නෑ මේ ගැන,,ඒත් අපේ පැති වල ඔය කේස් තිබුනේ නෑ,අවට ගමක දෙකක පොඩි සිදුවීම් තිබිලා තියනවා,,ඒ එකක් මම අපේ මාමා කෙනෙක් එක්ක බලන්න ගියා හාල්දඩුවන පාලමේ තිබුනු ඔලු දෙකක්,,මට එවා බලන්න ගියා කියලා විතරයි මතක,,මෑතදී ඔය කතාව ලංකාදීප දියතේ තිබුනා,එදා එතන තිබුනු ඔලුවක් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජේවීපී නායකයගේ කියලා,,

    ReplyDelete
    Replies
    1. සමහර ප්‍රදේශ ආරක්ෂිතව තිබුණා.

      බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...!!!

      Delete
    2. ඉතාලි ඩිලා "රෝහිත" ව දන්නව ඇති මම හිතන්නෙ????????

      Delete
  41. ජවිපෙට වැරදුනේ ජාතිවාදී මතවාදය කරට ගත්තු එක නිසයි.
    මව්බිම ද අරකද මේකද ඉස්සරහට දාගෙන එන්නේ අවස්ථාවාදියෝ.

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට ඇත්ත,
      ඒත් ඕක හරියටම කියන්න පුළුවන් "පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ" නැගීම හෝ බැසීම අනුව.

      Delete
    2. Unuth ekai, munuth ekai, peratugamilath ekai

      Delete
  42. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාවේ අනිත් පක්ෂ වලට සාපේක්ෂව වඩාත් යහපත් භාවිතාවක් දක්වනවා.

    ReplyDelete
    Replies
    1. පක්ෂය හොදයි, ඒත් බලය ඉලක්ක කරගෙන ඉදිරියට යන්න ඕන. නැත්නම් පැරණි වමට වෙච්ච දේම තමයි පෙරටුගාමී පක්ෂයටත් වෙන්නෙ

      Delete
  43. මට ලොකු ප්‍රතිචාරයක් දක්වන්න තරම් මේ ගැන දැනුමක් නෑ මේ ගැන. මම මේ තත්වය ඇහින් දැක්ක කෙනෙක් නෙමේ. හැබැයි පොඩිම කාලේ මේ වගේ සිදුවීම් ගණනාවක් ගැන එක එක අය කියපු කථා අහල තියනවා. හැබැයි ඒවයේ තාර බර ඇරල තමා ගන්න ඕන.

    ලංකාදීපේ දියත අතිරේකෙ ගිය ලිපි ඇරුණ කොට මගෙ මතකයට එන්නේ මේ වගේ දේවල්. ඒකත් එක හේතුවක් තමා සුමිත් අයියගේ ලිපි කියවන්න හරිම තිබහක් මට තියෙන්න.

    එක ලිපියක් කියවල අනිත් එක එනකම් 'බලාගෙන' ඉන්න බ්ලොග් කිහිපයෙන් ඔයත් ප්‍රමුඛයෙක්.

    ReplyDelete
    Replies
    1. මාව සෑහෙන්න අගය කරලා තියෙනවා.
      ඒත් මම ඒ තරම්ම තරම් නොවේද දන්නෙත් නෑ.

      ඇගයීමටයි ප්‍රතිචාරයටයි බොහොම ස්තූතියි....!!!

      Delete
  44. කතාකරන්න තියා මතක් කරන්නවත් අකමැති කාලකන්නි යුගයක්. මට කිසිම දේශපාලනයක් පේන්න බැරිව ගිහින් තියෙන එක ප්‍රබල හේතුවක් ඕක.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මට ඒක තේරෙනවා,

      ඒත් හෙන්රිලා වගේ දේශපාලනය ඇලජික් අයටත්, යහපාලනයක් ඇති රටක් දෙන්න නම් අපි වගේ "කොහොමත් එකයි" වර්ගයේ මිනිස්සු දේශපාලනය කරන්නම වෙනවා.

      Delete
  45. ඔය කාලේ මම නොහිටියේ වෙලාවට :-))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  46. අම්මපා....

    නැත්නම් ඔය කටේ හැටියට බඩු බනිස් තමා.....!!!!

    ReplyDelete
  47. මේ අවාසනාවන්ත කාලය ගැන මටත් සංවේදි අත්දැකීම් තියෙනවා සහෝ,
    කොහොම වුනත් නුබ ‍ශ්‍රේෂ්ඨයි !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ අහ ආ එකට.....!!!

      මම හිතුවෙ මේක දිරවන එකක් නෑ කියලා.

      Delete
  48. කලින්ම බ්ලොග ෆලෝකලාට බ්ලොග් රෝලෙ තිබ්බෙ නැහැ නොවැ..

    අදයි හරියටම දාගත්තේ..

    ජය සහෝ..

    ReplyDelete
    Replies
    1. මා හිතුවෙ මේකෙ පොලිටික් එක අල්ලන්නෙ නැති හින්දයි කියලා.

      ස්තූතියි.....!!!!

      Delete
  49. අත්වින්දෙ නැති උනාට දෙමව්පියන්ගෙන් මේ කාලය ගැන සෑහෙන්න දේවල් අහලා තියෙනවා. ඔය කාලෙ අපි මුකුත් නොතේරෙන පැටවු. දෙයියනේ ආයෙත් ඒ වගේ කාලයක් එන්න නම් එපා.

    ReplyDelete
    Replies
    1. මාත් කියන්නෙ එහෙම කාලයක් ආයෙනම් එපා....!!!!!

      ස්තූතියි ප්‍රතිචාරයට.....!!!

      Delete
  50. මේ කියන කාලය වෙනකොට සිරාට අවුරැදු 7ක් විතර ඇති.. අපේ පළාතෙ භීෂණය එතරම් තදට තිබුනෙ නැති වුනත්.. පිටින් ගෙනල්ලා මරපු කොල්ලන්ව මග දාලා ගිය වාර අපමණ තිබිලා තියෙනවා... මම එක් වරක් ඇස් දෙකෙන් දැක්ක වෙඩි තියලා කැළෑබද පෙදෙසක දාලා ගිය මිනී දෙකක්.

    අපි ඒ කාලෙ පොඩි නිසා අපේ අම්මලා ට භිය වෙන්න කාරණයක් තිබ්බෙ නෑ.. ඒ බව ඒගොල්ලො අදත් කියනවා අපි නම් හිතේ නිදහසින් හිටිය කියලා... සිරාගෙ බාප්පලා යෞවන වියේ හිටපු අය නිසා රෑට ගෙවල් මාරැ කර කර නිදාගෙන තිබෙන්නෙ... බාප්පලගෙ ගෙදර තිබ්බ වෑන් එකත් රෑට පදුරැ තියෙන තැනකට දාලා හංගනවලු

    එළියකන්ද කේ පොයින්ට් පොත කියවපු දවසෙ නම් මට පුදුම කම්පනයක් දැනුනා... මිනිස්සුන්ට මේ තරම් තිරිසන් ගතිතුණ ලැබුනෙ කොහොමද කියලා...

    ReplyDelete
    Replies
    1. ඒක හොදයි, බැරිවෙලාවත් ඒ කාලයේ තරුණයෙක් වුනානම් ඒ හොදටම ඇති. අඩුම ගණනෙ මානසික රෝගියෙකුටවත් ගැලවීමක් තිබුණෙ නෑ, එහෙම අයවත් මැරුවා.

      Delete
  51. ඔය කියන කාලයේදී මගේ තාත්ත එ.ජ .ප සංවිදායක කෙනෙක්. අපේ පැත්තෙ එක කොල්ලෙක්වත් මැරෙන්ඩ නොදී බේරගන්ඩ මම හිතන්නෙ තත්තට සෑහෙන්ඩ මහන්සිවෙන්න උනා.පොලිස් ආරක්ෂාවක් එක්ක හිටපු ඒ නීරස කාලය,මරණයේ සෙවනැලිත් එක්ක එ.ජ .ප පාක්ෂිකයන් උන අපිත් නොඅඩුව වින්ද.අපේ අත්දැකීම් බෙදා ගන්න මේ පැත්ත මට වැදගත් වෙයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය තුළ ඉතාමත් යහපත්, පර්ණත ගතිගුණ තිබුණ එ.ජා.ප පාක්ෂිකයො එදත් හිටියා, අදත් ඉන්නවා. ඒ අය ගැන මගේ සෑහෙන ගෞරවයකුත් පිළිගැනීමකුත් තියෙනවා.

      Delete
  52. මදෑ..මං කලින් එකේ කමෙන්ට් බල බල ඉන්නවා මේක දාලා කියලා නොදැන... යකඩෝ අර පැත්තකින් පරණ පෝස්ට් පෙන්න ගැජට් එක එල්ලන්නේ නැද්ද..?

    89 කියන්නේ මං සිස්සත්වේ ලියනවා... සිස්සත්වය කටේ තියලා පාසල් නිවාඩු දෙනවා... ගුරු දෙවි මැණි වරු දෙන්නෙක් ගෙවල්වලට එක්ක ගිහින් අපිට උගන්නනවා. ගමේ ඉස්කෝලේ හමුදා කෑම්ප් එකක් ඇරෙනවා... අපි හවසට සෙල්ලං කරන්න කෑම්බ් එකට යනවා... හමුදා කාරයින්ගේ බත් එකෙන් කෑම කනවා.. තුවක්කු අල්ලලා බලනවා... ගමේ අය හමුදා කඳවරු පොලිසිය වගේ සලකනවා.. හමුදා කාරයොත් ගමේ අයට උදව් පදව් කරගෙන ඉන්නවා... භීෂණ කාලෙටම එකම එක මරණයයි අපේ ගමේ උනේ..ඒකත් හොරෙක්ගේ..අපරාදකාරයෙක්ගේ..කොටින්ම තමන්ගේ වයසක අම්මව දූෂණය කල අයකු යැයි පසු කාලීනව හෙලි උන කෙනෙකුගේ.. ඒ කියන්නේ ඒ මරණය ගැන දුක් උන එකෙක්වත් අපේ ගමේ නැහැ. කොටින්ම ඌගේ අම්මත් දෙයියන්ට පින් දීලා තිබුනා. මට උගන්නපු ගුරු දෙවි මැණීවරුන් දෙදෙනාගේ එක් අයකුගේ පුතුන් දෙදෙනා එක දවසක් පැහැරගෙන ගිහින් තිබුනා.. ඒත් ගමේ හමුදා කඳවුරට ගිහින් දුක් ගැනවිල්ල කිව්වම පහුවදා උදේ අතපය බැඳලා උන් දෙන්නව ගම්පහ මල්වත්තේ දාලා ගිහින් තිබුනා.. ඔය තමා මගේ අත්දැකීම්... භිෂණය නොආව ගමක්... හමුදාවට ආදරේ කල පොඩි උන් ටිකක් ඇති උන කාලයක්.. ටිකක් විතර අමුතුයි නේද..? ඒත් ඕක තමා අපේ අත්දැකීම...

    හොඳට කරගෙන යනවා සුමිත් අයියා... ඒ වගේම මං බලං ඉන්නවා මේ තාක් කල් ජවිපෙන් සිද්ධ නොවුන එහෙත් විය යුතු වැදගත්ම දේ සුමිත් අයියා අතින්වත් වෙයි කියලා.. ඒ තමා රටේ මිනිස්සුන්ගෙන් සමාව ගැනීම... විප්ලවයක් කරන්නේ මිනිසුන් වෙනුවෙන් නම් ඇයි මිනිසුන්ටම එපා වෙන අන්දමට වැඩ කලේ.. ඇයි ඔවුන්ව මේ හැටි පීඩනයට පත් කලේ... ඒ ගැන හරි කියැවීමක් තාමත් ජවිපෙන් කෙරිලා නැහැ. මං කියන දේ සුමිත් අයියට තේරෙනවා ඇති.

    අනිත් කාරනේ තමා මං මේ විදියේ පැරණී විප්ලව කාරයින් පොහෝම කැමතියි... ඒ වගේම විප්ලවයෙන් පසුව ඔවුන් ඩීවිත වෙනස් කරගෙන යන ගමන දිහා බලං ඉඳිමෙන් හුගාක් දේවල් අපිට ඉගෙන ගන්න ලැබෙනවා... වික්ටර් අයිවන්..ධර්මසේකර වගේ අය දිහා නිතරම මං ඇහැ ගහගෙන ඉන්නේ... ඒ තරමට ඔවුන් අපිට විප්ලවය ගැන නොකියන කතාව අපිට පෙන්නුම් කරනවා... අනිත් කෙනා මං හොඳින් දන්න කෙනෙක්..අතුල නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුල... හැබැයි මේ තුන් දෙනාම 71න් විසි උන අය... 89න් විසි උන කෙනෙක් හමු උනේ පලවෙනි පාරට... අපි බලමු අර මිනිස්සු තුන් දෙනාට උන හරියම වෙයිද නොවෙයිද කියලා...

    ReplyDelete
    Replies
    1. දිග කමෙන්ට් එකකින් පෝස්ට් එක සරසලා තියෙන්නෙ.....!
      තව ගැජට් දෙක තුනක් එල්ලන්න තියෙනවා.
      බ්ලොග් ලියන්නයි බලන්නයි රස්සාව හැටියට කරන ප්ලෑන් ඇඳිල්ලයි හැමදේම කරන්න තියෙන්නෙ ලයිට් තියෙන සුළු කාලයේ දි නෙ. අනිත් තැන්වල වගේ නෙවෙයි, මෙහේ නිල නොවන විදියටත් කරන්ට් කැපෙනවා.

      ඔය කියන විදියෙ හමුදා කඳවුරුත් තියෙන්න ඇති, ඒත් අපේ අත්දැකීම්නම් අන්තිම නරකයි.

      මට පුළුවන් පුද්ගලයෙක් විදියට කිසියම් පාපොච්චාරණයක් කරන්න. ඒත් පක්ෂයක් විදියට -වගකිවයුතු විදියට ඒක කරන්න තරම් කෙනෙක් නෙවෙයි මම.

      මම දැන් ජ.වි.පෙ තුළ නෑ, ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂයක් තුළත් නෑ. හැබැයි දේශපානය තුළ ඉන්නවා.

      71 පැරණි අයගේ කතන්දර ගැන අනියමින් කියවෙන නවකතාවක් තියෙනවා ජයතිලක කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" කියලා. හොයාගෙන කියවන්න.

      Delete
    2. මාරයා කියනවිදියට ලංකාවේ තියෙන අනෙකුත් පක්ෂ ,තමන් රටට කරපු විනාසේ ගැන සමාව ඉල්ලුවේ කවදද ,ජේවීපී එකෙවිතරක් සමාවක් ගැන හොයන්නේ ,අනෙක් පක්ෂ දෙකම ,විශේෂයන් ශ්‍රීලංකා නිධහස් පක්ෂය 1970 කාලේ දී මිනිස්සුන්ට කන්න නොදී හාල් පොලු ,මිරිස් පොලු තව නොයෙක් දේවල් කරපුවට සමාව ගත්තේ කවද්ද ,

      Delete
    3. ඇනෝ ළමයා කරුණාකරලා පහත ඇති මගේ කමෙන්ටුව හිමිහිට කියවලා බලන්න

      July 25, 2012 10:14 AM

      මම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කර ගතෑකි.ඔබ එය කියවා ඇතිනම් මට අහන්නට තියෙන්නේ ජවිපෙත් ඒ පක්ෂ හා සමානයි කියලද.. එහෙනං ඉතිං මෙන්න මං හිනා වෙලා නිකං හිටියා...:)


      Delete
  53. "චුම්බන කන්ද" දැන් මාස දෙකකට විතර කලින් කියවන්න ලැබුනා..ඇත්තටම ඒක අපූරු පොතක්... ඒකත් එක විදියකින් ධර්මසේකර ගැන කතාව වගේ...

    "මට පුළුවන් පුද්ගලයෙක් විදියට කිසියම් පාපොච්චාරණයක් කරන්න. ඒත් පක්ෂයක් විදියට -වගකිවයුතු විදියට ඒක කරන්න තරම් කෙනෙක් නෙවෙයි මම."

    කොහොමටත් පක්ෂයක් විදියට ජවිපේ කවදාවත් ඒ දේ කරන්නේ නැති වග හිතන්න පුළුවන්... 71න් පස්සේ පක්ෂය ඇතුලේ සිද්ධ උනා යැයි අසා දැන ගත් තරමටවත් 89න් පස්සේ පක්ෂය තුල ස්වයං කියැවීමක් උනේ නැති වගත් මට අහන්න දකින්න උන දේ හරහා කල්පනා වෙනවා. විශේෂයෙන්ම 71 කැරැල්ලෙන් පස්සේ සුප්‍රසිද්ධ "මහ නඩුව" වගේ දෙවැනි වර කියැවීමක්වත් 89 න් පස්සේ උනේ නැහැ... ඒ වෙනුවට අපිට අහන්න දකින්න ලැබුනේ චන්ද්‍රිකාගේ ඕලාරික බටලන්ද නඩුව විතරයි..සද්දේ මිස අඩුම ගානේ පඩ ගඳවත් අපිට දැනුනේ නැහැ...

    සුමිත් අයියා දකින විදිය කිව්වම ඇති...

    ReplyDelete
    Replies
    1. ඉදිරියේ දී යම්තරමකට ඒ ගැනත් ලියනවා. මේක විශාල ක්‍ෂේත්‍රයක පැතිරෙන විෂයයක් නිසා නිශ්චිත පිළිවෙළකට නොලිව්වොත් වැඩේ අවුල් වෙනවා.

      Delete
  54. සහෝදරයා, කුමක් හෝ තාක්ෂණික ගැටලුවක් තියෙන හැඩයි. මම ඔබේ බ්ලොගය "බුක් මාර්ක්" කර ගත්තා. "බුක් මාර්ක්" කරපු ලින්ක් එක හරහා ඔබේ බ්ලොගයට පිවිසීමේදී ඔබේ පළමු පොස්ටුව පමණක් බ්ලොගයේ දිස්වේ. දෙවන පොස්ටුවට පාර හමුවූවේ මාරයාගේ කොමෙන්ටුවෙනි. මෙය බාගදා මගේ වරදක්ද විය හැක කෙසේ උවත් තරමක් "අසාමාන්‍ය" සිදුවීමකි.

    සිංහල මිනිසුන් ඉතා කෘර ජාතියක්යයිද තම කෘරත්වය, අවස්ථාව එළබෙන තුරු බෞද්ධ හමකින් වසා සිටින වුර්ක රැලක් බදුයයිද සිතේ. වදකාගාර තුලදී තමා වැනිම වූ මිනිසෙකු දෙතිස් වදයට ලක්කිරීමට තවත් මිසෙකුගේ මානසිකත්වය සකස්වන්නේ කෙසේද? වදකාගාර තුලදී අත්හදා බලන ලද කෘර වද වේදනා මිනිස් ඉතිහාසය තුල හමුවන කෘරතම සිද්දීන්ටත් වඩා කෘරතර වේ. මෙවන් වූ ගහලයෙක් නිර්මාණය කර ගැනුමට සමාජිමය වශයෙන් කොතරම් පීඩනයක් මිනිස් මනසක් මත යොදන්නට ඇත්ද? මුලික ප්‍රපන්චයන්ගේ චලනයන්හි කිසිදු වෙනසක් සිදුවී නොමැති වටපිටාවක වදකාගාර වලට තව තවත් ගහලයින් අපි නිර්මාණය කරමින් සිටි.

    ReplyDelete
    Replies
    1. ඒ ප්‍රශ්නෙම තමා මටත් තිබුනේ... රීඩරේට ආවේ නැහැ මේ ලිපිය..දැන්නං අවුලක් නැහැ...

      Delete
    2. තාක්ෂණික ගැටළුවක් තියේද කියන්න බෑ. එහෙම වෙනවනම් ඒක අසාමාන්‍යයි තමා. මොකද වැඩි දෙනෙක්ගෙ බ්ලොග් රෝල්වල මේ පෝස්ට් එක අප්ඩේට්වෙලා තිබුණා.

      උඩ Anonymous July 21, 2012 7:32 AM ට මා ලබා දුන් Reply එක බලන්න.

      Delete
  55. @මාරයාගේ හෝරාව

    ඇයි ජවිපෙ මේ රටේ මිනිස්සුන්ගෙන් සමාව ගන්න ඕනේ, ඊට කලින් එ.ජා.ප යයි ශ්‍රී.නි.ප යයි සමාව ගන්න ඕනේ නැතිද? ඇයි ඒගොල්ලන්ට ස්වයං විවේචන නැතිද? ඔයා 89 දී විතරක් නොවේ තාමත් ශිෂ්‍යත්ව පන්තියේ වගේ!

    ReplyDelete
    Replies
    1. @ඇනෝ...

      ඇනෝලා සමඟ කතාවට යාම අති භයංකරය.. ඒත් මේ ටික කියන්න කැමතියි...

      එජාපයයි ශ්‍රීලනිප යයි ගොන්නටම දාන එකක්නං ජේවීපී එක..අන්න එහෙමනං අපිට ජෙවීපියෙන් ඔහොම දෙයක් ඕන නැහැ.. මොකද අර දෙකම හැදිලා තියෙන්නෙත් පිරිලා තියෙන්නෙත් හොරුන්ගෙන් නිසා... ඒත් ජෙවීපිය ඉස්සරහට එන්නේ ඒ දෙකට විකල්පයක් හැටියට... ඒ වගේම අපිට කිව්වේ අරුනුයි මුනුයි වගේ නෙවෙයි අපි විනයගරුක අවංක යන ලේබලය යටතේ... අරුං දෙගොල්ල මාරුවෙන් මාරුවට කන එක ගැන කවුද නොදන්නේ.. ඒත් අපිට ඕන කලේ ඒ දෙකට වඩා සෑම අතින්ම වෙනස් දෙයක්නං අපි ඇයි ජේවීපිය තෝරගන්නේ..මේකත් එහෙමම කුණු ගොඩක්නං..?

      අනේ හැමදාම සිස්සත්ව පංතියේ ඉන්න තිබුනනං කොයි තරංනං හොඳද... ඒ කිව්ව කතාවට පුදුම සතුටක් දැනුනේ..ස්තූතියි බොහෝමත්ම...

      Delete
  56. @මාරයාගේ හෝරාව

    පැහැදිලි කිරීම පිළිගත හැකියි. වැයකළ කාලයට ස්තුතියි.

    ඇනාJuly 25, 2012 10:05 AM

    ReplyDelete
  57. 71 කැරැල්ල මට යන්තමින් මතකයි...දවසක් අම්මා අත්තම්මාව බලන්න ගමේ ගිහින් එනකොට ගමේ පොලිසීයට ඇටෑක් කරලා. අම්මා බොහොම අමාරුවෙන් ගෙදර ඇවිත් තියෙන්නේ.

    88-89 කාලයේ මම රස්සාව කලේ නුවර හේවාහැට පළාතේ රජයේ ආයතනයක. නුවර ඉඳන් හැ. 15 ක් විතර දුරින් තියන දුෂ්කර කුඩා ටවුමක්. ටවුමක් කිව්වට කඩ මණ්ඩියක්. ඔය දරුණුම කාලේ රාජකාරියට ගිහිනුත් බෑ.. නොගිහිනුත් බෑ.. උදේ වැඩට බස් එකේ වැඩට යනදාට අඩුම තරමින් මිනී 10-15 ක් දකිනවා. එක දවසක් වැඩට යනකොට අපි දවල් බත් කන කඩේ මුදලාලි දේශප්‍රේමී කට්ටිය ඊට කළින් දවසේ රෑ මරල දාලා..මිනිය කඩේ ඉස්සරහා. අයින් කරන්න එපා කියලා බෝඩ් එකකුත් දාලා. ඉතාම අහිංසක මනුස්සයෙක්. 78 ස්ට්‍රයික් එකට දොට්ට දාපු රජයේ සේවකයෙක්. පොඩි ළමයි දෙන්නෙකුත් හිටියා.

    එදා උදේ අපි වැඩට ගියේ ඒ පොඩි ටවුමේ ඉඳන් නුවර දුවන ප්‍රයිවට් බස් එකක. ටාටා බස් එකක්...අයිති කාරයා අවු. 30 ක විතර ගමේම පොරක්.... උදේ 7ට සෙනග අරගෙන නුවර එනවා ...ආපහු යනකොට අපි කීපදෙනෙක් තමයි බස් එකෙ යන්නේ.

    ඔෆිස් ඇවිත් දොරවල් ඇරලා වැඩපටන් ගන්න කියලා ඉන්නකොට වෙන රජයේ ආයතනයක කෙනෙක් ඇවිත් කිව්වා ඔෆිස් වහන්න කියලා කොලයක් දාල ගිහින් කියලා. මොනා කරන්නද ඔෆිස් වහලා පාරට ආවා ආපහු යන්න කිසිම වාහනයක් නෑ. බස් එකත් ආය යන්නෑ කිව්වා. කොහොමහරි දෙක වෙනකොට ඈත ඉඳන් එන බස් එකක එල්ලිලා නුවරට ඇවා.

    පහුවදා ආපහු වැඩට ගියේ මෝටර් බයික් එකේ...ආයම වාත වෙන්න වෙයි කියලා හිතුන නිසා. ඔෆිස් ගියාම තමයි අනික් නරක ආරංචිය ලැබුනේ. බස් එකේ අයිතිකාර ඩ්‍රයිවර් මරල දාල ටවුමේ කෙළවරක. මිනිය පොලිසීයෙන් අරන් ගිහින්. වැඩේ දීලා තියෙන්නේ ඒකාලේ නුවර හිටපු කුප්‍රකට police ලොක්කෙකුගේ කට්ටියලු. බස් ඩ්‍රයිවර්ලු ඒ පැත්තේ දේ.ජ.ව්‍යා. අණ දෙන්නා. මිනිහලු කඩේ මුදලාලිත් මරලා තියෙන්නේ. බස් එකේ නුවර යන්නේ උදේ ලොකු කට්ටිය මුණ ගැහිලා උපදෙස් ගන්නලු. ඔත්තුව දීලා තියෙන්නේ මිනිහගෙ ගෲප් එකේ හිටපු police ලොක්කාගේ ස්පයි කෙනෙක්.

    ඒ කඩමණ්ඩියට බිල්ලා ආපු වාර ගාන අසීමිතයි... හැබැයි බිල්ලා එනවා කියලා නිව්ස් එක කොහොම හරි ටවුමේ මිනිස්සුන්ට එනවා. එදාට ටවුම පාළුවට යනවා.

    88-90 වෙනකම් ඒ පලාතේ වැඩකලා. ඔය ඒ දවස් වල අත්දැකපු දේවල් වලින් එකක්.

    ReplyDelete
    Replies
    1. එදා සිදුවීම් ගැන මගේ වත්මන් කියැවීම වෙනස්, ඒත් ලියන්න වෙන්නෙ කාලයට සාපේක්ෂවයි.
      ඔබ අත්විදපු දේත් ඉඩ ලැබෙන විදියට ලියන්න.
      අපි අමතමින් ඉන්නෙ ඒ දවස්වල ඉපදිලාවත් නොහිටපු පිරිසකටයි, ඒ අයට මේවා වැදගත් වෙයි.

      ස්තූතියි ප්‍රතිචාරයට.....!!!

      Delete
  58. වචන කලේ නැති වුනාට බොහෝ කතා හැමෝටම බලපෑවේ එක විදියට.
    ඒ මතක අස්සට යාම දරුණු කම්පනයකට ගෙනියනවා තාමත්.

    ReplyDelete
  59. මට ඒ කාලේ (1989) ඖරුදු 7 යි. මොකද මන්ද ඒ කාලේ ගැන මගේ මතකය lamp shade 1 කින් වහපු ලාම්පුවක් විතරයි. ඒ කියන්නේ ඒ කාලේ හිටපු වාසනාවන්ත ළමයෙක් මම. මම හැම දේම දන ගත්තේ කියවල විතරයි.
    විකල්ප දේශපාලනේ ගැන මගේ අදහස් වෙනස් උනාට මම තවමත් හිතනවා අපේ පරම්පරාවේ පෙර ගමන් කාර ඔයාල අපිට වඩා අවංකයි කියල. 71 කැරැල්ල ගැන කිව්වම අනේ මම ඉපදිලා නෑනේ කියන ගොඩක් අය අපේ පරම්පරාවේ ඉන්නවා. ඒ නිසා ඔයාගේ කතාව first hand experience 1 විදියට අහන්න මම බලන් ඉන්නවා. අඩුම ගානේ එක ඔයාලගේ කැප වීම ගැන පිලි ගැනීමක් වත් වේවි.

    ReplyDelete
    Replies
    1. ඇත්තවශයෙන්ම.......

      Delete
  60. මගේ තාත්තා කැලනි කැම්පස් එකේ, එයා 80-90ත් අතර එයගේ කැම්පස් කාලේ ජවීපේ දේශපාලනය කලා, එයාව හිරබාරයටත් ගත්තා. මන් අහලා තියෙනවා එයගේ ඒ කලේ තොරතුරු,එයා 2007 නැති උනා.ඇත්තටම මේ වගේ දෙයක් දැකීම සතුටක්,

    සමාජවාදයේ පාර ධනවාදය තුලින් වැටිල තියෙන දේ මාත් පිලිගන්නවා, ඇත්තටම, ධනවාදයේ ගරාවැටීම තමා සමජවාදයේ ආරම්බය, ඒක අද සමාජය තුලින් නිවැරදිව පේනවා,නමුත් ඒක පිලිඅරන් නෑ අද ජනතාව.ඒකට නිවැරදි අරුතක් දෙන්න ලන්කාවේ එකම සමාජවාදී පක්ෂයක් වත් අද සමත් වෙලා නැති එකයි ගැටලුව.

    ReplyDelete
    Replies
    1. ඔබේ තේරුම්ගැනීම නිවැරදියි......

      ......මිනිස්සුන්ට සමාජවාදය එපා කළේ සමාජවාදයේ පොල්මඃකාරයින්මයි.

      Delete
  61. @මාරයා
    ඔයාගේ පක්ෂය බොහොම පැහැදිලි ,ජවිපෙ ගැන ඔහේගේ තියෙන්නේ සම්ප්‍රදායික ශ්‍රීලංකා කරයෙක්ගේ ආකල්ප විතරයි ,ඔහේ එකපාරක් වත් ජවිපෙ ට කතිරය ගහල තියෙනවද ,
    දැනුත් ඔහේ කරන්නේ ශ්‍රීලංකා එකට කඩේයන එක විතරය් ඔහේගේ තාත්ත ජොබ් එක කලේ ලන්ගමේ බව අපි දන්නවා ,එක ගත්තේ ශ්‍රීලංකා එකේ පිහිටෙන් .

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මං මේ මොහොතේ ශ්‍රීලංකා කාරයෙක් තමා..ඒ වග ආයේ හැංගි හැංගි නෙවෙයි මෙහෙම ඇවිත් කියන්න තරම් හැකියාවකුත් තියෙනවා... මොකද ගස් ගල් අස්සේ හැංගිලා හිටිය පක්ෂයක සාමාජිකයකු නොවන නිසා.. කරුණාකරලා තාමත් හැංගිලා ඉන්නේ නැතිව ඔය සුමිත් වගේ එළීයට ඇවිත් ලියන්න..බය වෙන්න දෙයක් නැහැ. සුමිත්‍ලා කැලෙන් එළියට ඇවිත් දශක ගානක් ගිහිල්ලත් මේ ඇනෝ ළමයා තාම හැංගිලානේ පක්ෂය නියෝජනය කරන්නේ...

      තාත්තා ලංගමේ ජොබ් එක ගත්තේ ශ්‍රීලංකා එකේ පිහිටෙන්නං තමා..මොකද ලංගම හැදුවේ ශ්‍රී ලංකා එකෙන් නෙව.. එතකොට ගෙනාව ජනසතු කිරීමේ පනතින් එවකට බස් කොම්පැණියක වැඩ කල තාත්තා ඉබේම ලංගම සේවකයකු බවට පත් උනා. පැහැදිලියි නේද තාත්තා රස්සාව ගත්ත විදිය...ආ තව එකක් ඇහුවා නේද..? ජවිපෙට කතිරයක් ගහලා තියේද කියලා ඇහුවා නේද... ගැහුවා නෙවෙන්නං ළමයෝ... මං මෙතුවක් කාලෙකට දුන්න ඡන්ද වලින් දැන් අවංකවම කණගාටු වෙනවා ආන්න ඒ කරපු මෝඩකම ගැන... ඒකටනං මට සමා වෙන්ට ඕන... රටේ දාස් ගාණක් රැවටෙද්දී මේ අසරණ මං රැවටුන එක ලොකු වරදක්යෑ නැද්ද මං අහන්නේ... :)

      Delete
    2. ම්ම්.... මම නම් ජවිපෙ නොවේ. එත් මේ අදහසට මටත් අදහසක් එක් කරන්න හිතුනා.
      71 දී 83 දී 89-90 දී මාරයාගේ හෝරාවේදී තමයි ඒ කාලේ ජවිපෙට කතිරය ගැසුවේ.
      කොහොම උනත් කවුරු කවුරුත් කතිරය ගසා අද රට අගාදයටම දාලා තියෙනවා. තාම කාටත් ඇස් ඇරෙන්නේ නැහැ. 1948 සිට අප තුන්වන ලෝකේ රටක බඩගොස්තරවාදී දේශපාලනයන් පෝෂණය කරන පුරවැසියෝ බවට පත්ව තිබෙනවා.
      ඒ විතරක් නොවේ දේශපාලනික අන්ධ බාවයටත් පත්වෙලා තියෙනවා.

      Delete
  62. 88 89 කාගය මගේ ජීවිතයේ හොදම කාලය.ඒ තියන්නෙ මම ඒ ලෙවල් කරපු අවුරුද්ද.පන්තියට ගිහිං ආපහු ගෙදර එද්දි බිල්ලො ඉන්න පෝලිම් වලට අහුවෙනවා.මර බයේ ගැහැ ගැහී ඒකට මුහණ දෙන්න වුණා.
    අනිතිමට පන්ති යන එක නැවතුණා.
    ඒ විදියට ඒ ලෙවල් කරපු එකත් නැවතුනා.මට 89 අවුරුද්දෙ ඒ ලෙවල් කරන්න බැරි උනා.
    රෑට ලාම්බුවක් පත්තු කරන්න බැහැඑලියක් දැක්කොත් ප්‍රශ්න.හට වෙද්දි කාල බීලා ගෙට වෙනවා.රෑට මහුදාවෙන් එනවා.ඒ පිටිපස්සෙන් හොරු එනවා.
    ඔන්න ඔය වගේ තත්වයක් තිබුණා.
    ඒ වගෙම අපේ අයියා කොළඹ විශව විදි්‍යාලයේ ශිෂ්‍යෙයක්ව හිටියා.එයාගෙ හොදම යාලුවෙක් තමයි ත්‍රිමා විතාන.එයා නිතරම අපේ ගෙදර ආව ගියා.
    රෑට මිටි ගනං පෝස්ටර් ඇන්දා.තාත්තා දුම් ගේට නිතරම ගින්දර දාලා තිබුණා.හදිසියක් උනොත් පෝස්ටර් ගින්දරට දාන්න බලාගෙන.ඒ වගේම තාත්ගෙ තැපැල් නයින්ටියෙන් ගොඩක් වැඩ කලා.සමහර බැනර් කටවුට් පැට්‍රල් ටැංකිය ඇතුලෙ හංගගෙන ගියා.
    කෙල්ලො දෙන්නෙක් ගෙදර හිටපු නිසා තාත්තට ලොකු බයක් තිබුණා.අයියව වෙනත් තැනකට පිටත් කලා.ඒත් ත්‍රිමා විතාන දිගටම අපේ ගෙදර ආවා.
    මම මගෙ අත් දෙකෙන් කෑම උයලා දුන්නා.
    ඒත් අන්තිම දවසේ උදේ කන්න පානුත් දවල්ට බත් එකකුත් මම බැඳලා දුන්නා.කකුලට දාලු සපත්තු දෙක සැන්ඩ්ල්ස් )කකුල් මාරු කරල දැම්මෙ.අපි හින වෙද්දි එයත් හිනා වුණා. ඒත් ඒ ත්‍රිමාවිතානගේ දැක්ක අවසාන හිනාව.
    ඊට පහුවෙනිදා එයාව මැරුව.වධ දීලා මැරුවා.

    ReplyDelete
    Replies
    1. සංවේදි සටහනක් අක්කෙ. හරි මිනිස්සු, වැරදි යුගයක ඉපදීමයි ගැටලුව

      Delete
  63. “මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න.“ කියා ඔබ කීයුවද සත්‍ය වශයෙන්ම එහි වර්තමාන ගැළපීමක් ද තිබෙනවා. අදටත් එය ඒ ආකාරයෙන් නැතත් සිදුවෙමින් පවතින දෙයක්.
    අදටත් මිනිසුන් ඒ ආකාරයෙන්ම පීඩා විදිනවා. වෙනසකට ඇත්තේ දැන් එය සාමාන්‍යකරණය වෙලා තිබීමයි. එමෙන් ම විරුද්ධ මතධාරීන් හෝ සමාජය වෙනුවෙන් සංවේදී අයහට නිතරම උරුමව පවතිනුයේ පැහැරගැනීම්, මරණ ආදීය යි. එවැන්නක් වන බව රටේ ජනතාවද දන්නවා. නමුත් තමාට හෝ තමාගේ කෙනෙකුට කරදරයක් වූයේ නෑ කියා දෝ සිතා මුනිවත රකිනවා. එහෙත් එයාලාටත් සමාජ ගැටලු දැඩිසේ දැනෙනකොට මම සමාජ යථාර්ථයේ තමාද ගොඳුරක්ව ඇති බව සිතනවා. නමුත් එවිට ප්‍රමාද වැඩි වී තිබිය හැක.
    මිනිස් මනසේ සමාජවාදය පැලපදියම් වනතෙක් නිබඳවම ඔහුන් සමාජ අසාධාරණ වලින් පීඩා ලබයි. එහෙත් සමාජවාදය ඔහුන්ගේ බුද්ධියට ප්‍රවේශවීමට දැනට පවතින සමාජ ක්‍රමය ඉඩකඩ සකසා දේදෝ කියා සාධාරණ සැකයක් මා සිත තුළ තිබෙනවා.

    ReplyDelete