
ඒ ’89 නොවැම්බර්
මස 13 වනදා විය යුතුය. අඳුර
වැටීගෙන එන විටම නිවසට කඩා වැදුන හමුදා සොල්දාදුවෝ මා වෙනුවට මගේ තාත්තා
අත්අඩංගුවට ගත්හ. මවගේ ද නැගණියගේ ද විලාප තැබීම් වලින් ද විරෝධතාවයෙන් ද ඵලක්
නොවිණි. කෙසේ වෙතත් තාත්තාගෙන් කිසිදු විරෝධතාවයක් එල්ල නොවීය. හේ සිදුවන ඕනෑම
දෙයකට මුහුණදීමට හිත හදාගත් සෙයකි. ( ඔහු ද හිටපු හමුදා සොල්දාදුවෙකි)
අත්අඩංගුවට ගත් තාත්තාගේ දෑස් ද දෑත් ද හමුදා රථයට ඇතුළු කිරීමට පෙර බැඳ දැමිණි. ඉන් අනතුරුව ඔහුව රැගෙන ගියේ කොහේටදැයි
කිසිවෙකුටත් නිනව්වක් නොවීය. එහෙත් ප්‍රදේශයේ එ. ජා. ප ක්‍රියාකාරීන් එය දැන
සිටින්නට ඇත.
ගමේ
එ. ජා. ප. ශාඛා සමිතියේ සභාපතිවරයා මගේ පියාගේ හොඳම මිතුරෙකි. ඔහු මේ සිදුවීම් කෙරෙහි පක්ෂග්රාහී නොවීය.,
උපේක්ෂා සහගත විය. (කැරළිකරුවන් පිළිබඳ ඔත්තු සැපයීම හා තරුණයන්ගේ නාමලේඛන ඝාතකයින් වෙත ලබා
දීම ඔහුගෙන් සිදු නොවිණි. එය සිදුකළේ එම සමිතියේ ම නිලධාරින් වූ ගැහැණුන් දෙදෙනෙකු
විසිනි). ඔහු ඔහුගේ මිතුරා ගැන සොයා බලන්නට ඇත. එහි ප්‍රතිඵලයක් විදියට තාත්තාව රඳවා තබා ඇති ස්ථානය පිළිබඳ හෝඩුවාවක් ලබා
ගැනීමට හැකි විය. ඒ අනුව ක්‍රියාකාරී වූ පියාගේ මිතුරන් එවකට පාර්ලිමෙන්තු මන්ත්‍රී
වරයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා හරහා කළ බලපෑම් හේතුවෙන් සතියකට පමණ පසු අළුයම්
කාලයේ අවිස්සාවේල්ලට නුදුරු “දිවුරුම්පිටිය වත්තේ” කිසියම් තැනක දී දෑස් හා දෙඅත්
බැඳ මුදාහැර තිබුණි.
එතැන් සිට අනුමාන වශයෙන් පාර නිශ්චය කරගෙන ඇවිද
ආ ඔහු කෙසේ හෝ දිවුරුම්පිටිය රාත්‍රී හෝටලය අසලට පැමිණ තිබුණි. එහි දී, බණ්ඩාරවෙල
සිට කොළඹ ට එළවළු රැගෙන යන කාරුණික ලොරි කරුවකු හා ඔහුගේ සහායකයා විසින් පියාගේ
දෑස් හා දෑත් නිදහස් කර හෝටලයට රැගෙන ගොස් ආහාර ලබා දී ආපසු නිවසට ඒම සඳහා මුදල් ද
ලබා දී තිබුණි. කෙසේ වෙතත් ඒ වන විට ඔහු ලද වද හිංසා හේතුවෙන් කතා කිරීමට නොහැකි
වී තිබුණි. සියලු සංවාද සිදු වී ඇත්තේ ලිඛිතවය. ( පසුව හිතවත් වෛද්‍යවරයෙකුගෙන් ලද
ප්‍රතිකාර හේතුවෙන් කතා කිරීමේ හැකියාව නැවත ලැබිණි).
කෙතරම්
වධ බන්ධනයට ලක්කළද තාත්තා මා පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිදරව් නොකළේය. එකම දේ
දිගටම කියමින් වධකයින් වෙහෙසට පත් කරන්නට ඔහුට හැකි විනි. යම් වචනයක් ඔහුගෙන්
ගිලිහුනිනම්, ඒ මොහොතේ වධකාගාරය ආසන්නයේම ප්‍රදේශයක සිටි මා නිසැකවම අත් අඩංගුවට පත්වෙනු ඇත.
**************
වධකාගාරයේ සිටි කාලයේ දී
ඔහුට ආහාර ලබා දී තිබුණේ දවසකට එක් වරක් පමනී.
අනෙකුත් සැක කරුවන්ට එසේවත් නොලැබුණු බව පසුව ඔහු පැවසීය. වරෙක පියා වතුර
ඉල්ලා සිටි විටෙක සුළු වතුර ප්‍රමාණයක් ඔහුට ලැබුණ ද අනෙකුත් සැක කරුවන්ගේ කටට
මුත්‍රා කිරීම හැර වතුර ලබා දී නොතිබිණි. ඔවුන් බොහෝ දෙනෙකු පසුව ඝාතනය කරන්නට ඇත.
එහි දී දිවි ගලවාගත් දෙදෙනෙකු පසුව බූස්ස රැඳවුම් කඳවුරේ දී මෙම ලියුම් කරුට හමු
විය.
මෙම වධකාගාරය පවත්වාගෙන ගියේ; හමුදාව
- ඇහැලියගොඩ පොලීසිය හා ප්‍රදේශයේ එ. ජා. ප මන්ත්‍රීවරයාගේ මැර කණ්ඩායම ඒකා
බද්ධවය. අදාල ගොඩනැගිල්ල ලබා දී තිබුණේ, හිටපු එ.ජා.ප පලාත්සභා මන්ත්‍රීවරයෙකුගේ
පියා විසිනි. මේ වන විට එහි කොමර්ෂල් බැංකු ශාඛාවක් පවත්වාගෙන යන අතර එවකට එය “.........වතී
.....නායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාව” ලෙස නම් කෙරී තිබුණි. සත්තකින්ම එහි “අනුස්”
සහ සම්මන්ත්රණ තිබුණේ නැත.
මතු සම්බන්දයි......
ප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න.
ඔබට කතාව කීමට ඉඩදෙමි. දිරි ගැන්වීමක් ලෙස මේ කෙටි සටහන තබමි
ReplyDeleteබොහොම ස්තූතියි......!!!
Deleteඇනෝ සමගින් එකඟව කතාවට ඉඩ දී බලා සිටිමි..
ReplyDeleteබොහොම ස්තූතියි......!!!
Deleteඉදිරියට වෙන්නේ කුමක්දැයි බලා සිටිමි.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට......!!!
Deleteඒ කාලේ මිනිසුන් කොච්චර සෑහැසිකද කියල හිතෙනවා. ලිපිය පොඩි වැඩි වගේ තේරුණා. ඉතුරු විස්තර ඉක්මනින් කියවන්න බලන ඉන්නවා.
ReplyDeleteතාත්තා තවත් පොලීසි දෙකකින් අත්අඩංගුවට ගත් නිසා,කොටස් දෙකකට කඩන්න වුනා.
Delete//එය සිදුකළේ එම සමිතියේ ම නිලධාරින් වූ ගැහැණුන් දෙදෙනෙකු විසිනි//
ReplyDeleteමේ වගේ දේවල් හන්දා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත රාශියකුත් විනාශ වෙලා යන්ට ඇතිනේද?
අනෙක ඔබේ පියාට කාරුණිකවූ ලොරි රියැදුරා දිහා බලනවිට පෙනී යන්නේ ඒ කාලයේ හිත උණුවෙන මිනුසුන් කොටසකුත් උන්නු බවයි.
ඒ කාලය ගැන දැනීමකුත් මේ විස්තරවලින් ඉගෙනගත්ත හැකි.
කතාවේ ඉතිරි කොටස එනකල් බලා ඉන්නවා.:)
ඒ ගැහැණුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්, එ.ජා.ප යට "අලියා" ළකුණ සහ කොළපාට සුදුසුයි කියලා කළ යෝජනාව ස්තීර කළ අයගෙ බිරිඳ කියලත් කියනවා. අදාල යෝජනාව කළැයි කියන "රිචට් සිල්වා" මහතා ඉන්නෙත් මේ ළගමයි. හැබැයි මේ කවුරුවත් දැන් එ.ජා.ප යේ නෑ.
Deleteකාලයට සාපේක්ශව කියවමින් සිටිමි.
ReplyDeleteඒකම මදෑ....
Deleteමේවා බලද්දී මගේ හිතේ අතීත චිත්‍ර මැවී පේනවා. මගේ අථ්ද්කීමක් අද එකතු කරන්නම්. ඔන්න මම පොරොන්දු වෙනවා සුමිත් පොස්ට් එකක් දාන හැම දවසකම මාත් පොස්ට් එකක් දානවා කියල.
ReplyDeleteඅන්න හරි, එහෙමයි වෙන්න ඔන.....
Deleteමගේ ඒක ඥාති සහෝදරයෙකුත් පැහැරගෙන ගිහින් ඔය විදියටම ඇස් බන්දලා අත ඇරලා ගිහින් තිබුනා...
ReplyDeleteඒ රත්නපුර ටවුන් එකේ, "අනුර" කියලා ජ.වී.පෙ. කෙනෙක් හොයපු අයට, කිසිම දේශපාලනයක් නොකරපු "අනුර" නමම තියෙන ඔහුව යමෙකු විසින් පෙන්නා දීම..
ඒත් ඒ වගේ බේරෙන්න ලැබෙන්නේ කලාතුරකින් වෙන්න ඇති.
ඔය “.........වතී .....නායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාව” කියන එක නිතර දැකල තිබුනට ඔය කතාව දන්නේ නැහැනේ.
මගේ නමම තිබූ නිසා අත්අඩංතුයට ගත්ත දෙන්නගෙන් එක්කෙනෙක් අමාරුවෙන් බේරිලා තිබුණා. පාලමක් ළගදි එයාට දුවන්නයි කියලා වෙඩි තියනකොට පාළම ළගින් පහළට පැනලයි බේරිලා තියෙන්නෙ.....
Deleteමෝඩ ප්‍රශ්ණයක් වෙන්න ඇති මම අහන්නේ...අනිත් කෙනා?
Deleteඅනිත් කෙනා ගැන ඊලග පෝස්ටුවේ සදහන් වෙනවා. එයා ගමේ ඉස්කෝලෙ මගේ ක්ලාස්මේට් කෙනෙක්.....
Deleteලියනගේ අමරකීර්ති ගේ අටවක පුත්තු නවකතාවේ ප්‍රධාන චරිතය බේරෙන්නේද වෙඩි වැදීමට පෙර පාලමෙන් පැනීමෙනි.
Deleteවිඳින්න ලැබුනේ නැති උනත් ඒ කාලේ ගැන අහලා තියනවා.අහද්දි මෙහෙම නම් විඳින්න ලැබුනා නම් කොහොමට තියෙයිද?
ReplyDeleteඒක කාලයට සාපේක්ෂයි....මට නම් දැන් එච්චර ගානක් නෑ.
Deleteකියවමින් සිටිමි.....
ReplyDeleteසතුටුයි,..බොහොම ස්තූතියි......!!!
Deleteදෙවියනේ, ලීලා.... ශාලාව? never knew.
ReplyDeleteහරි, ඒක තමයි තැන.....
Deleteඔබේ අත්දැකීම් කියවන විට .. ඒවකට කුඩා ළමයෙකුවක සිටියද භීෂණයේ මා ද දුටු බියකරු දසුන් නැවතත් මැවෙනවා.. ස්තුතී දිගටම ලියන්න..
ReplyDeleteමා දුටු භිෂණය පිලිබදව ලිපියක් ඉදිරියේදී පළවනු ඇත..
ඔව්....ඒක හොද අදහසක්....!!
Deleteකතාවේ ගලායාමට ඉඩ දී නිශ්ශබ්ද වෙමි. අවශ්‍ය විටෙකදී ඌණ පූරණය කරන්නම්.
ReplyDeleteඔව්....! දැන් ලියවෙන හරිය මට ටිකක් පුද්ගලිකයි වගේ...
Deleteඉදිරිය බලමින්...ජය
ReplyDelete"බිංදු" ටත් හොදයි...ඒක
Deleteමේ කියන චරිත වලට දිට්ඨධම්ම වේදනීය කර්මය පළදුන්නෙ නැද්ද ?
ReplyDeleteනැත්තෙමත් නෑ. රංජන් විජේරත්නලා මහපාරෙ බාබකිව් වුනා. ඒ වගේම පරාල ඇණ නිළමෙලා ඇමතිවරුත් වුනා.
Deleteඑහෙම තමා දිට්ඨධම්ම මෙව්ව එක වැඩ කරන්නෙ.....
පරාල ඇණ ගොයියා අදුනගන්න පොඩි ඉගියක් දෙන්න බැරිද ?
Deleteඒ උනාට පරාල ඇණ නිළමෙගෙ යාළුවා ලඟදි සීවලී ග්රවූන්ඩ් එකේදී රෝස් උනා. මහ ලොකුවට හට් ගැහුවට ග්‍රවුන්ඩ් එක පිරිලා තිබුනේ හට් වලින් විතරයි.
Delete"නිළමෙ" ම තමා, අලි අනාථාගාරෙ ඉදලා බුලත් පාත්තියට පැන්න එකෙක්.....
Delete@ AKM
Deleteමිනිස්සු "සතා" අදුනනවනෙ.
වල දැම්මෙ නැති එක හොදයි, මොකද මිනිස්සු වලටත් හෙණ ඉල්ලුවා...
දිට්ඨ දම්මේ වැඩියෙන්ම වැඩ කලේ දේජවි, දේශිබ ලා ටම නේද?
Deleteවදකයින්ගේ අපරාපරිය කුසල් නිසා මේ ආත්මේ ඒවා අහෝසි කම්ම වගේ.
@කතන්දර
Deleteමටත් හිතෙන්නෙ එහෙම තමා.
/නැත්තෙමත් නෑ. රංජන් විජේරත්නලා මහපාරෙ බාබකිව් වුනා./
Deleteරංජන් විජේරත්න පමණක් නොව රෝහණ විජේවීර හා උපතිස්ස ගමනායකත් බාබකිව් වුණා. ඇයි ඒ ටික නොකියන්නෙ? ඒවත් දිට්ඨ ධම්ම වේදනීය කර්මය තමයි.
kwda nilame?
Deleteමගේ මව් පාර්ශවයේ මහ ගෙදර තූල 71 සංහාරයේ අදුරු සෙවනැලි අදටද ජීවමානව පවතිනවා
ReplyDelete88-89 වෙච්ච දේවලුත් හොදට වින්දා
මොකූත් නොලියා ඉන්ඩ හිතූනත් හරි නැ වගේ හින්දා ලියුවේ
මටත් හිතෙනවා අයියට කියන්ඩ දිලා අහගන ඉන්න එක හොදයි කියලා
ඇත්තටම මේ වගේ පෝස්ට් වලට කමෙන්ට් කරන්න අමාරුයි තමා.
Deleteසාවදානව අසා සිටිමි
ReplyDeleteඒකම මදෑ.... :)
Deleteඔබට ලියන්න ඉඩ හැර අපි බලාගෙන සිටිමු
ReplyDeleteබොහොම ස්තූතියි......!!!!
Deleteප්‍රායෝගික නොවුනත් එක හුස්මට මේ කතා අහන්න තිබුනනම්...කියල හිතෙනවා. සුමිත් අයියා ලියමු සතියකට තුනක් වත්..
ReplyDeleteහම්බෝ....සතියකට තුනක්....???
Deleteමෙහෙමවත් කරන්නෙ බොහොම අමාරුවෙන්....
පාලකයින්ගේ මතවාදයන්ට අනුකූලව ජනතාව කුපිත කිරීම හෝ අවිහිංසක කළ හැක.හිට්ලර් ජර්මන් ජනතාව කුරිරු කළ අයුරුද මෙසේමය.හෙට දවස කෙසේ වේද??
ReplyDeleteවෙනස් වෙනකල් බලන් ඉන්නෙ නැතුව, වෙනස් කරන්න වෙනවා. ප්රශ්නය දියුණු සමාජ ව්‍යාපාරයක් නැති එකයි.
Deleteදැනට ඉතින් අපිට කියන්න දෙයක් නැහැනේ . ලොකු පොඩි කාටත් වෙනසක් ඕන වෙලා තිබ්බ කාලයක්
ReplyDelete"ලොකු පොඩි හැමෝටම....." ඇත්තටම ඔව්.
Deleteඅපේ තාත්ත කොච්චර වාසනාවන්තද කියල හිතුන. මං හිතන්නෙ අවුරුදු 60ට අඩු පිරිමින්ගෙන් පහරදීමකටවත් ලක් නූන එකම කෙනා ඔහු වෙන්න ඇති.
ReplyDeleteඅපේ පැත්තෙ කෙනෙක් හිටිය ඔයාලගේ තාත්තගේ වයසටත් වැඩිඇති එයා ජවිපෙ නායකයෙක්. ප්‍රසිද්ධියෙ එහෙ මෙහේ ගියත් ඇල්ලුවෙ නෑ. මොකද වයස නිසා.
උඹේ නම නොකිය ඉන්න තාත්ත කොච්චර දුක් විඳින්න ඇද්ද කියලයි මං කල්පනා කලේ.
ඒත් බං කෑගල්ලෙ "බුලට් සීයා" ව ධර්මචක්රෙත් දැම්මනෙ....එතකොට එයාට වයස 70ක් විතර ඇති. ඔහු පක්ෂයේ පැරණිම සාමාජිකයෙක්...!
Deleteතාත්තා මං ගැන නොකිව්වා විතරක් නෙවෙයි, කවදාවත් වචනයක් කියලා නෑ "උඹ හින්දා මම ගුටිකෑවා" යි කියලා.
අනේ එතකොට ජවිපෙ උපාසක මහත්තුරු කිසිම කෙනෙකුට කිසිම කරදරයක් කළේ නැද්ද?
Deleteඅරාජික කාලයක බියකරු මතක සටහන්...
ReplyDeleteමේ සටහන් වල වැදගත්කම අදට නෙමේ හෙටට..
දිගටම ලියන්න..
ඇත්තට ම ඔව්.....
Deleteඑහෙමත් කාලයක් තිබුන. අපිත් ඒකාලෙ ජීවත් උනා
ReplyDeleteජිවත් වුන එකම කොච්චර දෙයක් ද ....!!!
Deleteවෙලාවට අපි අවුරුදු දහයෙ දොලහෙ පොඩි කොල්ලො උනේ......
Deleteමට වෙලාවකට මෙහෙම හිතෙනවා.හමුදාව දකුණේ තමන්ගේම ජාතියේ මිනිස්සුන්ට සැලකුවේ මෙහෙමනම් උතුරේ යුද්ධේ කාලේ ඒ මිනිස්සුන්ට හොඳට සැලකුවා කියලා කියන්නේ කොහොමද???
ReplyDeleteඅනේ මන්දා..
ප්‍රමුදි ට තේරුණා..... :)
Deleteකැරල්ලක් කිරීමේදී හෝ කැරල්ලක් මැඩලීමේදී සර්ව සාධාරණයක් බලා පොරොත්තු වෙන්න බෑ...
Deleteයුද්ධ කාලේ සළකපු විදිය ඉහටත් උඩින් දන්න තරමින්..
@ Pramudi
Deleteප්‍රමුදි ගේ සිතුවිල්ල දැක්කාට පස්සේ මේ ලින්ක් එක නොදාම බෑ.
මේ කතාව බලන්න.
http://kathandara.blogspot.com.au/2010/06/blog-post_21.html
මේකේ තියෙන්නේ පොලිසිය එනු දැක බයේ දුවපු කොල්ලෙක් සහ උගේ අයියා පසුව කියපු කතාවක්.
කියෙව්වා කකා.
Delete:( අද රෑට නින්ද යන එකක් නැති වෙයි මම හිතන්නේ.පව්..
මට මතකයි අවන්ත ආටිගලත් කාර්ටූන් එකක් ඇඳලා තිබුන මේ සිතුවිල්ලම එන්න.හමුදාව උතුරට තුවක්කුව මානාගෙන ඉන්නකොට දකුණේ අය හුරේ කියනවා.අන්තිමට දකුණටම මානනකොට කට්ටියට තරු විසි වෙනවා.
Hmmmm........
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට......!!!
Deleteමේ කාලෙ මම උන්නෙ නැතුවට පහු කාලෙකදි අම්මගෙන් ආත්තම්මගෙන් නෑයින්ගෙන් අහගන්න ලැබුන විශ්වාස කරන්නත් බැරි කතා..ඒ කතා වලින් එකක් මතක් වෙද්දි තාමත් මගෙ හිත පාරනව.ඔයත් සමහර විට දන්නවද මන්ද..කැලනියෙ කපල් එක එයාලගෙ පලමු වෙඩින් ඇනිවසරිය දවසෙ මරපු විදිය......මට නම් දැන් දැන් මේ ඔයා ලියන ඒව බලන්නත් බයයි වගේ......
ReplyDeleteමමත් දන්නවා.... :(
Deleteහැමදාම හැමෝගෙම බ්ලොග් කියෝල මුකුත් නොලියා ගියාට මේකට මුකුත් නොදැම්මොත් එක ඔයාට කරන අසාධාරණයක් කියල හිතුනා.
ReplyDeleteමට ඔය කාලේ මතක කරුවල වෙනකොට ලාම්පුව නිවන එකයි, එක දවසක් 6.30 ට විතර අපේ ගෙදරට ඉස්සරහ ගෙදරට (එහෙ ලයිට් තියෙන නිසා) බෙඩ් ශීට් එහෙම අරගෙන නිදා ගන්න ගිය එක විතරයි. මායි එහෙ නංගියි සෙල්ලම් කර කර හිටියා රෑ වෙනකම්. ඒත් එදා අම්මලා තාත්තලා කොච්චර බයෙන්ද ඉන්න ඇත්තේ.
සටහන්ක් නොතියා යන්න බැහැයි කියන්නෙ, මගහැර යා නොහැකි ඉතිහාසයේ සාක්ෂිකරුවකු වෙන්න කැමතියි කියන එකයි.
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට......!!!
අපේ ගෙවල් කිට්ටුවත් ඔය වගේ වද කදවුරක් තිබුනා. පුංචිම කාලේ උනත් තාමත් මට යාන්තමට වගේ මතකයි ලයිට් කණුවල ගැට ගහලා දාපු කොල්ලෝ කෙල්ලෝ හන්දි ගානේ පිච්චෙනවා ..
ReplyDeleteඅපේ රටේ තවත් එක් පරම්පරාවකටවත් පස්සෙ තමයි "ම්ලේච්ඡත්වය" කියන එක සාහිත්‍යයේ දි විතරක් හමුවෙන්නෙ, එතෙක් ජීවත්වුනු හැමෝම ඒක අහලා - දැකලා - විඳලා තියෙනවා.
Deleteරොහණ විජේවීර යනු ලංකාවට ම්ලේච්ඡත්වය හඳුන්නා දුන් ප්‍රබල චරිතයක්. අන්තිමේදි දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵලදීලා බාබකිව් වුණා.
Deleteකාලයට සාපේක්ෂ වෙන්න කියපු එක වටිනවා..
ReplyDeleteමට මතකයි 1994 මැඩම් ජන්දෙ ඉල්ලද්දි පෝස්ටර් ගැහුව හැම තැනම වධකාගාර, ටයර් සැයවල් පොටෝ සහිතව..
අනිත් පැත්තෙ අය පෝස්ටරයක් ගැහුව ‘පච මල්ල ගෙදර යවමු‘ කියලා
මැඩොං පැරෂුට් එකෙන් පාත් වුනේ සූරියකන්ද ට
Deleteගොඩගත්තා ඇට කටු.....
හිනා වෙවී බලාන උන්නා ඒ දිහා.
එයා දැනගත්තා -ගැණගත්තා ඒ ඇට කටුවල තිබුණ ඡන්ද ගණන.
ටයර් සෑ - වධකාගාර
මියගියවුන්ගෙ මව්වරුන්ගෙ කඳුළු බොහොම ලාබෙට විකිණුනා.
මිනිස්සුන්ගෙ වෛරය - විරෝධය ඡන්ද බවට පෙරලිලා පෙට්ටිවලට වැටුනා
මහ ඇමති වුනා - අගමැති වුනා - ජනාධිපති වුනා...
එහෙම තමයි ලංකාවෙ සිදුවීම් සිදුවෙන්නෙ....
මැඩොං විතරද?
Deleteඇයි පර්සි මහේන්ද්‍ර?
@ කතන්දර
Delete"එහෙම තමයි ලංකාවෙ සිදුවීම් සිදුවෙන්නෙ...."
අපේ ටිකක් දුර නෑකමක් තිබුණු සීය කෙනෙක්ටත් ඔය සන්තෑසිය වෙලා තියෙනවළු, එයාගෙ පුතා නිසා. අම්ම කියනව මම අහල තියෙනව ඒ සීයගෙ පිටෙත් බෙල්ට්වලින් ගහපු පාරවල්වල කැලැල් තියෙනව කියල.
ReplyDeleteවධකයින්ට වයස ප්‍රශ්නයක් වුනේ නෑ....
Deleteරෝහිත මුණසිංහ ලියූ පොතේ එන එලියකන්ද වධකාගාරයේ මේ විදියට ගත්තු තාත්තෙක්ව මරලා තියෙන්නේ උදැල්ලෙන් ගහලා.
Deleteඑලියකන්ද ගැන සුමිත් නිරිඇල්ලත් ලියාවි!
/වධකයින්ට වයස ප්‍රශ්නයක් වුනේ නෑ..../
Deleteසම්පූර්ණ ඇත්ත. ජවිපෙ ත්රස්තවාදීන් විසින් ඉතාම අඩු වයසේ ළමයින් වගේම වයස්ගත මහල්ලන්ද කෲර ලෙස ඝාතනය කළා. උදාහරණයක් හැටියට උඩුගම්පොළ නම් පොලිස් පරීක්ෂකයාගේ මහළු දෙමාපියන් හා කුඩා දරුවන්.
ඔව් කකා කියන කතාව මටත් මතකයි.ඒ තාත්තව මරලා දැම්මේ ඇවිදගන්න බැරුව බිම වැටිලා නැගිටපන් කීවම නැගිටගන්න බැරි වුන නිසා.
Deleteඋදලු පාරවල් දෙකක් බෙල්ලට ගහල තමයි මැරුවේ.ඒ මාරුවට පස්සේ මරපු කෙනා ලඟට තව කෙනෙක් ඇවිත් කියනවා "අයියෝ උඹ පාරවල් දෙකක් ගැහුවා.මට දුන්නනම් එක පාරින් ඉවරයි" කියලා.
අදත් ආවා.. කියෙව්වා..දැන් යනවා.. ඊලගට ආයෙත් එන්නං..
ReplyDeleteආවා.. කියෙව්වා, ඒකම ඇති..... :)
Deleteබලා සිටිමි...හෙමින් යමු..
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට.....!!!
Deleteමතකයෙන් ගිලිහිලා යන 89-89 සිද්ධීන් ආයම උඩට මතුවෙනවා....
ReplyDeleteරබර් බෝල වගේ තමා.
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට....!!!!
හැමදාම කියන්න වෙන්න එකම කමෙන්ට් එක. මෙහෙම රටකනෙ අපිත් ඉපදුනේ.
ReplyDeleteආයෙ කමෙන්ට් නොකර ඉතිරිය කියවගෙන යන්නම්
ඇත්තටම...මේ වගේ ඒකාකාරී පෝස්ට් වලට කමෙන්ට් කරන එක මාරම අමාරු වැඩක්...
Deleteඒකාකාරී? අපිට එහෙම නැහැ
Deleteනැහැ නැහැ.... මම අදහස් කළේ එය නොවේ. මම කියන්න උත්සාහ කළේ, එකම විදියෙ අසාධාරනකම් , දුෂ්ට කම් ගැන හැමදාම තියෙන්නෙ. ඔබ ඒවා ලියන්නෙ ඒවා එසේ සිද්ද වුණ නිසයි. ඒ දේවල් හැමදාම කියවද්දි හිතට එන්නෙ අපේ රටේ හිටිය පාලකයො ගැන එකම විදියෙ ජුගුප්සාජනක හැඟීම් කියලා.
Deleteසුමිත් සහෝදරයගේ තාත්තත් ඔබ වගේම සිත සවි ඇති කෙනෙක්! ඔබත් ඒ තාත්තගෙම සුජාත පුතෙක්.කතාවෙ ඉතිරි ටිකත් බලන්න ආසාවෙන් ඉන්නවා කාලයට සාපේක්ෂව.
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට....!!!
Deleteඒ සුජාත පුත්‍රයා තවත් තාත්තලාගෙ දරුවන් මරන්න ගල් කටස් උස්සගෙන ගිය හැටිත් කියනවා නම් අපූරුයි.
Deleteමෙහෙමත් යක්කු ඉන්නවානේ අපේ රටේ// ඉදිරියත් බලමු
ReplyDeleteඉන්නවා නේන්නං.......
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට....!!!
/මෙහෙමත් යක්කු ඉන්නවානේ අපේ රටේ// ඉදිරියත් බලමු/
Deleteඅපෝ ජේවීපී එකේ ඔහොම යක්කු නෙවෙයි හිටියේ. අමු තිරිසන්නු.
ත්රස්තවාදියකුට වුවද නීතියට පිටින් ගොස් වධ බන්ධනයන්ට ලක් කිරීමට රජයකට බලයක් නොමැත. එබැවින් ඔබ විඳි වදයන් ගැන පක්ශග්‍රාහීව හෝ විස්තර කිරීමේ සදාචාරාත්මක අයිතිය ඔබ සතුව ඇත.
ReplyDeleteඑසේ වෙතත් ඔබ නියෝජනය කළා යැයි මා සිතන ජනතා විමුක්ති පෙරමුණද අවි බලයෙන් රාජ්‍ය බලය පැහැර ගැනීමට තැත්කළ, ඒ පිණිස කළ හැකි උපරිම මට්ටමෙන් අනීතික, තුච්ඡ, දාමරික ක්‍රියාවලීන්හි නියැළුණු (ඉතාම දුෂ්ට ලෙස මිනී මැරීමද ඇතුළුව) සංවිධානයකි.
ඔබේ මතය අනුව රාජ්‍යයක් එවැනි සංවිධානයක් සමඟ කටයුතු කළ යුත්තේ කෙසේ දැයි පහදා දෙන්නේ නම් කෘතඥ වෙමි.
රාජ්‍යයක් කෙසේ වෙතත් ආණ්ඩුවක් එවැනි සංවිධානයක් සමග කටයුතු කරන්න ඕන ඔය විදියට තමයි. ඒ ගැන විවාදයක් නෑ. ඒත් එවැනි තිරශ්චීන මර්දනයක් සමාජය මත මුදා හැරලා යම් පාලනයක් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නේ "කුමක්ද" යන්න තේරුම් ගැනීමෙන් එහි ඇති යුක්තිසහගත භාවය සනාථ කරගන්න පුළුවන්.
Deleteඑවකට පැවති එ.ජා.ප පාලනය තුළ ගම්වල හිටිය පාලක පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් තමයි
# රක්ෂිත වනාන්තරවල ගස් කැපුවෙ,
#කසිප්පු ගම්වල බෝ කළේ.(කිසිදු ආහාරයක් නිපද වීමට ගත නොහැකි ඉතා අපිරිසිදු බැරල්වල ඇසිරූ උක්පැණි කසිප්පු නිපදවීම සදහා ගම්වලට ප්රවාහණය කළේ ප්‍රසිද්ධියෙමයි.ඊට අවශ්‍ය රැකවරණය ප්‍රදේශයේ මන්ත්‍රී වරයාගෙන් ද මන්ත්‍රීවරයා හරහා පොලීසියෙන් ද නොඅඩුව ලැබුනා)
# රජයේ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවන් ලෙස අඩි 8 ක් තාර දැමිය යුතු පාරවල් අඩි 7 හමාරක් තාර දාලා ලක්ෂ ගණනින් යටි මඩි ගැහුවෙ,
ඒ වගේම, පාලක පක්ෂයේ හෙන්චයිලාට තමයි අධ්‍යාපන සුදුසුකම් නැතත් රජයේ රැකියා ලැබුනෙ (සමාන්‍ය පෙළ වත් පාස් නැති මැට්ටො විදුහල්පති වරුන් බවටත් පත්වුනා)
අධ්‍යාපන සුදුසුකම් ඇති තරුණයන්ගේ රැකියා අවස්ථා එ.ජා.ප පාක්ෂික ග්‍රාම සේවකයින් විසින් කපා දැමුවා.(විවිධ බලපත් ලබා දීමේදි අල්ලස් ලබා ගැනීම ද මොවුන් විසින් ජයටම කළා)
පාලක පක්ෂය රජය සතුව තිබූ දේපල තමා සන්තක කරගත්තා.(උදා:- රාජ්‍ය වැවිලි සංස්ථාව සතුව තිබූ තේ, රබර්, පොල් වතු කුඩා කැබලිකොට තම තමන් අත බෙදා ගත්තා.)
කුඩු ජාවාරම-ළදරු ජාවාරම-ගණිකා මඩම්-හොර සල්ලි අච්චු ගැසීම කැසිනෝ සහ ජැක්පොට් සූදු වලට පාලක පක්ෂයේ ඍජු මැදිහත් වීමත් ආරක්ෂාවත් ලැබුණා.
මේ දුරාචාර එක්කම අනිවාර්යයෙන් ගෑවෙන පාතාලයට පාලක පක්ෂයේ ඉහළම පිළිගැනීම ලැබුනා.( උදා:- එ.ජා.ප යේ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික දිවංගත "සොත්ති උපාලි ළමයා" ද සාමවිනිසුරු ගෝනවල සුනිල් මැතිතුමා ද මතකයට නගාගන්න)
සාමාන්‍යයෙන් මෙවැනි අකටයුතුකම් ගැන මුලින්ම දැනෙන්නේ කලාකරුවන්ටයි.ඒ අනුව එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් "ධර්මිෂ්ඨ සමාජය" නමින් පොතක් ලියා ප්‍රසිද්ධ කළා. ඊට සංවේදී වූ ආණ්ඩුව, සිය මැරයන් ලවා ඔහුට බිම දාගෙන පහර දුන්නා, දැන් එ.ජා.ප යට කඩේ ගියත් මාදුළුවාවේ සෝභිත හිමි ද එසේ පහරකෑමට ලක්වූ බව මතක් කරමි.
මේ සියල්ල සිදුවෙද්දී ජාතික ආර්ථිකයේ 90%ක් බුක්ති වින්දේ ජනගහනයෙන් 10% පමන වන සුළු පිරිසක් බව ඔබට මතක් කරමි. ආදායම් විෂමතාවය වැඩිම රටවල් අතර ඉහළම තැනක් ලංකාවට හිමිවෙලා තිබුණා. ජනගහනයෙන් විශාල පිරිසක් යැපුනෙ සහනාධාර මතයි.
(මෙම ලැයිස්තුව දිග්ගැස්සෙනවා වැඩියි වගේ - ඒ නිසා එය දැනට නතර කරනවා)
ඉතින් මේවාට එරෙහිව මහජනයා කිසිවක් නොකෙළේ ද ?
'77 දී ජේ ආර් පුමුඛ එ.ජා.ප යට ලැබෙන්නේ 5/6ක අසීමිත බලයක්, මේ බලය පාවිච්චිකරලා තමයි මැතිණියගේ ප්‍රජා අයිතිය අහිමි කරලා විපක්ෂය දුර්වල කරන්නෙ. දෙවනුව '78 දී නව ව්‍යවස්ථාවක් ගෙනත් විධායක ජනාධිපති ධූරය සහ සමානුපාතික ඡන්ද ක්‍රමය ඇති කරන්නෙ.
මේ නව ව්‍යවස්ථාවට අනුව ඊළග මහ මැතිවරණය පැවැත්විය යුත්තේ සමානුපාතික ක්‍රමයටයි. එසේ වුවහොත් විපක්ෂය මන්ත්‍රී අසුන් විශාල ප්‍රමානයක් දිනාගෙන දැන් තිබෙන 5/6 ක බලය එ.ජා.ප පාලනයට අහිමි කරනවා. මේ තත්ත්වය දුර තියා දැක්ක ජේ ආර්, අදාල මහ මැතිවරණය නොපවත්වා "ජනමත විචාරණය" නම් සෙප්පඩ විජ්ජාවකින් තවදුරටත් සිය 5/6 හේ බලය තහවුරු කරගන්නවා.
මේ ප්රජාතන්ත්ර විරෝධි ක්‍රියාවට එරෙහිව බෙලහීන ශ්‍රී.ල.නි.ප යට කිසිවක් කිසිවක් කරගත නොහැකි අවස්ථාවක, ජ.වි.පෙ විසින් රජයට එරෙහිව නඩු පැවරීය. එමෙන්ම රැස්වීම් පවත්වා ජනතාව දැනුවත් කළා.
එම නඩුවේ තීන්දුව රජයට අවාසි සහගතබව පැහැදිළිවම පෙනෙන්නට තිබුණු අවස්ථාවක, '83 ජූලි කලබල පිට දමා ජ.වි.පෙ ඇතුළු වාමාංශික පක්ෂ 3ක් තහනම් කරනවා.
අනෙක් පක්ෂ දෙකේ තහනම ඉවත් කළ ද ජ.වි.පෙ තහනම ඉවත් නොකරන්න රජය වගබලා ගන්නවා,
මේ තහනම ක්‍රියාත්මක කරන තුරුම ප්රජාතන්ත්රවාදයේ උපරිම ඉඩ ප්‍රයෝජනයට අරගෙනයි ජ.වි.පෙ සිය දේශපාලන කටයුතු කළේ.
එසේනම් සියලු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් අහිමි වූ කළ ජ.වි.පෙ.........???
ප/ලි: කැරළි කෝලාහල මගින් සිය පාලනයට අභියෝග කරන තැනට මහජනයා නොපැමිනෙන ලෙස ඔවුන් සතු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට ඕනෑම පාලනයක් බැඳී සිටී.යන අදහස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයේ සඳහන්ව ඇති බව ඔබට මතක් කරමි.
ඔබගේ සාධනීය මැදිහත් වීමට බෙහෙවින්ම ස්තූතියි.....!!!
සුමිත් ගේ පටන් ගන්න තැන කතාව වැරදියි.
Deleteත්රස්තවාදයට උත්තරේ රාජ්‍ය ත්‍රස්තවාදය නොවේ. එහෙම වුනොත් මුල් ත්රස්තවාදීනුත් සාධාරණීකරනය වෙනවානේ.
ආනේ, හිටපු ජවිපෙ ත්‍රස්තවාදියෙක් විදියට ඔබ ඉතාම පහසුවෙන් ජවිපෙ ත්‍රස්තවාදය සාධාරණීකරණය කරනවා. හරිම අපූරුයි. හරිම අපූරුයි.
Deleteදිගට ලියන්නට වෙලාවක් නැහැ. ඒත් මේ වගේ කතා වලට පිළිතුරු දිය යුතුයි. නැතිනම් ඔබේ සුරංගනා කතා කියවන වර්තමාන පරපුර හිතන්නේ ජවිපෙ කියන්නෙ බෝධිසත්ත්වයින් කියලනේ. ජවිපෙ හා එහි නිර්මාතෘ රෝහන විජේවීර කියන අංක එකේ මිනීමරුවාගේ ජඩ කම් පාදඩ කම් ඔවුන් දැනගත යුතුයි.
1. එජාපයට 5/6ක බලයක් ලබා දුන්නේ මේ රටේ ජනතාව. ඊට ඔවුන් ජවිපෙන් අවසර ගත යුතු නැහැ. එසේම එජාපය ප්‍රතික්ෂේප කිරීමටද ජනතාවට බලය තිබුණා.
2. ඔය ඔබ උඩ කියන සියළුම කටයුතු අදත් මේ රජය යටතේද වෙනවා. නමුත් එයින් අදහස් වෙනවාද ජනතාව රජයට එරෙහිව ආයුධ අතට ගත යුතුය කියලා?
3, එජාපය සේම මේ රටේ සියළුම දේශපාලන පක්ෂ මැරයන්ගේ සේවය ලබාගෙන මැරයන් සමඟ සහයෝගයෙන් වැඩ කොට තියෙනවා. ඉතා ආසන්න උදාහරණයක් කියනවා නම් ජුලම්පිටියේ අමරේ කියන්නේ 2005 ජනාධිපතිවරණයේදී ජවිපෙ නායකයින් සමඟ එක වේදිකාවට ගොඩ වූ පුද්ගලයෙක්. ඔහුගේ අපවිත්‍රභාවය එදා ජවිපෙට ගැටළුවක් නොවූයේ ඇයි?
4. එජාප රජය විසින් කළ වැරදි ක්‍රියා උළුප්පා දක්වමින් විස්තර කරන ඔබ ඊට එරෙහිව ජවිපෙ මැරකම් ගැන වචනයක් වත් කතා කරන්නේ නැහැ. දැන් ඔබ ඉදිරියට කියාවි උඩුගම්පොළ ගැනත්. උඩුගම්පොළ කියන්නේ ජවිපෙ ත්රස්තවාදීන්ට ඉතා දරුණු ලෙස වධ දුන් පුද්ගලයෙක් හැටියට ප්රකටයි. නමුත් කවුරුත් අහන්නේ නැහැ ඔහු ඒ තත්ත්වයට පත් වූයේ කෙසේද කියලා. ඔහුගේ සමස්ත පවුලම (කුඩා දරුවන්ද ඇතුළුව) ජවිපෙ මිනීමරුවන් අතින් ඝාතනය වෙනවා ඉතාම කෲර විදියට. එවැනි තත්ත්වයකට පත්වූ පුද්ගලයකු එසේ නැතිනම් කෙසේද හැසිරෙන්නේ?
5. ජවිපෙ ත්‍රස්තවාදියෙක් හැටියට ඔබ මිනී කීයක් මැරුවාද, මිනී මැරුවාද, අහිංසක මිනිසුන්ට තර්ජනය කළාද මා දන්නේ නැහැ. නමුත් ඔබේ සගයන් නම් එසේ කළ අවස්ථා ගැන ඇති තරම් කියන්න පුළුවන්. මේ මිනීමැරුම් වූයේද ඉතාම කෲර, තුච්ඡ විදියට. පියවරුන් මරා දැමුණේ දරුවන් බලා සිටිද්දී. එජාප රජය එදා ගණුදෙනු කළේ මෙවැනි පාදඩයන් සමඟයි. නැතුව සිල්ගත් රෝහණ විජේවීර කියන බෝධිසත්ත්වයා සමඟ නෙවෙයි.
6. එජාප ආණ්ඩුව ඔබේ පියාට වධ දුන්න මිස ඔබු මැරුවේ නැහැ. නමුත් ජවිපෙ මිනීමරුවන් විසින් (මේ අයට මිනීමරුවන් කියනකොට ඔබේ හිත රිදේවි, ඇයි ඔබ හිතාගෙන ඉන්නේ මේ සිල් රෙදි පොරවාගත් අහිංසකයින් කියලනේ) තම පියවරුන් මරා දමන ලද පුතුන් ගැන මා දන්නවා. එවැනි එක් අයකු කාලකට පෙර බ්ලොග් එකක්ද ලිව්වා. ඔබ හිටපු ත්‍රස්තවාදියෙක් විදියට නිකමට වත් මේ අයගෙන් සමාව ගන්න අදහසක් නැද්ද ඔබේ මැර ක්‍රියා නිසා ඔවුනට අහිමි වූ පියවරුන් ගැන?
/ප/ලි: කැරළි කෝලාහල මගින් සිය පාලනයට අභියෝග කරන තැනට මහජනයා නොපැමිනෙන ලෙස ඔවුන් සතු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට ඕනෑම පාලනයක් බැඳී සිටී.යන අදහස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයේ සඳහන්ව ඇති බව ඔබට මතක් කරමි./
Deleteමේක හිටපු ත්රස්තවාදියකුට පමණක් කළ හැකි මෝඩ බියසුළු ප්‍රකාශයක්. එහෙම නම් ප්රභාකරන්ගේ ත්‍රස්තවාදයත් සාධාරණීකරණය කරන්න පුළුවන්නේ.
ඇත්තටම රෝහණ විජේවීර හා වේලුපිල්ලේ ප්‍රභාකරන කියන පාහරයින් දෙදෙනාගේම ක්‍රියා කලාපය සමානයි. නමුත් මේ මිනීමරුවන් අන්ධ ලෙස ඇදැහූ පිරිස් මේ දෙදෙනාවම දේවත්වයට පත් කොට තියෙනවා.
@ කකා
Deleteනැහැ නැහැ මම කියන්නෙ අණ්ඩුව පැත්තෙන් හරි කියන එක, මගේ මතය නෙවෙයි.
එවැනි මර්දනයකින් ආරක්ෂා කරගන්න හදන්නෙ කාවද මොන වගේ පාලනයක් ද කියන එක අනුවයි එහි යුක්තිසහගතබව තීරණය වෙන්නෙ.
උදා:- නිකරගුවානු සමාජවාදී පාලනයට එරෙහිව ඇමරිකන් ආධාර ලැබූ කොන්ට්රා ගරිල්ලන්ට එරෙහිව නිකරගුවානු රජය දියත් කළ මර්දනය.
එයින් ආරක්ෂා කරන්න උත්සාහ කළේ වඩා යහපත් පාලනයක්,
ලංකාවෙ ආරක්ෂා කරන්න උත්සාහ කළේ දූෂිත කාලකණ්නි පාලනයක්.
/කාවද මොන වගේ පාලනයක් ද කියන එක අනුවයි එහි යුක්තිසහගතබව තීරණය වෙන්නෙ./
Deleteයම් පාලනයක් දූෂිතද නැද්ද, කොයි තරම් දූෂිතද යන්න තීරණය කළ යුත්තේ ජනතාවයි. ත්රස්තවාදීන් නෙවෙයි. එජාප පාලනය යනු ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කෙරුණු එකක්. එවැනි පාලනයක්ට එරෙහිව ආයුධ අතට ගන්නා යම් පුද්ගලයේක් වේද ඒ අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදියෙක්.
/උදා:- නිකරගුවානු සමාජවාදී පාලනයට එරෙහිව ඇමරිකන් ආධාර ලැබූ කොන්ට්රා ගරිල්ලන්ට එරෙහිව නිකරගුවානු රජය දියත් කළ මර්දනය.
Deleteඑයින් ආරක්ෂා කරන්න උත්සාහ කළේ වඩා යහපත් පාලනයක්,
ලංකාවෙ ආරක්ෂා කරන්න උත්සාහ කළේ දූෂිත කාලකණ්නි පාලනයක්./
මේවා ඔබේ නිර්වචන පමණයි. :-)
සුමිත් අයියේ ආයෙත් පෝස්ටු ලියන්න පණිවුඩ එවනකන් බලාන ඉන්න එපා ...
ReplyDeleteසතියකට දෙක තුනක් වත් ලියන්න.
@Shanaka Kumara
ReplyDeleteරස්සාවත් කරන්න ඔන,සමාජ වැඩත් කරන්න ඔන.(ඔන්න අද හවස යන්න තියෙනවා මගුල් පෝරුවක් හදන්න)
ඉඩ ලැබෙන ලැබෙන විදියට ලියනවා, බොහොම ස්තූතියි.
(Reply බොක්ස් එක වැඩ කරන්නෙ නෑ)
ජවිපෙට කෙලවුනේ තම ජාතිවාදී ඇජෙන්ඩාව ගෙනියන්න පිහිටවූ දේශප්‍රේමී ජනතා ව්‍යපාරය සහ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරය නිසා බව නැවතත් කියමි.
ReplyDeleteඋතුරේ ත්රස්තවාදයට සහ ඉන්දීය හමුදාවලට විරුද්ධව එදා ජාතිවාදය පැතිරවීමට අමතරව එදා ජවිපෙ කල අනිත් ප්‍රාථමික වරද නම් අනෙකුත් වාමාංශික පක්ෂවලට වැඩේ දෙන්න යාමයි. ඒ අතින් ඇල්ටීටීය කළේද එයමයි.
සුමිත් නිරිඇල්ල කියන මේ පුද්ගලයාගේ අභිප්‍රාය ඉතාම දක්ෂ ලෙස එවකට එජාප රජය කිසිම වරදක් නොකළ අහිංසකයින් පිරිස මර්ධනයට ලක් කළ බව ප්‍රකාශ කොට මේ සිද්ධීන් ගැන වැඩි විස්තර නොදත් වර්තමාන පරම්පරාවේ අනුකම්පාව දිනා ගැනීම විය හැකියි.
ReplyDeleteඑජාප රජය ඉතාම කෲර ලෙස ජවිපෙ කැරැල්ල මර්ධනය කළා. ඒක ඇත්ත. නමුත් ඒ කතාවෙන් බාගයක් විතරයි. සුමිත් නිරිඇල්ල මෙහිදී නොකියන කතාව එසේ මර්ධනය කරන ලද්දේ කොයිතරම් දරුණු කෲර, පාදඩ මිනීමරු බලකායක්ද යන වග. ඔහු අවංක නම් පටන් ගත යුත්තේ මර්ධනයේ සිට නොව මිනීමැරුම්, මංකොල්ලකෑම් යනාදී දූෂිත ඉතිහාසයකින් පිරුණු තමන්ගේම ක්‍රියාකාරකම් වලිනුයි.
ඔබ අහපු දැකපු සොයපු දෙවල් නිසිපරිදි විචාරයට ලක්කළා නම් ඔබට පිළිතුරක් දිය හැකිව තිබුණා.
Deleteඑහෙත් ඔබේ ප්‍රතිචාර ඉතා දුර්වලයි. කිසිම පරණත බවක් ඉන් ගම්යවන්නෙ නෑ.
මහත්මා ලෙස ඔබට ලබා දුන් පිළිතුරට ඔබ ලබාදුන් ප්‍රතිචාරය නිරීක්ෂණය කරන්නන්ට එය පැහැදිළිව පෙනෙයි.
.......එපමණයි.......
මොකද්ද ඔබ බලාපොරොත්තු වන පරිණත බව? ඔබ ගල් කටස් එකක් උස්ස්ගෙන යන කාලේ මාව ඔබ අතින් ඝාතනය වෙන්නට තිබුණා. මා ගැළවුණේ මගේ වාසනාව නිසා. දැන් එහෙම ජවිපෙ ත්රස්තවාදීන්ගෙන් දිවි ගලවා ගත් මගෙන් ඔබ බලාපොරොත්තුවන පරිණතභාවය කුමක්ද?
Deleteඊට කලින් ඔබ පෙන්වන පරිණතභාවය පැහැදිළි කරන්න. ඔබ ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටවූ ආණ්ඩුවක් ආයුධ බලයෙන් පෙරළන්න තැත් කළ ත්‍රස්තවාදියෙක්. නැද්ද? පුළුවන් නම් එය ප්‍රතික්ෂේප කරන්න. මොකද්ද එවැන්නකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් පරිණත භාවය? එවැනි පුද්ගලයකුට මොකද්ද අනෙකාගෙන් පරිණතභාවයක් ඉල්ලන්න තියෙන අයිතිය?
මේ ගොංපාට් කථා කියන්නේ කාලයක් ටැබූ කියල බ්ලොග් එකක් කරගෙන හිටපු ඊට පස්සේ ඒක හැක් කරා කියල බොරු කියල වහං වෙච්ච පස්සේ ආපහු වෙනත් අටමගලයක් පටන් අරන් තමුන් ලලිත් වීරතුංගට පුක දීපු හැටි වර්ණනා කරපු චා** වත්තේගම නැමැත්තායි. අනික් උන්ගේ සදාචාරය ගැන ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා තොගේ සදාචාරය කණ්ණාඩිය ඉස්සරහට ගිහිං බැලුවනම් නේද හොද?
Deleteකියවගෙන යනවා සුමිත්. එහෙමත් යුගයක්!!!
ReplyDeletehenryblogwalker the Dude
බැලන්ස් කරගන්න ඇනෝගෙ කමෙන්ට් ටිකක් කියවන්න...
Deleteප්‍රහාරයට හමුදා ප්‍රහාරයක් එල්ලවෙලා.!
ReplyDeleteඇත්තටම එහෙම දෙයක් ද....?
Deleteසුමිත් නිරිඇල්ලලාගේ ජවිපෙ ත්‍රස්තවාදය එල්ල වුනේ හමුදාවට පමණක් නෙවෙයි. මේ කිසිවකට සම්බන්ධයක් නැති ඉතාම අහිංසක ලෙස තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන සිටි ජනතාවටත් මේ ජවිපෙ ත්රස්තවාදීන් තමන්ගේ "ප්‍රහාරය" එල්ල කළා. ඒක එල්.ටී. ටී. ඊ. "ප්‍රහාරයට" සමානයි. එල්. ටී. ටී. ඊ. එක බෝම්බ තිබ්බේ හමුදාවට විතරක් නෙවෙයි.
Deleteදැන් මේ විශ්‍රාම ගිය ත්රස්තවාදියා තමන් අහිංසකයකු සේ හඟවා අනුකම්පාවක් දිනා ගන්නට බලනවා. අපට නම් මේවා දකින විට හිනා යනවා මන්ද අප මේ පුද්ගලයන්ගේ ගල් කටස් එකට ගොදුරු වන්නට තිබුණු නිසා ඒ දවස් වල.
නිකන් පිස්සු වගේ :0
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඒක තමයි රජෝ කියන්නෙ......!!!
Deleteඔබ කියා තිබෙන විස්තරය බොරු නෙවෙයි. ඒ කාලයේ මම මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල හමුදා කඳවුරු ගණනාවක සේවය කළා. හැබැයි මෙගේ වාසනාවකටදෝ මා සිටි කිසිම කඳවුරක වධකාගාර තිබුනේ නැහැ. එයට හේතුව ඒ සියලුම කඳවුරු එවැනි දෑ පවත්වාගෙන යාමට නොහැකි ආකාරයට පිහිටා තිබීම සහ ඒවා ස්ථිර කඳවුරු වීමයි.
ReplyDelete1. වධකාගාර කියා දෙයක් තිබුණා.
2. ඒවා පවත්වාගෙන ගියේ බොහෝවිට නගර වලට ඈතින් හෝ මහජනතාවට ඇස නොගැටෙන තැන්වල.
3. දේශපාලන බලපෑම මත අතදන්ගුවට ගැනීම්, විරුද්ධ පාක්ෂික සාමාජිකයන්ගෙන් පලිගැනීම්/ඝාතනය කිරීම් සිදුවුණා.
4. ඒවාට විරුද්ධවූ අයට විවිධ පලිගැනීම් වලට ලක්වන්නට සිදුවුනා.
5. වධකාගාර පවත්වාගෙන ගිය අයගෙන් බහුතරයක්ද වධකයන් බහුතරයක්ද LTTE යුද්ධයේදී මියගියා/අතුදන් වුනා/ ආබාධිත වුනා. (නිර්භීතව සටන් වැද මියගිය/අතුරුදන්/ආබාධිතවූ වීරයන් නොවේ)
මෙහි අදහස් දක්වා ඇති සමහරුන්ගේ මතවාද දීර්ඝව සාකච්ඡා කලයුතු ඒවායි.
අසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබතුමා වැනි හිටපු හමුදා නිලධාරියෙකුම ඊට සාක්ෂි දැරීම හුගක් වටිනවා.
Deleteඔබ තුමාගේ පැමිණිමටත් - අදහස් දැක්වීමටත් බොහොමත්ම ස්තූතියි...!!!
Ai "Haldummulla" wadakagaraya,,,,,
DeleteLoku tea waththak wadde thibuna,,,,,,
Mathakada?..........
දෙවෙනි කාරණය ගැන කියනවනම් ඒක ඇත්තම නෙමේ. අපේ ප්‍රදේශයේ වධකාගාරය තිබුණෙ රජයේ පාසලක අල්ලපු වැටේ. අවුරුදු 4කට පස්සෙ මම අකුරු කළෙත් ඔය පාසලේ.
Deleteමේක අතුරු කතාවක්:- මම දන්නෙ නෑ වධකාගාරයෙන්ද කියල ඒත් අපේ BIO LAB එකේ මිනිස් අස්ථි වලින් අඩුවක් තිබුණෙ නෑ!
/1. වධකාගාර කියා දෙයක් තිබුණා.
ReplyDelete2. ඒවා පවත්වාගෙන ගියේ බොහෝවිට නගර වලට ඈතින් හෝ මහජනතාවට ඇස නොගැටෙන තැන්වල.
3. දේශපාලන බලපෑම මත අතදන්ගුවට ගැනීම්, විරුද්ධ පාක්ෂික සාමාජිකයන්ගෙන් පලිගැනීම්/ඝාතනය කිරීම් සිදුවුණා.
4. ඒවාට විරුද්ධවූ අයට විවිධ පලිගැනීම් වලට ලක්වන්නට සිදුවුනා.
5. වධකාගාර පවත්වාගෙන ගිය අයගෙන් බහුතරයක්ද වධකයන් බහුතරයක්ද LTTE යුද්ධයේදී මියගියා/අතුදන් වුනා/ ආබාධිත වුනා. (නිර්භීතව සටන් වැද මියගිය/අතුරුදන්/ආබාධිතවූ වීරයන් නොවේ)/
1. ඇත්ත. වධකාගාර කියා දෙයක් තිබිණි. කවුරුත් නැතැයි කීවේ නැත.
2. සම්පූර්ණ ඇත්ත. මිනිසුන්ට පේන තැන් වල වධකාගාර පවත්වාගෙන යන්න බෑනෙ.
3. සම්පූර්ණ ඇත්ත. සැබෑ ජේ.වී.පී. කාරයින්ට අමතරව දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම අහිංසකයින්ද මේවායේ වධ වින්දහ.
4. නොදනිමි. විය හැකිය.
5. නොදනිමි. විය හැකිය.
මගේ තර්කය මේ කිසිවක් නොතිබුණේය යන්න නොවේ. මේ සියල්ල තිබුණේය. නමුත් මේ කතාවේ භාගයක් පමණකය. කතාවේ ඉතිරි භාගය නොකියා මේ ටික විතරක්ම පුන පුනා කියන්නේ මන්ද? මේ හා සමාන ම්ලේච්ඡත්වයකින්, කෲරත්වයකින් ක්‍රියාත්මක වූ ජවිපෙ ත්රස්තවාදීන් සමාජය මත එල්ල කළ මර්ධනය ගැන කිසිවකු කතා නොකරන්නේ මන්ද?
මේ "වධකයින්" පසුව යුද්ධයේදී මියයාම "දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්" සේ දකින්නන් රෝහණ විජේවීර හෝ උපතිස්ස ගමනායක බඳු ත්රස්තවාදීන්ට අත්වූ ඉරණම දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් සේ නොදකින්නේ මන්ද?
විජේවීර වදකයෙක් කියන්න පුලුවන් කටකින් ඌරෙක් වගේ ගූ කන්නත් පුලුවන්.මමනම් කියන්නෙ උබ ඌරෙක්.UNPගූ නාගෙන කන ඌරෙක්.
Delete-ඈනෝරාළ
මම සුමිත් නිරිඇල්ල සේ විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් නොවෙමි. ඔහු මෙන් මම අනුන් මරන්නට කවදාවත් අවි ඔසවා නැත්තෙමි. මට කියන්නට ඇත්තේ එපමණයි.
Deleteඉතින් බෝල ඇනෝ තෝ මෙතන රෙද්ද උස්සන් දඟලන් නැතුව සුමිත් තමන්ගේ පාර්ශවයෙන් ඒ යුගය ගැන කියද්දී උඹත් උඹේ පාර්ශවයෙන් උඹ දැකපු හැටි ගැන කියපන් උඹේ බ්ලොගකින්.
Deleteමම මේ කියන දේ ඔබ විශ්වාස කරයිද මන්දා. ජවිපෙ ත්‍රස්තවාදී වැඩ කළා. මිනිසුන් මරුවා. ගිනි තිබ්බ, මංකොල්ල කෑවා,සම්පූර්ණ ඇත්ත. මම කොහෙද කියලා තියෙන්නේ ඒක සාධාරණයි කියලා. මේ ප්රශ්නයේ දේශපාලනික හා සමාජමය මුහුණුවර සාකච්ඡා කිරීමට මෙවැනි ලිපි සිය ගණනක් අවශ්‍ය වෙනවා. නමුත් මේ බ්ලොග් වලින් අදහස් කරන්නේ කිසියම් තොරතුරක්, සිද්ධියක්, මතකයක්, පිලිබඳ ලියන්නාගේ සහ කියවන පිරිසගේ අදහස් කෙටියෙන් දැක්වීම පමණයි. ජේවීපී සටනේදී දෙපාර්ශ්වයටම සම සමව කරුණු තිබෙනවා තමන් සාධාරණ බව කීමට. මධ්‍යස්ත මතධාරීන් ඉන්නවා දෙපාර්ශ්වයම වැරදි බව කීමට. අදටත් වලංගු රාජ්‍ය රහස් තිබෙනවා මා දන්නා, කිසිදු දිනක හෙළි කිරීමට බැරි. ඒවා ජේවීපියට පක්ෂ හෝ රජයට පක්ෂ හෝ ඒවා නෙවෙයි. ලංකාවේ රජය (ඒ ඒ කාලයේ පවතින) වෙනුවෙන් රැක ගතයුතු රහස්.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
හරි. අපි එතැන ඉඳන් කතා කරමු. ජවිපෙ හා ආණ්ඩුව අතර පැවතියේ ගෝත්‍රික සටනක්. මේ ගෝත්‍රික සටනේදී දෙපාර්ශ්වයම අන්තිම තුච්ඡ, අන්තිම කෲර, අන්තිම ම්ලේච්ඡ ක්‍රියාකාරකම් කළා. එයින් තැළුනේ මා වැනි මේ දෙපාර්ශ්වයටම අයත් නොවූ පිරිස. ඒක තමයි සත්‍යය.
Deleteඒ සත්‍යයට පිටුපා හිටපු ත්‍රස්තවාදියෙක් ඇවිත් අනේ මේ අපි තොත්ත බබාලාට යූ. එන්. පී. ආණ්ඩුව කරපු දේ බලන්ඩකෝ කියා බබා උක්කුං පාට් දාන එක ගැනයි මෙතැන ගැටළුව. තමන්ගේ කණ පැලීම ගැන ආවේගයෙන් කතා කරන ඔහු ඊට හේතු පාදක වූ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් ගැන වචනයක් වත් නොකියන්නේ ඇයි?
ගෝත්රකයෝ යුද්දකරදිදී උබල වගේ රාජකීයයෝ මොකද කොලේ?
Delete-ඈනෝ රාළ
ඔබගේ වචන වලින්ම කියනවා නම් ඔහු හිටපු "ත්‍රස්තවාදියෙක්." ඒ වගේම අන්තගාමියෙක්-ඒ ඔහුගේ පැත්ත ගැන පමණක් කීම නිසා.එහෙම නං ඉතිං එයාගෙන් අනෙක් පැත්ත ගැන කතාවක් බලාපොරොත්තු වෙන්නේ ඇයි?
Deleteකරුණාකර, ඔහුට කතාව කීමට ඉඩදෙන්න. සමහර විට ඔබට ඔවුන් අතින් වූ ගැහැට ගැන සාධාරණ කේන්තියක් ඇති. එහෙම නං , බ්ලොග් එකක් පටන්ගෙන අනික් පැත්තේ කතාව කියන්න. මට නං අවශ්‍ය, නොකී කතාව, මුකවාඩම් බැඳපු අයගේ කතාව දැන ගන්නයි. ඒක හරිද , නැත්ද කියලා පස්සෙ තීරණය කරමු.
අපට අසන්න බොහෝ ප්‍රශ්ණ තියනවා, ඒත් මේ ඒකට සුදුසු අවස්ථාව නොවේ නිසා , දැනට කතාව අසා ගෙන සිටිනවා. මෙතෙක් නිරිඇල්ල මහතා දී ඇති පිලිතුරු අනුව, ඔහුගෙන් සාධාරණ පිලිතුරු බලාපොරොත්තු වියහැකි බව පෙනෙනවා. මේක පොතක් ලියනවා වගේ ඒකපාර්ශික දෙයක් නෙමෙයි. අපේ ප්‍රශ්ණ වලට උත්තර ලැබෙනවා. ව්‍යාපාරයේ ඇතුලත සිටි , කෙනෙක්ගෙන් මේ වගේ අවස්ථාවක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ(නිරිඇල්ල මහතා දැනට ක්‍රියාකාරී දේශපාලනයේ නෑ කියලා හිතෙනවා). ඒ නිසා කරුණාකර, අපට මේ අවස්ථාව අහිමි වෙන විදිහේ කමෙන්ට් දාන්න එපා. මේක විවාදයක් නෙමෙයි, ඉල්ලීමක්.
හිටපු හමුදා නිලධාරියෙක් වන විචාරකතුමා කතාව දෙස මැදහත් සිතින් බලනවා. ඔබට මගේ උපහාරය.
Everybody is special, everybody. Everybody is a hero, a lover, a fool, a villain, everybody. Everybody has their story to tell.
සිදු වූ යමක් ඒවගේම කියන්න සුමිත් නිරිඇල්ලට සම්පූර්ණ නිදහස තිබෙනවා. එය පිළි ගන්නවා. නමුත් ඔහු facts හා opinion මුසු කර මෙතැන බබා උක්කුං පාට් එකක් ගෙනියනවා නම් ඊට එරෙහිව ඔහු ඇතුළු ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිසා පීඩා විඳි පිරිස වෙනුවෙන් කථා කරන්න අපට සිද්ධ වෙනවා. සුම්ත් නිරිඇල්ල අපට මෙහි කමෙන්ට් කරන්න නොදුන්නොත් අප වෙනත් බ්ලොග් එකක් යොදා ගන්නවා.
Deleteහොරු කොහොමත් හොද මිනිස්සුන්ට බයයි!!!!!!!!!!!!!!!!.
Deleteමේ ඈනොනිමස් ගොයියාත් ඵ් වගේ කුහක හොරෙක් කියලා උන්නෙහේගෙ කමෙන්ට් වලින්ම් පේනවා.තමුන්නෑහේලා වගේ ගෝතයෝ JVPට බයවීම අරුමයක් නොවෙයි.
//සුම්ත් නිරිඇල්ල අපට මෙහි කමෙන්ට් කරන්න නොදුන්නොත් අප වෙනත් බ්ලොග් එකක් යොදා ගන්නවා//
Deleteබොහොම හොඳයි එහෙම කරන්න. ඔබ කවුරු උනත්, සභ්‍ය ලෙස තම අදහස් දැක්වීම නිසා, සාධාරන අයෙක් බව පේනවා.
ගල් කටස් ගෙන ආණ්ඩු පෙරලීමට ගිය කිරිකජු කොල්ලා වෙනුවට අද ඉන්නෙ, බුද්ධියෙන්, අත්දැකීමෙන් මුදුකුරා ගිය පුද්ගලයෙක්. ඔහු ඒ වෙනුවෙන් ඉහල මිලක් ගෙවා තියනවා. ජවිපෙ පසුපෙල සටන්කලේ, එදා සමාජ අසාධාරණයට එරෙහි වු තරුණ පරම්පරාව.ජවිපෙ නායකත්වය, කල වැරදි පමණක් නොව සමස්ත සමාජවාදී සංකල්පයේ බිඳ වැටීම අපට සාකච්චා කරන්න අවශ්‍යයයි.
අමතක කරන්න එපා විවාද කරන්න නෙමෙයි, සාකච්චා කරන්න. දේශපාලනය කියන්නෙ, මිනීමරාගන්නා මාතෘකාවක්. ඒක සාකච්චා කරන්න සංයමයක් අවශ්‍යයයි. ආවේගකාරී කමෙන්ට් වලින් කරන්නේ, සාකච්චාවක් නොව, විවාදයක්. විවාදයකින් , තමන්ගේ මතය හරි කියලා ඔප්පුකරන්න හදනවා මිස, ඉගෙන ගන්න දෙයක් නෑ.
බ්ලොග් එකක් පටන් ගන්න. හැබැයි, තවත් කුනුහරුප, මඩ බ්ලොග් එකක් තත්ත්වයට පල්ලං බහින්න එපා. ජය
Everybody is special, everybody. Everybody is a hero, a lover, a fool, a villain, everybody. Everybody has their story to tell
/ගල් කටස් ගෙන ආණ්ඩු පෙරලීමට ගිය කිරිකජු කොල්ලා වෙනුවට අද ඉන්නෙ, බුද්ධියෙන්, අත්දැකීමෙන් මුදුකුරා ගිය පුද්ගලයෙක්./
Deleteමාත් හිතුවා යම් පරිණත භාවයක් මේ හිටපු ත්රස්තවාදියාගෙන් ප්‍රදර්ශනය වෙයි කියලා. නමුත් ඔහු හිටපු කජු කිරි කොල්ලාම තමයි. හොඳම උදාහරණය ඔහු නිකරගුවාව ගැන කරපු ප්‍රකාශය.
/බ්ලොග් එකක් පටන් ගන්න. හැබැයි, තවත් කුනුහරුප, මඩ බ්ලොග් එකක් තත්ත්වයට පල්ලං බහින්න එපා/
ඇයි මෙහෙම පූර්ව නිගමන වලට බහින්නෙ? විශ්‍රාමික ත්රස්තවාදියකුට නැති සංයමය අපට තියෙනවා.
/තමුන්නෑහේලා වගේ ගෝතයෝ JVPට බයවීම අරුමයක් නොවෙයි./
Deleteඔව් අපි ජේ.වී. පී. එකට බය වීම අරුමයක් නෙවෙයි. මේ සුමිත් නිරිඇල්ලලා ගල්කටස් අරන් අපව මරන්න ආපු කාලේ අපට මතකයි.
/ඔව් අපි ජේ.වී. පී. එකට බය වීම අරුමයක් නෙවෙයි. මේ සුමිත් නිරිඇල්ලලා ගල්කටස් අරන් අපව මරන්න ආපු කාලේ අපට මතකයි./
Deleteදේශප්‍රේමී ජනතා ව්‍යාපාරය රාජ්‍ය බලයට මුවාවෙලා ජාවාරම්කරපු සමාජවිරෝදී කසිප්පු කරුවන් හොරුන් ට ඵරෙහිව කටයුතු කලා කියලා කලින් කමෙන්ට්ඵකක බින්දි අක්කද කොහෙද කියලා තිබ්බා.ඉතින් තමුන්නෑහේ ඵ් රාජ්‍ය බලයට මුවාඋන හොරෙක්ද මෑරයෙක්ද කියන කුලක දෙකෙන් කියි කුලකයටද අයිතිවෙන්නේ කියනඵක විතරයි අපිට දෑනගන්න ඔනේ.
බ්ලොග් එකක් යනු මිනිසෙකුට තමන්ගේ අදහස් දැක්වීමට ඇති අවකාශයකි.එය කැමති නම් කියවන්න නැතිනම් නොබලා ඉන්න.නමුත් අනෙකාට තමාගේ මතය දැරීමට ඇති අයිතියට ගරු කරන්න.වැඩි පුර තප්පුලන්නට යාමෙන් තම වෘෂභ භාවය මනාව පෙනෙයි.
Deleteමේ ලිපියට අදාළ නොවුනත් ... මට මේක ලියන්නම ඕන වුනා.
ReplyDeleteකියවන්නො සහ කියවන්නියො මට ඒ ගැන සමාව දෙන්න.
සුමිත් නිරිඇල්ලෙ ව මට පළමු වරට හමු වුනේ ගාල්ල ගෙට්ටුවෙදි. ඊට පෙර ඔහු අන් අයට දාපු කමෙන්ට් දැකල තිබුනත් ... ඔහු කවර විදිහෙ කෙනෙක්දැයි මා දැන සිටියෙ නෑ.
පසුව අපි දැන හඳුනා ගත්තා. [නැවත සිහින උළෙලේදීත් ]
ජීවිතයේ බොහෝ කම්කටොළු වලට මුහුණදුන් කෙනෙකු හැටියටත් ... ධෛර්යයෙන් ඒවා ඉවසාගෙන නැගීසිටි කෙනෙකු විදිහටත් මම ඔහු පිළිබඳව හුඟක් පැහැදුනා.
ඔහු ඒ කාලෙ තමාටම කියල බ්ලොගයක් නැති එක ගැන කණගාටුවෙන් හිටියෙ. දැන් ඒක සැබෑ වෙලා. ඔහු වැනි දහිරියවන්ත මිනිහෙකුට සුබ පැතීමට කැමතියි මගේ හද පත්ලෙන්ම.
නැවතත් .. සමාවෙන්න .... මේ කමෙන්ට් එක දාන්න තිබුනෙ හුඟක් කලිනුයි .. නමුත් ඔහුගෙ මේ බ්ලොග් එක මම දැක්කෙ අදයි. [ඒකත් දැනගත්තෙ ''ඇවිද්ද පය '' ලියපු ලිපියක් නිසා]
අඃ කුමාරයා අයියත් ඇවිල්ලා......
Deleteබොහොම සංතෝෂයි බොහොම ස්තූතියි......!!!!
හොද වෑඩක් යාලුවා.
ReplyDeleteඅපේ පරම්පරාව ගොඩක් වෙලාවට අරගලයන් ගෑන තොරතුරු ලබාගන්නේ විජේවර්දන මුදලාලිගේ කඩමාලු බෝතල් පත්තරෙන්.උන්නෑහේගෙ ගෝලයෝ උන්ගේ දේසපාලන අනුපානයට තමා අබරන්නේ ඵ්ක.ඔබතුමා වගේ කෙනෙක් මේවගේ කාලෙක අපේරටේ සිද්දවුනු ඵ් සිදුවීම්පෙල ගෑන ලියනඵක ගොඩක් වටිනවා
ප්‍රදීප්
මේ Anonymous කියන විදියට ලpකාව බොහෝම හොදට තිබිලා තියනවා.මේ jvpකාරයො තමයි කලබල කරලා මෙයාලාගේ ආතල් කඩලා තියෙන්නේ.
Deleteඅනේ හරකෝ ඔවා කියහන් සිලුමිණ පත්තරේ බලන උන්ට.
අපේ රජතුමාගේ පාලනය මෙච්චර තිත්ත වෙලා නම් JRනාකි නරියගේ පාලනය කොච්චර ශෝක් වෙන්න ඈත්ද ඵ් කාලේ.
ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ශ තහනම් කරලා මෑතිවරන සිතියම් අකුලලා යාපනය ගිනිතියලා දෙමල මිනිස්සු අමුවෙන් පුච්ච්ලා කොටින්ට ආයුද සල්ලි දීලා ඉන්දියන් ගදගහන වදුරු හමුදාව ගෙන්නලා මව්බිම කෙලසලා unpපො_න්නයෝ පිස්සු කෙලිනකොට මේරටේ කොන්ද පන තියන මහජනතාවට මොනවාකරන්න කියලද නරියෝ කියන්නේ?
මේ කමෙන්ට් එකත් , එයින් දෙන "යන්නෙ කොහෙද , මල්ලෙ පොල්" වගේ උත්තරයක් දැක්කාම, මේතරම් දුරක් හොඳින් ගලාගෙන ගිය අපේ සාකච්චාවට, බ්ලොග් නිල මැස්සන්ගේ නැවතත් ඉඟද තිබීමේ තැතක් ගම්‍ය වෙනවා.ප්රකෝපකාරී ලෙස අනිකාට නම් අඬගසන්නේ, සාධාරණ ලෙස තම මතය ඉදිරිපත් කිරීමට තරම් හැකියාවක්, දැනුමක් හෝ සාක්ෂි නැති හිස් මිනිසුන් බව මගේ අදහසයි. මේ සාකච්චාව කඩාකප්පල් කිරීම ඔවුන්ගේ අදහස නම්, ඇනෝ පහසුකම ඉවත් කලත්, අපේ ප්‍රොපයිල් වලින් කමෙන්ට් කිරීමට අප සූදානම්.
DeleteEverybody is special, everybody. Everybody is a hero, a lover, a fool, a villain, everybody. Everybody has their story to tell
ජවිපෙ ත්‍රස්තවාදය සාධාරණීකරණය කිරීමේ තවත් වෑයමක්. මේ වගේම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයත් සාධාරණය කළ හැකියි.
Deleteඈයි Anonymous ඔයාගේ ආතල් කෑඩුනනද?
Delete-ඈනෝ රාළ
@ 1 Anonymous,
Deleteකොහෙද යන්නේ මල්ලෙ පොල් වෙන්නේ කොහොමහ සෑර්?
මේ රටේ මෑතිවරන සිතියම අකුලලා ප්‍රජාත්‍රන්තවාදය කියන්නේ මිරිගුවක් කියන ඵක ජනතාවට ඔප්පු කලේ JVPද?නෑත්නම් අපිද?
දෙමල මිනිස්සු අමුවෙන් පිච්චුවේ,යාපනය පුස්තකාලය, ආසියවේ මහා දෑනුම්සම්බාරය පිච්චුවේ අපිද?ත්රීමා විතාරණලගේ ඔලුවට පරාල ඈණ ගෑහුවේ අපිද?කොටින්ට තුවක්කු සිමෙන්ති දුන්නේ,මහා රණවිරු කොබ්බෑකඩුව ම්හතාට බෝම්බ තිබ්බේ අපිද?ඉන්දියවට පු_ දීලා වදුරු ගදයො ටික මෙහාට ගෙනවේ උන්ලව්වා ත්‍රීකුණාමලයේ සිහලයන් කෑති ගෑවේ JVPද?ප්‍රජාත්‍රන්ත්‍රවාදී පක්ශ තහනම් කරලා පොලීසි ලව්වා ගස්සලා ඵ් සාමාජිකයන්ව මෑරුවේ අපිද?
මතකතියාගන්න 1988-89අරගලයට විතරක් නෙවෙයි සෑර් 30අවුරුදු ඊලාම් යුද්දයටත් වගකියන්න ඔනේ ඔය UNPපාහර පාලන බල්ලො තමයි.(කලු ජූලිය ඈතිකලේ අපිනේ නේද? )
අද මෙතන උපාසකය වගේ ඔයා සියලු පව් සුමිත්ලා කරපිටින් යවන්න හෑදුවට උතුරේත් දකුනේත් රත්තරන් තරුන පරම්පරා දෙකක් විනාශකිරීමේ වගකීම ඉතාම කපටි විදියට තමන්ගේ පෑවෑත්ම උදෙසා රට නෑටවූ බලු UNPහාමුලා හා උන්ගේ කටු කෑ බල්ලෝ බාරගන්න ඔනේ.
-ඈනෝ රාළ
මේ පෝස්ට් එක කියෙව්වෙ ඊයෙ උනත් කොමෙන්ටුවක් කොටන්න ඉඩක් තිබ්බෙ නෑ ඒ මොහොතේ ..මේ කියන කාලේ මන් බාලාන්ශ පන්තියේ ..භීෂනකාරී වටපිටාවක වූ මිනිස් සන්වේදනා අපේ පරම්පරාවට අහිමියි. මෙවනි පෝස්ට් එකක් ඉතා වැදගත් වෙන්නේ එම අහිමි අත්දැකීම් කියවා හෝ විදින්නටත මෙන්ම ,ඉතිහාසයේ තතු විත්ති විවිධ දෘශ්ටිකෝණයන්ගෙන් කියවීමේ අවස්තාවන් පුළුල් වෙන නිසයි .නැත්නම් අපට සිද්දවෙන්නේ ලන්කාදීප දියතේ ඉත්හාස පාඩම කියවා සාධුකාර දී පිලිගෙන නිහඩ වෙන්නයි.
ReplyDeleteඒ වගේම අමතකවූ තව කාරණාවක් ..ප්‍රහාරය හෝ තවත් එවැනි කතා කියවා අප ඒවා ඒ අයුරින්ම පිලිගන්නවා යැයි කිසිවෙක් කලබල විය යුතු නෑ ,විශේෂයෙනම් ඇනෝ ඔබ. ප්‍රහාරය කරගෙන යන්න ඉඩදෙන්න. රිදෙනවානම් ප්‍රතිප්‍රහාරය දෙන්න.88-88-89 යුගය පිලිබද බොහෝ දේ ලියවී තිබෙනවා. අවශ්‍ය අය සොයායමින් කියවන්න ..ඔත්තුවක් දෙන්නම් ටෙනිසන් පෙරේරාගේ 'මැජික් කාරයාගේ කතාව' කියවන්න .
ReplyDeleteමේ බ්ලොග් එක කියවන්නෙ බබ්බු නොවෙන බව පහදා දීම හොද දෙයක්....
Delete'මැජික් කාරයාගේ කතාව'ත් කියවිය යුතුම පොතක්.....
සුමිත් අයියෙ ඔයා මේක ලියපු දවසෙම කියෙව්වා. කොමෙන්ටුවක් දාන්න පරක්කු උනාට .තවත් ලියන්න අපි කියවනවා. ඒක නෙමේ කෝ අර " සඳ එළිය ගඟක් වී" කියන නිසඳැස තිබ්බ චිත්‍රය. ඒක ට මම මාර ආසයි.
ReplyDeleteඒ චිත්‍රයනම් මම ඇන්ද එකක් තමයි,.....
Deleteඒත් "සඳ එළිය ගඟක් වී" නිසඳැසක් නෙවෙයි. නන්දා මාලනීගේ "පවන" හි ගීතයක්.
ඒ සිංදු දැන් ඇහෙන්නෙ නැති එක ශශිගේ වරදක් නෙවෙයි,
කියෙව්වා....
ReplyDeleteඔබා තියරිය..... :)
Deleteසුමිත් නිරිඇල්ලලාට එදා තුවක්කුවෙන් මරන්න බැරිවුණු අපේ හඬ මෙදා මරන්න දෙන්නෙත් නෑ. එච්චරයි කියන්න තියෙන්නේ. බබා උකුං විදියට කතාව ගෙන යන්න ඕනැ නම් කෙමන්ට් ඩිසේබල් කරන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා.
ReplyDeleteතුවක්කුවෙන් මරන්න ඔන නෑ.
Deleteතමුන්නෑහේලා තමා දාහේ කොළ දෙකතුනක් පෙන්නපුහාම නෑට්ටවනාගෙන බල්ලො වගේ පස්සෙන් යන්නේ.
ඔයාලාතමයි හෑම යුගයකම පවතින ආණ්ඩුවල හොරි කහකහ බඩ වඩාගන්න හොරු!!!!!!!!!!!!!!!!!.
ඉතින් උබලට සුමිත්ලා වගේ අවoක සටන්කාමියෝ ගෑන ක්රෝදයක් තියෙනවා තමා.
රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ඈටිකෙහෙල් කෑ උගුඩුවන් වගේ ඉන්න උබලා මේ බ්ලොග්ඵක දෑකපුගමන් කෑගහන හෑටියෙන් තමුන්නෑහේලා ගේ කුහක වත හොදටම ඵලිදරව් වෙනවා.
ඵ් කාලේ ගමේ අහි0සක උගත් කොල්ලන්ව වලපල්ලට යවන්න ලිස්ට් හදපු කෙනෙක් ද ඔබතුමා?කලබල වෙලා තියන විදියෙන් පේන්න ඵ් වගේ කෙනෙක් කියලයි.ඔහොමයන් ඔහොමයන් කො.ඉගිලෙනකොට කනකොකගේ සුද පෙනේවී.
මෙවැනි සන්වාදයන් ඉතාම වටිනවා.කරුනාකර ඒවා පුද්ගාලික තත්වයට වැටෙන ලෙස කටයුතු කරන්න එපා........
Delete/ඇනෝ ඔබ. ප්‍රහාරය කරගෙන යන්න ඉඩදෙන්න. රිදෙනවානම් ප්‍රතිප්‍රහාරය දෙන්න./
ReplyDeleteඅනිවාර්යයෙන්ම රිදෙනවා තමයි. මොකද එදා අප මරන්න ආපු එවුන්ම අද බෝධිසත්ත්වයින් වගේ සිල් රෙද්ද ඇඳගෙන සමාජයේ අනුකම්පාව ගන්න උත්සාහ කරද්දි.
කොල්ලන්ගේ ඔලුවලට පරාල ඈණ ගහලා අද උපාසකයන් වගේ දේශප්‍රේමී සිල් රෙද්ද ඈදලා ඉන්න සුසන්ත පුන්චිනිලමේලා ගෑනද ඔය කියන්නේ?
Deleteසුමිත් නිරිඇල්ලට තමන්ගේ කථාව කරගෙන යන්න කිසිම බාධාවක් නැහැ. ජවිපෙට එරෙහිව මර්ධනයක් නොතිබුණා කියල මා කිසිම තැනක කියා නැහැ. ජවිපෙට එරෙහිව ඉතාම දැඩි කෲර මර්ධනයක් තිබුණා. (ඊට අවශ්‍ය නම් මාත් සාක්ෂි සපයන්නම්.) නමුත් ඒ විදියටම ජවිපෙනුත් රජයට විතරක් නෙවෙයි මේ කිසිම එකකට සම්බන්ධ නොවූ තුන්වන පාර්ශ්වයකටත් එරෙහිව ඉතාම කෲර, ම්ලේච්ඡ මර්ධනයක් තිබුණා.
ReplyDeleteඅද සිදුවිය යුත්තේ එක මර්ධනයක් උළුප්පා දක්වා ඊට නොදෙවෙනි අනෙක් මර්ධනයට සුදුහුණු ගෑම නෙවෙයි.
ඒ අවබෝධයට ඇවිත් මේ කතාව කියනවා නම් මගේ කමෙන්ට් මින් පසු නතර කරමි.
//ඒ අවබෝධයට ඇවිත් මේ කතාව කියනවා නම් මගේ කමෙන්ට් මින් පසු නතර කරමි.//
Deleteමේ මහත්තයා තමන්ගෙ, කමෙන්ට්...? ගැන උද්දාම වෙලා තියෙන තරම...!!! :D :D :D
ඇනෝ, ක්‍රීඩා පිටිය තියෙන්නෙ ක්‍රීඩා කරන අයට වගේම "සෙල්ලං කරන" අයටත් එක්කයි.
ඔයා ඇති තරම් සෙල්ලං කරන්න....
අනේ සුමිත් ඔය මේ ඇනෝ පැටියට බය වෙන්නකෝ...මෙයා දිගටම ඔයාට ප්‍රහාර එල්ල කරනවලු.ඔයා මීට පස්සේ මේ බ්ලොග් එකේ ඔයාගේ කතාව ලියද්දි ඔය ඇනොනිමස් මහත්තයට යවල එයාට ඕන විදිහට වෙනස් කරන් දාන්න.මෙයා UNP කාරයෙක් නම් පක්ෂෙට ඔහොම වෙලා තියෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.මුන් වගේ එක දාහක් එකතු උනාම ඒක කොයි විදිහේ හරක් පට්ටියක් වේවිද?
Deleteඒ ඇනෝ එයා කැමති විදියට සෙල්ලං කලාවෙ, හතියත් එයාට-කිතියත් එයාට......
Deleteජේ.ආර් නාකි නරියා තමා ප්‍රජාත්‍රන්ත්‍රවාදී දේසපාලන පක්ශ තහනම් කරලා මෑතිවරන සිතියම අකුලලා මේ ප්‍රශ්න පටන්ගත්තේ.
ReplyDeleteඊට අමතරව කලුජූලිය ඈතිකරලා උතුරේ දෙමල තරුණයින්වත් කෑලේට දෑක්කුවේ ඵයාම තමා.
මේ රට කාබාසිනියවෙන්න මූලිකම හේතුව අදූරදර්ශී යූ,ඈන්.පී පාලනය කියලා කියන්න පුලුවන්.දෑන් ඉන්න අයත් අරන්යන්නේ ඵදා unp කාරයන්ගේ ක්රමයම තමයි.මේ යනවිදියට ඉස්සරහටත් මේවගේ දේවල් ඈති නූනොත් තමා පුදුමය.ලෝකෙ කොයි රටෙත් රාජ්‍ය පාලකයන් ජනතාවට කෙනෙහිලිකම් කරනඵක නතරකරනකන් අරගල සිවිල්යුද්ද වගේ ඵ්වා ඈතිවෙන ඵක නතරකරන්න බෑ.
ඇනොවෙක් පැමිණ ස්වයං වින්දනයක් ලබා ගැනීමෙන් මේකත් අර රෙදි උස්සාගත් බ්ලොග් ගුබ්බෑයමක් බවට පත් කරන්නට හදයි.සුමිත් තම අදහස් ප්රකාශනය සඳහා තමන්ගේ බ්ලොග් අඩවිය භාවිත කරයි.එහෙත් අපට ඕනෑ හැටියට සුමිත්ගේ කතාව කියන්ට බැරිය.ඔහු කිව යුත්තේ ඔහුගේ කතාවයි.ඇනෝවට අවශ්‍ය නම් මින් පසු මෙතන මරා ගන්නේ නැතිව නිකන් ලැබෙන බ්ලොග් ගිණුමකින් බ්ලොගයක් පටන් අරන් තමන්ට ඕනෑ දෙයක් ඕනෑ හැටියකට කිව හැක.කැමති උන් බලාවි.අකමැති උන් නෑවිත් හිඳීවි.
ReplyDeleteසුමිත් අයියගේ තාත්තා නම් දෙවි කෙනෙක්... මම අහලා තියෙන විදියට නම් දෙන වද කන්දරාව ඉවසන්න බැරි තරම්ලු...
ReplyDeleteමම කියවපු කතාවක් මතක්වුනා.රුසියානු කෙටි කතාවක් විය හැකියි බොහෝ දුරට.
ඒ කතාව ගෙතිලා තිබ්බේ රුසියානු විප්ලවය වටා.ඒ විප්ලවයන්ට සම්බන්ධ කිහිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන වදදෙමින් ප්‍රශ්න කරන කොටසකින් තමා කතාවට පිවිසෙන්නේ.කරන වද වේදනා ඉවසා ගත නොහැකි මට්ටමකට එද්දි එක පුද්ගලයෙක් තීරණය කරනවා බොරුවක් හෝ කියා විනාඩියක හෝ සහනයක් ලබා ගන්න... ඒ අතරේ වධකයින් පවසන්නේ ඇත්ත කිව්වොත් නිදහස ලැබෙනවා කියලා... අන්තිමේ ඒ පුද්ගලයා කියනවා "මිනී වලේ බලපං" කියලා...
පහුවදා අදාල පුද්ගලයගේ බැමි ලිහා දමනවා.ඔහු හිතන්නේ ඔහුගේ අවසානය එළැඹ ඇති බව.නමුත් ඔවුන් ඔහුව නිදහස් කරනවා.අදහගත නොහැකිව ඔහු ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දි දැනගන්න ලැබෙන්නේ ඔවුන්ගේ නායකයා මිනී වලක හැංගී සිටියදි ඝාතනය කල බවක්....
පසුව ඔහුට දැනගන්න ලැබෙන්නේ තමන්ගේ සගයන් විශ්වාස නැති බැවින් නායකයා කපන ලද මිනී වලකට ගොස් ඇත්තේ කිසිවෙකුත් එය සැක නොකරයි යන චේතනාවෙන් බව...
ගොඩක් දෙනෙක්ගේ මතයක් තමා අදටත්... මේ විප්ලවය තව සැලසුම් සහගතව හරියාකාරව සිදුවුනානම් ලංකාව අද සුරපුරයක් වෙන බව.අවස්ථාවාදින් සහ කුහකයන් නිසා මෙහෙම වුනා කියලයි කතා වටින් පිටින් ඇහෙද්දි මට හිතෙන්නේ... රාජ් අයියගේ බිංදු කතාවත් මේ සමයටම අදාලයි වගේ
ජය වේවා... ගන්න දේ බොහෝමයි ලියන ශෛලියෙන් සහ අවස්ථා විස්තර කරන හැටියෙන්...
ඔය කෙටි කතාව මමත් කියවලා තියෙනවා. ඒත් නම මතක් වෙන්නෙ නෑ (ගොඩාක් ඉස්සර කියවපු කතාවක්)
Deleteබොහොම ස්තූතියි දීර්ඝ කොමෙන්ටුවට.....
89 මුල් කාලේ විනෝදෙන් හිටියට අන්තිම කාලේ වෙනකොට ලඟම නෑයෙක්ව මගේ ඇස් දෙක ඉස්සරහම වෙඩිතියලා මරලා දැම්මා..ඒගැන පසුවට ලියන්න බලාපොරොත්තු වෙනවා..
ReplyDeleteග්‍රාම සෙවකයෙක්ව මරපු සිද්ධියක් නේද...? මම දැක්කා බ්ලොග් කීපයකම ලියලා තියෙනවා.
Deleteසුවිසල් ලෝකයේ පුංචිම පුංචි ඉඩක තනිවෙච්චි මූදෙන් වටවුන අපේ සුන්දර මව්බිම ඉතිහාසය පුරාවට මොනතරම් දුක් සුසුම් කන්දරාවක් උහුලාගෙන විත් තියෙනවද කියල හිතුන සුමිත් මහත්මයගෙ ලියවිල්ල සමඟ කොමෙන්ට්ස් එකක් නෑර කියෙව්වට පස්සෙ.ඔබතුමා මේ කරන්නෙ යුතුකමක්. මේ දේවල් නොදන්නා අයට දැනගන්නටත් දන්නා අයට යලි යලිත් සිතා බලන්නටත් මේ කතාබහ මිලකල නොහැකි තරම්. දිගින් දිගට ලියන්නට ශක්තිය ධෛර්ය්ය....
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.....!!!
DeleteMan ada thamai me blog eka dakke. Hithana vidiyata obath gampalathey kene. Mage na wena kenek (daraniyagala) oya samajikayek. Ohuth nayakayath athara thibune loku hithawathkamak. Ape gedara awith kalath thiyenawa. Api punchi lamai.
ReplyDeleteOya ........wathie shalawa man dannawa. Ape ammala e namin inna nonata hariyata banala thiyenawa. Jvp ekata nam dunnata. Loku aiya kiyala Mage na wena aiya kenekwa Allan yanna Nama dunne oya ..... Wathilath ekka hitapu un. Me wage katha kiyawanakota... Heena yak wage ekin eka mathaketa enawa.
ඒ ඉතිහාස කතාවේ තවත් සාක්ෂි......
Deleteබොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.....!!!!
කව්රු මොන දේ සාධාරණය කරන්න හැදුවත් ඔය කියන සමයේ අහිංසකයන්ට ලොකු අසාධාරනකමක් සිද්ද වුනා.ඒ දේවල් වලට මැරිලා හරි ගෙවන්න වෙන එක නම් අනිවාර්යයි.
ReplyDeleteඒ ගෙවීම සම්පූර්ණ වෙන්නෙ අපි මරුණම ද නැත්නම් සුසන්තලා, උඩුගම්පොලලා මැරුණම ද ? පැහැදිළි මදි....!
DeleteThose who are responsible for killing in both JVP and UNP backed armed men
Deleteඅදයි ප්‍රහාරය කියවන්න එන්න අවස්ථාවක් ලුබුනේ.. මීට කලින් අස්වැන්නට අවිත් ගිහින් තිබුනා. ඒ මංසළකුනු වලින් තමයි පොර සොයාගත්තේ.
ReplyDeleteභිෂණ යුගයේ බොහො සිදුවීම් අතරින් කෙනෙක් අතුරුදහන් නොවී බේරීමත් එක්තරා හාස්කමක්. ඒ ඔබේ පියාට තිබූ පෙර වාසනාවක්.
දැන් ඔන් ලයින් ලින්ක් එක දාගත්තා ආයෙ ඉදිරියට එන්නම්
පැමින දැක්වූ සහයෝගයටත්....ප්‍රතිචාරයටත් ...බොහොම ස්තූතියි...!!!
Deleteප/ලි : මේ ලිපිය කියැවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න.
ReplyDeleteඒ කාලකණ්නි අවුරුදු දෙකේදි කාලකණ්ණි ආණ්ඩුවෙ සෘජු ප්‍රහාරයට ලක් වෙච්ච එක් කාලකණ්ණියෙක් වෙන මට සුමිත් ඔය කියල තියන දේ අමුතුවෙන් කියන්න උවමනා නෑ.
මේ ලිපිය කියවලා මගේ හිත ආයෙත් අතීතයට ගියා. කාලෙන් කාලෙට පෑරෙමින් පැසව පැසව තිබ්බ තුවාලෙ ආයෙත් අළුත් වුණා. හැටදාහක් කියන්නෙ සුළුපටු ගාණක්ද? මේක කවදාවත් සුව නොවෙන තුවාලයක්. ඒ සිදුවීම් මතක් වෙද්දි අදත් දැනෙන්නෙ එදා කම්පනයමයි. මොන තරම් කල් ගියත් මතකය මොනතරම් පරණ වුණත් නැවත නැවත මතක් වෙද්දි දැනෙන මේ කම්පනය මේ ගින්න මැරෙනකල්ම තියේවි. සමහර විට ඊටත් එහා..
ඇත්තවශයෙන්ම......
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට.....!
මන් හිතන්නේ අලුත් ප්‍රහාරයකට කාලෝ අයන් තේ ...
ReplyDeleteBBQ wenna asada?
Deleteමේ කැරලි කෝලහාල මැද නිකරුනේ තම ජීවිතය අහිමිවුවන්ද අපමණ සිටියහ.මා හොදින් හදුනන මාගේ මිතුරකුගේ පියාගේ ජීවිතයද එසේ අහිමි විය.ඔහුගේ ඉතාම කුලුපග මිතුරා වුයේ එවක ජ වි පෙ මර්ධනයේ ග්‍රාමීය මට්ටමේ මුල් පෙල පොලිස් නිළධාරියෙකි,ප්‍රදේශයේ ජ වි පෙ ක්රියාකරුවකුගේ අතුරුදන් වීම නිසාවෙන් ගමේ අනිකුත් ජ වි පෙ සහෝදරයන් මගේ මිතුරාගෙ පියා ලවා ඔහු පිලිබදව පොලිස් නිළධාරියගෙන් විමසා බලන ලෙස ඉල්ලීමක් කර තිබුනි,පොලිස් නිළධාරියගේ පිලිතුර වූවේ"මල්ලි අපේ මිතුරුකම එකක් රාජකාරිය තව එකක් යන්නයි",දින කිහිපයකට පසුව පොලිස් නිළධාරිවරයාව මාගේ මිතුරාගේ නිවසට පමිණ ආපසු යන අතරතුර ඝාතනය කොට මිතුරාගේ වත්තට ගෙනවිත් දමා තිබුනි,දින කීපයකට පසුව පොලිසියෙන් මාගේ මිතුරාගේ පියා අත් අඩංගුවට ගැනුනු අතර,ඔහු පිළිබදව දිගු කලක් යනතුරු තොරතුරක් නොවීය පසුව අනාවරණය වූ තොරතුරු අනුව අත් අඩංගුවට පත් දින වලම ජ වි පෙ සැකකරුවෙකු ලෙස ඔහු ඝාතනය කොට ඇතිබවයි.
Deleteඑසේම කිසිදා ක්‍රියාකාරී දේශපාලනයේ නොයෙදුනු මගේ පියාටද ජ වි පෙ විසින් මරණ වරෙන්තුවක් නිකුත් කර තිබුනු බව එවක ජ වි පෙ ක්රියකාරිකයෙකු නිසාවෙන් ගමරට අතැරගොස් සිට පැමිණි හිතවතෙකුගෙන් දැන ගතිමි.පියාගේ වරද ලෙසට ඔහු දැක්වූයේ එ ජා ප ක්‍රියාකරුවෙකු සමග පවත්වන මිතුරු කම සහ ඔත්තු සපයනවා යන සැකයයි.මේ පිලිබදව ඔවුන් කතිකා කොට ඇත්තේ මගේ පියාගේ කුඩාකල පටන් ම හොදින් දන්නා හදුනන හිතවත් ජ වි පෙ ක්රියාකරුවකුගේ නිවසේදීය ඔහුගේ නෙතට පියාගේ නම අහඹුවකින් අසුනොවන්නට මගේ පියා මියයන්නේ වසර2000 නොව ඊට බොහෝ කලකට පෙරාතුවය.
ලංකාවේ දේශපාලනය යනු මඩ ගොහොරුවකි.සමහර තැන්වලදී එය ද්වේශ පාලනයකි.48 දී දිනාගත් නිදහස අරුත්ගන්වන්නට කිසිදු පක්ෂයකට හෝ පාලකයකුට මෙතෙක් නොහැකි වී ඇත්තේ බලයට පත් වූ පසු ඔය කොයි කවුරුත් මුලින් ම රට හදන්නට නොව තමන් හැදෙන්නට දගලන නිසාවෙනි.අදූරදර්ශී පාලනය තුල අඝාධයට යන රට හරිමග ගන්නට ජ වි පෙ වෙර වෑයමක් දැරූ බව පිළිගනිමි.නමුත් කොතනක හෝ වරදක් තිබිනි නීතිය වල් වැදී තිබුනු යුගයක තරුණ අසහනයෙන් රත් වූ ලේ කකියන විට අරමුණ ජයගන්නට නීතිය අතට ගන්නවා හැරෙන්නට වෙනතක යන්නට නොසිතෙන්නට ඇති,නමුත් විනාශ වුවේ රටේ ජීවිතයි,ආර්ථිකයයි.වර්ථමාන පාලන ක්රමයද ඉබාගාතේ යන හරකෙකු බදුය.ඉතිහාසයෙන් පාඩම් ඉගෙන වර්ථමානය තුල එවන් ලේ වැගිරීම් වලින් තොර වූ දේශපාලනමය වෙනස්කම් අත් දකින්නට අප හැමහට ලැබේවා යන්න මගේ පැතුමයි....මේ මගේ ප්‍රථම කොමෙන්ටුව දිගු වැඩි වූවාට සමාවන්න.
(කසුන්-කැලිෆෝනියා)
@AnonymousAugust 9, 2012 10:45 AM
Deleteරතු රජරට කියන්නෙ, අලුත් පොස්ටුවක් ගැන වෙන්න ඕන... :)
@AnonymousAugust 9, 2012 3:20 PM
Deleteකැරැල්ලට අදාලවනම් "වැරදුනු තැන්" ඔබේ කොමෙන්ටුවෙන්ම දැනගන්න පුළුවන්,
අපක්ෂපාතීව කරුණු දක්වා ඇති,ඔබගේ දීර්ඝ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.....!!!
සින්හල බැරි ඇනෝ ,,මුලින් භාෂාව තේරුම් ගන්න. දෙවනුව අපව කියවන්න. තෙවනුව ප්‍රොෆයිල් එකෙන් පැමිණ කොමෙන්ට් කරන්න.
ReplyDeleteජීවිතයේ මම කියවපු ආසම කමෙන්ට් වලින් එකක් තමයි මේ
Delete*
Deleteඅපි නොදන්න ඇනෝ
Deleteභීෂන සමයේ ජවිපෙ පැපොල රෝගියෙක් ලෙඩ ඇදෙන් ඇදගෙන ගොස් මැරූ හැටි.ජවිපෙ ම්ලේච්ඡත්වය අමතක කර පොලිස් හමුදා ම්ලේච්ඡත්වය ගැන කතා නොකළ යුතුය.
ReplyDeletehttp://www.pathula.com/index.php/archives/1381
ජයතිලක එක් උදෑසනක ප්‍රබෝධයෙන් යුතුව පැවසුවේ පෙරදින රාත්‍රියේ පබිලිස් මරා දැමූ ආකාරයයි. අපි යනකොට මිනිහ හිටියේ ලෙඩ ඇඳේ. පැපොල හැදිල. ගෙදර අය කීව සනීපවුනහම ගෙනියන්න කියල. ඒක ඉක්මනින් සනීප වෙන අසනීපයක්ද කියල සෝමෙ අයිය ඇහැව්ව. උන් උත්තර දුන්නෙ නැහැ. අපි පබිලිස් ගෙනෙන කොට ගෙදර අඳෝනා තිබ්බ. අපි තුවක්කු එල්ල කරල ඒ අය නිහඬ කළා. පාලූ තැනක පබිලිස්ට කියල අපි වළක් හෑරුවා. මිනිහ බොහොම වෙලා අරගෙන, කුඩා වළක් හෑරුවා. හරියට මරණය ප්‍රමාද කරන්න වගේ. ඊට පස්සෙ අපි කීව වළ ඉස්මත්තෙ ඉඳගන්න කියල. මිනිහ පොලීසියට වගේම, අපටත් කීකරු වුණා. සෝමෙ අයිය ඇහැව්ව මේ වළ හෑරුවෙ මොකටද කියල. පබිලිස් උත්තර දුන්නෙ නැහැ. එතකොට සෝමෙ අයියාම ඒකට උත්තර දුන්නා. පොලිස් ඔත්තුකාරයො වළලන්න කියල. පබිලිස් අවසාන උත්සාහයත් දැරුව, තමන් නිදොස් කියල කියන්න. ඒත් ඒකට අවසරයක් ලැබීමට පෙර මගේ උදලූ බඳ පහරෙන් හිස්කබල ගලවලා ගියා. ඒත් මැරුණෙ නැහැ. අපි පබිලිස් පණ පිටින් වළට තල්ලූ කළා. පබිලිස් මොනවදෝ කියනව වගේ ගොර ගොර ගාල පැහැදිලි නැති ශබ්දයක් පිටකළා. පබිලිස් හෑරුව වළේ, උගේ ශරීර කූඩුව ඔබන්න මදි. ඒක හින්ද ආයෙත් මම දණිස් පොල්කටු වලට උදැල්ලෙන්, ගහල කකුල් ඉස්සරහට නැමුවා, එතකොට කුරු මිනිහෙක්ගෙ තරමට පබිලිස් කොට උනා. ඊට පස්සෙ ගෙදර හදපු බල්ලෙක් මැරුණහම වළලනව වගේ, වැඩි ගැඹුරක් නැති වළට දමල පස් දැම්ම.