2012/10/21

තොටත් සාදු මටත් සාදු


බ්ලොග් පෝස්ට් එකක් නොදා හිටපු කාලය බොහොම වැඩියි. ආයෙත් ඒ රිද්මය අල්ලගන්නත් ටිකක් අමාරුයි. ඒ නිසා සියල්ල ටිකක් පිළිවෙලක් කරගන්න කල් වෙනසකටත් එක්ක ජන කතාවක් රස විඳිමු.

පිංතූරය ගූගල් වෙතිනි.
                                    
                  මේක බොහොම ඉස්සර ගමක විසූ බුද්ධිමත් ගැහැණියක් තමන්ගෙ අනියම් (මේ වචනයට මම කැමති නැත) සබඳතාවයක් උපාය ශීලිව තමන්ගෙ සැමියාගෙන් වසන්කරගත් අවස්ථාවක්.
                                    සැමියා කිසියම් කටයුත්තකට නිවසින් බහැරගිය අවස්ථාවක බිරිඳ තමන්ගේ පෙම්වතා නිවසට ගෙන්වාගෙන ආහාරපානාදියෙන් සන්තර්පනය කරලා ඒ ඒ යුතුකමුත් ඉටුකරලා උන්දෑව පිටත්කළාත් සමගම සැමියා හදිසියේ නිවසට එනවා. අවේලාවේ ලිප දල්වා ඇති බවත්, මිරිස් ගලේ යමක් අඹරා ඇති බවත්, මායියගේ බඳවටා ඇති දාඩිය බිඳු ත් දකින ඔහුට කිසියම් සැකයක් ඇතිවෙනවා. එහෙත් කලබල නොවෙන ඔහු බිරිඳගෙන් මෙසේ විමසනවා

ලිප වට ගින්දර            කුමන්ද
ගල වට ලුණු මිරිස්          මන්ද
බඳ වට දාඩිය              කුමන්ද
මේ ගෙට කවුරුන්     කොයින්ද

උපායශීලී ගැහැණිය සැමියාගේ සැකය කවියෙන්ම මෙසේ බිඳ දමනවා.

අට මාසෙකින් නව මාසෙකින් සඟුන් කෙනෙක්     වැඩියා
කටට රසට බත් වෑංජන පිස දී මං                          පිදියා
දනට පිනට දුන් සනම මේ දැන් මෙහි                 හිටියා
තොටත් සාදු මටත් සාදු ඔය ඔතනින්                    වැඩියා.

                               *************

බලන්න මන්න පිහියක් භාවිතා නොකර සිදුවීම්  කළමණාකරණය කරගෙන තියෙන අපූරුව.

ප/ලි  : තම තමන් දන්න ජනකවිත්. කමෙන්ට් විදියට එකතුකරමු නේද ?

158 comments:

  1. තරුණයා

    අල්ලගෙන නෙරිය අතකින් කිම්ද නගෝ

    වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ

    හිමියෙක් නැති ගමන තනි මග කිම්ද නගෝ

    අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

    තරුණිය

    අල්ලගෙන නෙරිය මඩ තැවරෙන හින්දා

    වසාගෙන දෙතන බිලිඳුගෙ කිරි හින්දා

    බාල මස්සිනා පස්සෙන් එන හින්දා

    යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා


    ReplyDelete
    Replies
    1. //අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ//

      මේක රෙපාගේ අම්බලමට ගෙන්වා ගැනීමේ කූඨ උපක්‍රමයක්. හෙලා දකිමි. තරයේම !

      Delete
    2. රෙපා කාලකෙට පස්සෙ ඇග මැලි කඩලා නැගිටලා වගෙයි...

      Delete
    3. ඉදකින් විතරක් වලහැඩියා.. අලුත දරු පැටියෙක් වදාපු නෑම්බියෙක් හරි කමන්නෑ අම්බලමට කුදලන්න තනන්නේ

      සැමා +++

      Delete
    4. රෙපාට අම්බලම කිව්වොත් ඕනෙම දෙයක් කරයි :)

      Delete
    5. රෙපාගෙ මැදිහත් වීමට බොහොම ස්තූතියි....

      ඔය අනං මනං මඩ වලට මමනම් නෑ..... :)

      Delete
    6. එක්තරා චීවර දාරියෙකුත් මේක කියනවා බණකට. ඒක රෙකොර්ඩ් කරලා බස් වල දාලා තියෙනවා. හරිම හිරිකිතයි.

      Delete
    7. රෙපා ලබන මාසේ මැද හරියක් වෙනකං නැගිටින අදහසක් නෑ. ගුගල් දෙයියන්ගෙන් කවියක් ඉල්ලුවා. කොපි & පේස්ට්. එහෙනං අපි ආයෙත් අපි දොයි ඈ

      Delete
    8. බාල මස්සිනා පස්සෙන් නාවානම් බලන්න තිබුන සෙල්ලම.

      Delete
  2. ඒ වගේම ගම්බද බිරිඳක් තමන්ගේ අනියම් පෙම්වතාට කියලා තිබුනලු රෑට ඇවිල්ලා ගේ ළඟ තියන කෙසෙල් පඳුරේ හැංගිලා ඉන්න කියලා. නමුත් ඒ කිව්ව දවසේ ඇගේ සැමියා වන ගමේ කම්මල් කාරයා රාත්‍රියේ ගෙදරමයි ඉඳලා තියෙන්නේ. අරයා කෙහෙල් පඳුරේ සෑහෙන වෙලාවක් හිටියත් අනියම් පෙම්වතියගෙන් ප්‍රතිචාරයක් නැති නිසා, කෙහෙල් පඳුර හෙලෙව්වලු තමන් ඇවිත් ඉන්න බව කියන්න. එතකොට අර කාන්තාව තමන්ගේ පොඩි එකා නලවනවලු මෙන්න මෙහෙම.

    යකඩ මරන්නා මෙතන සිටින්නේ
    කුමටද බස බස ගා සොලවන්නේ
    තෝත් නසාලයි මාත් නසන්නේ
    ඉන් පන බේරී දැන් පලයන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ගෑණුන්ගෙ මොළේ හැදි මිටේ කියන කථාව බොරු වගෙයි..

      Delete
    2. මේ කවිය මම කලින් අහලා නෑ. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට.

      දැන් කවුරු හරි "ජනකවි" කියලා සර්ච් කළොත් මේවත් අහුවෙනවනෙ. වැදගත්ම දේ ඒකයි.

      Delete
  3. කතාවත් , කමෙන්ට්සුත් ලස්සනයි. මම මේ කල්පනා කලේ දැන් කාලේ ඔහොම උනොත් මොනා කරයිද කියලා. කවුරුත් මේ කාලේ කවි කියන්නේ නෑනේ. ලියනවා ඇර. :D

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත දැන් ඉතින් මොන කයි ද .....?

      මං එළියට ගිය ඒ ඩිංගට....ගෙන්න ගත්තා නේද හොර වාහෙ...මෙතනටම.... මේ මගේ වහළෙ යටටම.....තව මදිවට උයල පිහලා ගල්ලෝලා......

      මේ මිනිහට මොන යකෙක් වැහිලද මන්දා....මෙහේ ආපු එකෙක් නෑ.

      ආවෙ නෑ....ආවෙ නෑ....මටද තෝ සුදුළූනු පොඩිකරන්න එන්නෙ.....හිටපිය මම තොට...

      $@%*&.....

      මෙන්...න......මේ මිනිහා මාව මරනවෝ.......

      ඔන්න ඔහොමයි දැන් වෙන්නෙ.

      Delete
  4. වැඩේ ෂේප් නම් එච්චරයි !

    ReplyDelete
  5. ගෑණුන්ගේ මොලේ හැදි මිටේ කියන්නේ මේවා අල්ලගන්න දන්නේ නැති පිරිමිම තමයි... හි හි...

    ReplyDelete
    Replies
    1. මයෙ අම්මපා ඇත්ත හිරු අක්කන්ඩි... මේවාගේ විලි සංගේ නැති කාරනා වලට ගෑනුන්න්ට ගණ දෙවි නුවණ පහල වෙනවා

      Delete
    2. @ හිරු

      කෙළියා නේද තාප්පෙටම....?

      @ මී,

      ඔන්න මම නම් නෑ...උඹම බේරගනින්. මෙයාලව ඇවිස්සුනොත් ලෙසි වෙන්නෙ නෑ....

      Delete
  6. සෑහෙන්න කාලෙකින් නේද ලිව්වේ? පෝස්ට් එකත් මරු කොමෙන්ට් ටිකත් මරු! පුළුවන් ඉක්මනට ලියන්න සුමිත් අයියේ.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආව පළවෙනි වතාව නේද...? සාදරයෙන් පිළිගන්නවා....!

      Delete
    2. කලිනුත් එනවා. බ්ලොගර් අයි.ඩි. එකක් තිබ්බේ නැහැ කොමෙන්ට් කරන්න. ඇනෝ කොමෙන්ට් තමා දැම්මේ! :-)

      Delete
  7. සුමිත් අයියා යමක් ලිවීම ගැන ඇත්තටම සතුටුයි... පෝස්ටු දෙකක් අතර විරාමය අඩු කරලා ලියන්න උත්සාහ කරන්න..

    පෝස්ටුව කෙටි එකක් වුනාට ඒකෙ රසය නම් නොමදව තියෙනවා... පිළිතුරු කවිය නම් පස්ටයි...

    ReplyDelete
    Replies
    1. විරාමයක් නෙවෙයි මහත්තයෝ කාර්ය බහුලත්වයයි හේතුව.

      අපේ පෙදරේරුවත් ඊ ළග සතියෙ හමුවෙමු කිව්වට ඒ සතිය උදාවෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ මේ ෆීල්ඩ් එකේ (ගෘහ නිර්මාණ) හැටි. මානසික තෙහෙට්ටුව ඉතා ඉහළයි.

      Delete
  8. නියම කතාව ආසාවෙන් රසවින්දා

    ReplyDelete
  9. කාලෙකින් සුමිත්ගෙන් ලිපියක්..

    රොබට් නෝක්සුත් ලියලා තියනවා නේද..පැනලා යන හොර වහෙව රැකගන්ඩ..ගෙට එන මිනිහට මිරිස්ද කොහෙද ගහන සිද්ධියක්..

    හාමුදුරු කෙනෙක්ට දන් දුන්නා කිව්වම මට තව එකක් මතක් වුනා.. ඒතමයි අර පිච්ච මල නවකතාවෙ ලොකුහාමුදුරුවො කරුණාවතීට කියන, ගැණුකෙනෙකුට, හාමුදුරු කෙනෙක් වෙනුවෙන් දෙන්ඩ කැමතිනම් දෙන්ඩ පුළුවන් ලොකුම දානය ඒකයි කියලා කියන අමුතුම බණය. :-)

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි සිද්ධිය.... :)

      "පිච්චමල" හොද නවකතාවක්.බණ අපුල අයට විශේෂයෙන්ම.

      Delete
    2. ඒ සීරීස් එකේ පොත් අටක්ද කොහෙද තියෙනවනේ. මටත් තවම කියවන්න හම්බවෙල තියෙන්නෙ පොත් හතරද කොහෙද?

      Delete
    3. අටම කියවන්න DDT. ඒවා තමා පොත් කියන්නෙ.

      මම හිතට අවුලක් ආපුවම ඔය පොත් ටික කියවනවා.. එතකොට හිතට මාර අමුතුම සහනයක් දැනෙනවා..

      Delete
    4. ස්තූතියි සෙන්නා. මම ඔය කියවපු ටිකත් කියෙව්වෙ පුස්තකාලවලින්, ඔක්කොම ටික ගන්නෝන කියල හිතන් හිටියට තාම බැරිවගියා ඒක කරගන්න. ගොඩක්ම මගේ ළඟ තියෙන්නෙ පරිවර්තන පොත්. ඔය කියවපු පොත් ටික කියෙව්වෙ එක ළඟ ළඟ කාලෙක, ඒ දවස්වල මම රාහුල හාමුදුරුවොන්ගෙ චරිතෙට වශර්‍ වෙල හිටියෙ.

      Delete
  10. නියම පොස්ට් එක. මේකට හරියන කවි දෙකක් තිබුනා මං ළඟ. මෙච්චරක් වෙලා හෙව්වා හම්බ උනේ නෑ. හම්බ උන ගමන් දාන්නම්.

    ඉක්මනටම ප්‍රහාරයක් බලාපොරොත්තු වෙනවා.

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. පහුවෙලා හරි කමක් නෑ දාමු. මේක සාහිත්‍යමය මෙහෙවරක්නෙ.

      Delete
  11. සුමිත් අය්ය දෙබරෙකට ගල් ගහලා තියෙන්නේ......තමන්ගේ ආරක්ෂාව තමන්ම සලස ගන්න වෙයි.. ඕන් අපි නෑ

    ReplyDelete
    Replies
    1. හපොයි....මමත් නෑ.....

      මී ගොඩයා මේ පැත්තෙ ආවමද කොහෙද...!?

      Delete
  12. ශෝක් කවි ටික,
    ඒ වගේම අපේ පොඩි කුමාරි හාමිනේ හා හිරු මැතිනියන් ලියා ඇති දේද බොහෝම වටිනා අදහස්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි....!

      ඒ ඒ අදහස් ගැනත් සලකා බැලුවා.... :)

      Delete
  13. ජන කවියක් ගැන කල්පනාකලා නමුත් වැඩේ පත්තු වුනේ නෑ. ඇත්තෙන්ම සුමිත් නිහැඬියාවබිඳපු එක ලොකු දෙයක්.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. නිහැඬියාවක්ම නෙවෙයි....දන්නැද්ද ඉතින් කා.බ.-කා.බ.(කාර්ය බහුලත්වය)

      Delete
  14. කොහොමද උත්තරේ... ඇඩෙනවානේ ඉතින් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. කවියක්නම් මතක් වෙන්නේ නැහැ. මේ කාලේ ඉතිං විසඳුම හොයන්නේ මාන්න පිහියෙන් නේ.

    ReplyDelete
    Replies
    1. කවියක් නෙවෙයි...මේ පැත්තෙ එන්න මතක් වෙච්ච එකම කොච්චර දෙයක් ද.?

      ඇත්තටම අලුත් පෝස්ට් එකක් දාන්න අදහසක් නැද්ද...?

      Delete
    2. දානවා ඉක්මනින්ම..

      Delete
  16. කයියක් මතක් වුනා. ඒත් ඒක මෙතන දාල සුමිත් අයියගේ පොස්ට් ඒක සවුත්තු කරන්න මම කැමති නෑ.

    අර පහුගිය කාලේ නිව්ස් එකක් ගියේ උපත් පාලන කොපුවක් මිදුලේ වැටිලා තියනවා දැකලා සැමියා බිරිඳව මරපු කතාවක්. ඔන්න ඔහොමයි අද කාලේ වෙන්නේ..ඒකට ඒ කාලේ.

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම කුණුහබ්බයක් වෙන්න ඇති...... :)

      ඔව් ඉතින්...අරක කාක්කෙක් ගෙනත් දැම්මත් ඒකිට සොරි.... :(

      Delete
    2. ඔන්න බලන්ඩකෝ .... වැඩේ හැටි! දැන් කාලෙ කාක්කොත් පාවිච්චි කරන එව්ව.

      Delete
  17. කන දෑ බොන දැ
    අදිනදෑ ඊට හිත දෑ
    කව්ද ඒ උන් දෑ
    මොකද හිරයක් දෙන්ඩ වත් දෑ

    ReplyDelete
    Replies
    1. අන්න්න...ජන කවි, එලස්.

      Delete
  18. නියම කවි කතාවක්. සුමිත් අයියා විරාමයට තිත තබපු එකනම් හොඳයි. කවියක් කල්පනා කළා. මතකයට එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මතක්වුන වෙලාවක ලියමු. පසුවට මේවා වැදගත් වෙනවා.

      Delete
  19. මොකද අනේ මේ ලියනන් කම්මැලි. සතියකට එකක්වත් ලියන්නකෝ.

    මෙහෙම කවිනම් අහල තිබුණට දැන් ලියන්න තරම් මතකයක් නෑ. අර මනුස්සය ගෙට ගොඩවුනු ගමන් අච්චර දේවල් නිරීක්‍ෂණය කළේ මෑන් ෂර්ලොක් හෝම්ස්ගෙ මල්ලිද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. කම්මැලි නෙවෙයි වැඩ ගොඩ ගැහුනා, ඒකයි.
      ඒ වගේම පහුගිය දවස්වල මගේ ඩෑෂ්බෝඩ් එකත් අතුරුදහන්වෙලා තිබුණා. සෑහෙන හෙයිම්මාරුවක් කරලා තමයි ඒක ආයෙ ගත්තෙ.

      Delete
  20. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ මේකට වෙන්න ඇති :)

    ReplyDelete
    Replies
    1. හයි‍යෝ සයුරි, කවි කාරියක් වෙලත් කවියක් දැම්මෙ නෑනෙ...!

      Delete
  21. අපූරු පෝස්ටුවක්..කොහොමෙන් කොහොම හරි ගෑණු කෙනා මනුස්සයව ඇන්දුවා..කොහොමද ටිකිරි මොළේ ??

    ජන කවි මතකත් නෑ අප්පා. ඔන්න ඔහේ මේක කියමුකෝ.. බෑණා කෙනෙක් ගජමන් නෝනට ලියුමක් යවනවලු මෙන්න මෙහෙම ලියලා...

    ගින්දේ සඳුන් පිණිදිය ගිණිසිළු විලස
    සන්දේ කොවුල් සවනට රකුසඬ සේ වීස
    බැන්ඳේ ම මන මඳ යුදයට හැම දවස
    නැන්දේ ඉතින් කොහොමද යන කල දවස...

    ඒකට පිළිතුරුත් ගජමන් නෝන හැරෙන තැපෑලෙන් එව්වලු මෙහෙම කියලා..

    අමයුත් රස වදන් දී සිඹ සිඹ මූණ
    රම පුත් යුද දිනිය විසි සියො සහ යාන
    මමලත් දුවෙක් නැත දෙන්නට එස මාන
    මමවත් එමි ඉඳින් දුක නැතුවම බෑණ..

    ReplyDelete
    Replies
    1. මොළේ නම් ෂෝයි....:)

      මේ කවි දෙකත් බොහොම වැදගත්. හැකිතරම් මේවා ජාලෙට එකතුකරන්න ඕන.

      මෑතකදි කවි මඩුවක කියවුන කවි කිහිපයක් මතක් වුනා. ඒකත් මෙහෙමම ලියලා දානවා.
      මතක හැටියට මාතෘකාව "බේබදු සැමියො නිසා බිරින්දෑවරුන්ට වන හිරිහැර"
      සැමියා හොදටම බීගෙන ඇවිත් බිරිදගෙන් කන්න දෙයක් ඉල්ලනවා.(කවිය මතක නෑ)
      ඒකට බිරිද දෙන පිළිතුර කිවිදියගේ හඩින්.

      වේලෙයි බත්......තැටි
      ළමයි කෑවෙත්.....රොටී
      කන්න ඉල්ලන.....හැටි
      කනව හැකිනම් දත්...මිටි

      සැමියා ලෙස කවියා...

      දුක සැප..........නොබැලුවේ
      කියාගෙන.............රැව්වේ
      ඇයි හත්ති............ලව්වේ
      මමනෙ උඹගෙත් බඩ..පිරෙව්වේ

      ("බඩ පිරෙව්වේ" කියන එකෙන් යම් යටි අදහසක් මතුකරනවා-ඒත් කිවිදිය ඒකෙන් පරදින්නෙ නෑ)

      කිවිදිය

      මීරෙන් එදා........මත්කොට
      ළගට ඇද............ගත්තට
      බීගෙන ඇවිත්..........ගෙට
      දැන් හැරෙන්නේ අනිත් පැත්තට

      Delete
  22. කාලෙකින් ලිව්වට නියම පෝස්ට් එකක් . මට මතක් වෙන්නේ නැහැනේ හොඳ කවියක් . විහිලු කතා නම් ගොඩක් මතක් වුනා . මෙතෙන්ට ලියන්න බැහැනේ .

    රාජසිංහ රජතුමා සහ ගෙවිලියක් අතර ඇති වුන කවි සංවාදය මතකද . මට පද සියල්ල මතක නැති නිසා මතක කෙනෙක් දාන්නකෝ

    ReplyDelete
    Replies
    1. විහිළු කතා වුනාට කමක් නෑ ලියන්නයි තිබුණෙ.

      ඔය කවි සංවාදය මම කියවලා තියෙනවා. ඒත් හරියටම මතක නෑ. හසිත නම් දන්නවා ඇති.

      Delete
  23. මට මේක කියවනකොට මතක් වුනේ වික්ටර් රත්නායක සහ නීලා වික්‍රමසිංහ ගැයූ මේ ගිතය.

    නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ
    අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
    වැහි බීරුම හීන්පොදයි ඇ‍ෙඟේ වදින්නේ
    වැස්ස තුරල් වෙනතුරු ටිකකට මෙහි නවතින්නේ..

    ReplyDelete
    Replies
    1. “ගෙදර අයත් ගමේ ගිහින් පාළු දැනෙන්නේ
      වැස්ස තුරල් වනතුරු ටිකකට නවතින්නේ”

      මෙහෙම කොටසකුත් තියෙනවා නේද ඔය ගීතයේ....(මට සම්පූර්ණයෙන් මතක නෑ)

      අපූරු හැගීම්ක් දැනෙනවා ඒක ඇහෙනකොට විතරක් නෙවෙයි, මතක් වෙනකොටත්....

      Delete
    2. කිරට අඬන හීන් පුතා ඇත සාගින්නේ
      පමා නොවී මම යන්නම් තරහ නොගන්නේ

      මුල කොටසේ අන්තිම කොටස

      මහා වැස්සට ගෙට වෙන්නි හනික දුවන්නේ

      Delete
  24. දැන් නම් ඇස්. ඇම්. ඇස් එකක් ගහල කෙටියෙන්ම කියා ගන්න පුළුවන්නේ. හැබැයි ඉතින් හොර අල්ලන්නත් අළුත් ක්‍රම තියෙනවනේ.

    කවිනම් මතක් වුනේ නැහැ. ඉස්සර තිබුන මගේ ළඟ ලොකු කවි එකතුවක්. ඒක මිසින්.. :(

    ReplyDelete
    Replies
    1. දැන්නම් ඉතින් ලේසි නෑ තමයි.

      එදාට වඩා ජනගහනයත් වැඩියි. ගෙවලුත් වැඩියි. සන්නිවේදනයත් දියුණුයි. ඒත් කොටු පනින එකා යසට පනිනවා. එතනදි එදා - අද කියලා වෙනසක් නෑ.

      Delete
    2. මේක නම් සම්පූර්ණ ඇත්ත කතාව ...
      කරන එකා කොහොමත් කර ගන්නවා ...

      Delete
  25. සුමිත් ඇනෝ සංකල්පය ප්‍රතික්ෂේප කරන බව කීවත් මටත් හිතුනා ගොඩවැදිලා යන්න.කාලෙකට පස්සේ බ්ලොග් එකේ පාළුව ඇරපු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ සංකල්පය ප්‍රතික්ෂේප කරනවා තමයි.
      ඒත් සයිබරයේ ඇනෝලා ඉන්නවනෙ. එයාලට පුළුවන් ඕන දෙයක් ඕන විදියකට කියන්න, කිසිම වගකීමක් නෑ. නමුත් බාහිර සමාජයේ ඇනෝලා නෑ. කොහෙන් හරි අනන්‍යතාවය හෙළිදරව්වෙනවා. එතකොට කරන කියන දේක වගකීමක් ගන්න වෙනවා. සයිබරයට වඩා බාහිර සමාජය හොදයි වගේ පෙනෙන්නෙ ඒ හින්දා මිසක් මිනිස්සු හොද හින්දා නෙවෙයි.

      Delete
    2. බුහාහහහා, ඔයා ඇනෝලට බයයි නේද? ඇයි පරණ කාලෙ මූන වහගෙන කරපු අපරාධ මතක් වෙනවද?

      Delete
    3. ඇත්තම කතාවනම් ඇනෝ, මම ඇනෝට බයයි කියන එක නෙවෙයි - ඇනෝ මට බයයි කියන එකයි. (ඒ වගේම සිවිල් සමාජයටත්)

      මම පෙනී ඉන්නෙ මගේ නියම ප්‍රොෆයිල් එකෙන් නියම නමින්,මගේ සිවිල් සමාජයීය ප්‍රොෆයිල් එකත් මේකමයි, ඒත් ඔයා එදා පෙනීහිටියෙත් ඇනෝ විදියටමයි (බිල්ලා) අද පෙනී ඉන්නෙත් ඇනෝ විදියටමයි. ඔයාගෙ ප්‍රොෆයිල් එකේ තියෙන්නෙ ඔයාගෙ නියම නම නෙවෙයිනෙ, පරණ බයිස්කෝප් එකක නමක් නේද...?

      අපි වගේ තෙම්පරාදු වෙච්ච පොරවල් එක්ක නිකං බබා පාට් දාන්නෙ නැතුව නියම ප්‍රොෆයිල් එකෙන් ඇවිල්ලා කියන දෙයක් කියලා යන්න... :D

      Delete
  26. මේන් බොලාලට කමෙන්ට් කියවන ගමන් ඉන්ටිබල් එකට 'තේරවිලි කවියක්'

    රෙද්ද උහාලා කෙටි වැටි කරලා
    දණබිම ගහලා ඉඳගත්තේ
    පලයන් කියලා තල්ලු කරාලා
    ආයෙත් ළඟට ම ඇද ගත්තේ
    උඩින් දමන කොට යටින් බහිනවා
    යනකොට පිහගනමයි යන්නේ
    මෙතුන් පදේ තෝරාලා කීවොත්
    කලියුගයට පණ්ඩිත වන්නේ..

    තෝරහල්ලකෝ බලන්න...

    (සුමිතෝ...දීපංකෝ තව ප්‍රහාරයක්.)

    ReplyDelete
    Replies
    1. කුරහන් ගල ද ?

      Delete
    2. @ TMP (The Modern Patriot)

      නියම තේරවිල්ල, චන්දනගේ උත්තරේ හරි නේද ?

      එහෙනම් මේකත් තෝරමු බලන්න...

      පුන්සඳ වාගෙයි - මැදින් හිලක් ඇත
      තුන දෙක එකටයි - ඇතුල් කරන්නේ
      පස්ස මිරිකලා - බඩ අතගාලා
      රෑටයි ඒකෙන් - වැඩ ගන්නේ...

      Delete
    3. මම දන්නවෝ...ටෝර්ච් එක

      Delete
    4. සයුරි හරි නේද සුමිත් අය්යේ..? මේ දෙකත් බලන්න කෝ. :)

      ලෙඩක් නැතුව බේතක් කවනවා දුටිම්
      වරදක් නැතත් අල්ලා බඳිනවා දුටිම්
      දුකක් නැතත් නිතරම අඬනවා දුටිම්
      කලයක් අරන් ජලයක් මනිනවා දුටිම්

      හිසේ මල් පිපී දරුවන් බඩ වෙනවා
      බඩේ සිටිද්දී දරුවන් කිරි බොනවා
      උකුලේ සිටිද්දී දැලි රැවුලත් එනවා
      මෙතුන් පදේ තෝරාගෙන බත් කනවා

      Delete
    5. @ සයුරි හරි.

      @ චන්දන

      පළවෙනි එකනම වැටහුනා(උත්තරේ දැන් ලියන්නෙ නෑ - අනිත් අයට ඉඩ දෙනවා)
      දෙවෙනි එක......තාම කල්පනා කරනවා...:)

      Delete
    6. හා මේක දිහටම යන එක නියමයිනේ...

      ඉස්සෙල්ලා උත්තර දෙකම හරි...

      චන්දන ගේ අන්තිම තේරවිලි දෙකත් මෙන්න දන්න විදිහට විසදුවා

      1. කිතුල මදින හාදයෙක් රා මුට්ටියට රා එකතු කරන විදිහ ගැන නොවැ ඔය කියන්නේ. තෙලිජ්ජ කියලත් සමහරු කියනවා.

      2. අඩේ මේ බඩඉරිගු කරල නොවැද?

      Delete
    7. The Modern Patriot ගේ උත්තර දෙකම නිවැරදියි. තෙලිජ්ජ තමා. රා වෙන්නේ මණ්ඩිය දැම්මට පස්සේ. සුමිත් අයිය පලවෙනි එකට හිතපු උත්තරේ හරි ඇති. සබරගමුවේ මේවා තියනවා නොවැ. :)

      Delete
    8. @ චන්දන,

      මම පළවෙනි එකට හිතාගත් උත්තරේ ඕක තමයි.

      හැබැයි තෙලිදිය හා රා සම්බන්ධව ඔයා හිතාගෙන ඉන්න විදිය නම් වැරදියි.
      තෙලිදිය පැහුනාම රා වෙනවා, ඒකට මණ්ඩි දාන්න අවශ්‍ය නෑ.(මණ්ඩි ඉබේම හැදෙනවා) ඒත් තෙලිදිය නොපැහී තියාගන්න නම් මලට එල්ලන මුට්ටියට "හල් පොතු" (හල් ගහේ පොතු) දාන්න ඕන. මේ හල් පොතුවලට තෙලිදිය පැසීම සම්පූර්ණයෙන්ම නතර වෙනවා. පැණි සදහා පොල් මල් හැදීමේදීත් ක්‍රියාවලිය ඕකමයි.

      ඉස්සර ආප්ප හදනකොට ආප්ප මිශ්‍රණය පදම්වෙන්න දැම්මෙත් රා මණ්ඩි, ආප්ප සෝඩා වෙනුවට. ක්‍රියාකාරිත්වය ආප්ප සෝඩා වලට වඩා ඉහළයි.

      Delete
    9. ඔන්න බලන්නකෝ. ඒකෙනුත් දෙයක් දැන ගත්තා. මං හිතුවේ පැහෙන්න මණ්ඩිය වෙනම ගෙනත් දාන්න ඕනි කියල.
      ආප්ප හදන්න නම් මණ්ඩිය දානවා දැකල තියනවා. ඒත් මල් කපන අය දෙන්න වැඩිය කැමති නෑ. හේතුවක් නම් දන්නේ නෑ.

      Delete
    10. නියමයි. මාත් නොදන්න දෙයක්. අපි පොඩි සංදියේ නම් රා මදිනවා දැකල තියනවා. ඒත් දැන් කිතුල් ගහක් හොයන්නවත් නෑ. පොල් රා මැදිල්ලනම් කෙරෙන්නෙම නැති ගාණයි.

      බොහොම ස්තුතියි සුමිත් අයියේ දැනුවත් කිරීමට. කවදාවත් මේක අමතක වෙන එකක් නෑ. ඒ තරම් රා වලට කෑදරයි.

      මෙන්න එහෙනං තව එකක්

      දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා
      නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා
      කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා
      මෙතුන් පදේ තෝරන්නට බෑ හේමා

      Delete
    11. මං නං දන්නවා. මට හිතෙනවා ඒ උත්තරේ හරි ඇති කියල නම්. ම්ම්ම්.. තව කාට හරි හිතන්න දවසක් විතර දෙමු නේ :)

      Delete
    12. කෝ කවුරුවත් කියන්නේ නෑනේ. මං කියල දාන්නන්.:)
      ගිරය නේද.
      ඕකට උත්තරෙත් කවියෙන්මයි දෙන්නේ. මතක අග පද දෙක විතරයි.
      මඩ බොර දියේ පණ රැකගත්තා හේමා
      මෙතුන් පදේ කීවේ ගිරයට හේමා

      Delete
  27. රසවිඳින්න නම් අපූරුයි! වැඩේ නම් හරි නැහැ :)
    ජයම වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද හොඳ ළමයි.

      බොහොම ස්තූතියි.....!

      Delete
  28. ටයිටලේ හැටියට පෝස්ට් එක ඔහොම ගියා මදි ද? ඉස්සර අළු කුල්ලක් තියනවලු ගේ දොර මුල්ලේ. නියම මනුස්සය හදිස්සියේ වත් ආවොත් අර අළු කුල්ලෙන් ගහල අනිත් මනුස්සයයි තමනුයි බේරෙනවා ලු. මේ හින්දා තමයි ඇහැට අළු ගහනවා කියන කතාව කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔඃ ඒකත් එහෙමද...? බැලුවම මේ වැඩේ එවකට ජයටම කෙරිලනෙ...

      Delete
  29. අර ප්‍රසිද්ධ කවිය "මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්, අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන්, කැළනි ගඟේ ඔරු යනව බල වරෙන්, සාදු කර දී ඔරුවක නැගී වරෙන්" කියන එකත් කැලනි ගඟේ පාරුවල ගිය පිරිමි කොටල ආපු ලස්සන කෙල්ලෙක් ගැන කියවිච්ච එකක්ලු. අත්ත බිඳෙන්නෙ මිනිහ ගෙට ආවොත් නිසා තමයි පොඩි එකාට පරිස්සමින් ගිහින් එන්න කියන්නෙ. තව කවි ගොඩක් ගෙදර තියෙනව, හෙට ලියන්නං

    ReplyDelete
    Replies
    1. මම මේ කතාව අදමයි ඇහුවෙ, වෙන්න පුළුවන් හුගාක් ජනකවිවල නියම අදහස තියෙන්නෙ යටිපෙළේ.

      ලියමු... ලියමු ....පෝස්ට් එකක්ම දැම්මත් කමක් නෑ. පසුකාලයේදි මේවා වැදගත් වෙනවා.

      Delete
  30. නැවතත් ලියන්න පටන්ගත්ත එක නම් සතුටකි. කවි නම් ගොඩක් මතකයි. එත් හදිසියෙන් ආවේ, ටිකක් කාර්යබහුල යි.ආයෙමත් එන්නම් අනිවාර්යෙන්ම.

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් හැමදාම හදිස්සියිනෙ....!

      Delete
  31. කවියෙ නොයෙක් පැතිකඩ තියෙනවනෙ...!
    ජනකවියා..සමාජයෙ එක් පැතිකඩක් හරිලස්සනට ගෙනහැරපාල තියෙනව කියලයි හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ජන කවිය මාධ්‍යයක් - ප්‍රකාශ වෙන්නෙ (මුදාහැරෙන්නෙ) ආතතිය.

      Delete
  32. සුමිත් මට කියන්නකො ඒ ඩෑෂ්බෝඩ් අවුල හදාගත්ත හැටි. මටත් එහෙම ප්‍රශ්ණයක් තියෙනවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මටනම් ගූගල් හා සමිබන්ධ සියළුම සේවා බ්ලොක් කළා. දෝශය හැටියට පෙන්නුවේ සිස්ටම් ටයිම් එකේ වරදක්. ඒක හැදුවත් දවස් ගානක් යනතකල් වැඩක් වුනේ නෑ. බ්ලොගර් ඩෑෂ්බෝඩ් එක අතුරුදහන්වෙලාම ගියා. recovery කරගන්න ප්‍රශ්න ගණනාවකට උත්තර දෙන්න වුනා. භාවිතා කරන ඊ මේල් ඇඩ්රස් දෙකක්, පෝන් නම්බර් දෙකක්, පුංචි කාලේ ආශ්‍රය කළ යාළුවාගෙ නම....මේවා සම්පූර්ණ කළාම, අවසන්වරට පබ්ලිෂ් කළ පෝස්ට වල ලේබල් 4ක් දෙන්න ඕන.(මට තිබුණෙම ලේබල් 2යි, පබ්ලිෂ් නොකළ ඒවත් එක්ක 4 හදලා දුන්නා. ඊටත් දවස් දෙකකට පස්සෙ තමයි ඩෑෂ්බෝඩ් එක හම්බ වුනේ.
      ඊට අමතරව crome නම් භාවිතා කරන්නෙ ඒකෙ තියෙන new incognito window එකේ ඩෑෂ්බෝඩ් එක ඔපන් කරගන්න පුළුවන්( මේක මට කියා දුන්නෙ අපේ ඥාති පුත්‍රයෙක්)

      Delete
  33. නිරෝෂා කියන මේ ගීතය

    පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
    රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉම්බිනවද
    තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හින්ද
    රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිද

    මේකේ අන්තිමට තියෙනවා

    මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට කියල


    දීපිකා කියන මේ ගීතය

    ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහල හිනා වෙන්න
    ආදරේට කොනිත්තලා පාල දොරින් පැන දුවන්න
    රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
    පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න

    දිවුල් සහ දීපිකා කියන

    මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ළඳුනේ මට විතරද
    ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතර

    ඉඟ නෙරියේ රැලි බින්දේ ප්‍රිය ළඳුනේ මං විතරද
    ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මගේ විතර

    පුළුලුකුලේ සුව යහනේ නිදි වාරුවෙන් මං විතරද
    උර තලයේ හිස රන්දා සුව වින්දේ මං විතරද

    අනේ මන්ද?

    කපුගේ - මාලනී බුලත්සිංහල කියන

    දම් පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි
    සමු ගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි
    දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැඟේ
    දෑසට ලංව තවත් මේ මොහොතේ ගොළු වී ඉන්නෙමි මං

    සෙවනැලි නොමැකේ නම් එලිය කළු නොවේ නම්
    බිත්ති පුර ඔබේ සෙවනැලි ඇන්දේ තනිය මකා ලන්නයි
    එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා

    රෑ කල දිගු වේ නම් ලා සඳ නොමැකෙ නම්
    නෙලුම් පතක රැඳී දිය බින්දුවක් සේ ලමඳ තලා යහනේ ඉන්නම්
    පම වෙලා හිරි නැගෙන තුරා

    දයාරත්න රණසිංහ සහ නිර්මලා රණසිංහ ගයන

    මහා රෑ යාමේ මේ ඇල් හේනේ තනියම සීපද කියනු අසා..//
    වෙහෙස දරාගෙන පාර අසාගෙන..//
    ආවෙමි අඳුරෙම ඔබව සොයා ..//

    සීපද රාවේ සවනත් වැකිලා ඉන් මත වීලද ඔබ ආවේ ..//
    මහ රෑ තනියම මේ ලෙස එන්නට හොඳ නෑ ඇයි එය නොසිතූවේ ..//

    ඔබේ සීපද මට හරි මිහිරී - මෝරන සෙනෙහස යයි ඉතිරී
    කියන්න සීපද රස කරලා- අහන්න ඒවා සැනසීලා
    ඔබ කියනවනම් අසා සිටින්නම් ඔබේ දෙපා මුල සැනසීලා

    අඳුරයි සුළඟයි අපව වටා - තනි රකිනවා ආදරය සොයා..//
    දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ නැලවෙමු සුවය පතා ..//

    අපි නම් දන්නෑ

    ReplyDelete
    Replies
    1. ශෘංගාරය......

      නියමයි සුදීක,..මේ අන්තිම සිංදුව රෑට ඇහෙනකොට දැනන හැගීම් මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ, ඒ තරම් අපූරුයි(මම දැන් බීරා වුනාට ඇහෙන කාලේ අදටත් එක්කම ඇහුවා. දැන් මේක කියවන කොට ඒක මට දැනෙන්නෙ එදා අහපු රිද්මයෙන්මයි ඒ හඩින්මයි)

      Delete
    2. මොකද්ද සුමිත් අයියේ ඒ බීරි කතාව? :O

      Delete
    3. @ලකී
      මේ පැත්තෙ ආවමද....?
      සාදරයෙන් පිළිගන්නවා අපේ අඩවියට....!!

      මම ඉතින් ශ්‍රව්‍යාබාධිතයනෙ..... ඒකයි ඒ.(මේකෙ පරණ පෝස්ට් කියෙව්වානම් හේතුව අහුවෙනවා).

      Delete
  34. wenasak eththenma hema witama ekakaari nowi wenas wensa lipith liyanawanam bohoma agei....

    ReplyDelete
    Replies
    1. එකම විධියට ලියනකොට තමාටමත් ඇලජික්නෙ....ෆෝන් එකෙන්ද කොමෙන්ටුව කෙටුවෙ...?

      Delete
  35. නිර්මාණශිලි බ්ලොග් එකක්.මමත් අවා ඔන්න.අපේ පැත්තෙ එන්නෙ නැතේයි.ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ගයනිවත් සාදරයෙන් පිළිගන්නවා අපේ නවාතැනට...!

      මමත් ඒ පැත්තෙ ගියා. හොඳ බ්ලොග් එකක් (මෙතන කෙලින්ම ලින්ක් එක දැම්මානම් වඩා හොඳයි)

      Delete
  36. කවියක් නං ඔලුවට එන්නෙ නෑ. ඒත් කතන්දරයක් මතක් උනා. ටිකක් දිගයි පෝස්ටුවකින්ම දාඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. අන්න හරි පෝස්ටුවක්ම දාමු....

      Delete
  37. ආදි අප‍ දෙන්න දියපිට මලක් ව ගේ
    දැන අප දෙන්න දිව්දුටු මුව්න ව ගේ
    ගොඩ නුපුරුදු දිය නුපුරුදු සතුන් ව ගේ
    උඹලගෙ සෙනේ හුනුනැති බුලත් විඩ ව ගේ

    ආදි අප දෙන්නා දෙන්නම තමු න් නේ
    දැනට අප දෙන්නා දෙන්නම අනු න් නේ
    නොදැන නොවෙයි පිලපිට පැදුරු දු න් නේ
    යතුර දෙන්න මේ ගේ දොර අනු න් නේ

    ReplyDelete
    Replies
    1. මට වැටහුණ විදියටනම්...වියපත් දෙමව්පියන්ට යන කලදසාව නේද මේ...?

      Delete
    2. අයි අය්යෝ නිරීඇල්ල....

      මේකෙන් කියන්නේත් පෙම්වතුන් යුවලක් ගැන. බොහොම ආදරයෙන් බැඳිලා හිටපු!
      /*ආදි අප‍ දෙන්න දියපිට මලක් ව ගේ */
      /*ආදි අප දෙන්නා දෙන්නම තමු න් නේ */

      සුපුරිදු පරිදි මේ දෙන්නටත් ගෙවල් වලින් එන ගැහැට හමුවේ වෙන් වෙන්න සිදු වෙනවා.
      පසුව කාන්තාව වෙනත් පුරුශයෙක් සමග දීග ගියාට පස්සේ (පරන) පෙම්වතා අහම්බයෙන් මෙන් කාන්තාවගේ නිවසට එනවා.
      /*
      දැනට අප දෙන්නා දෙන්නම අනු න් නේ
      නොදැන නොවෙයි පිලපිට පැදුරු දු න් නේ
      යතුර දෙන්න මේ ගේ දොර අනු න් නේ
      */

      එතනදී තමය් මේ සිදුවීම පෙල ගැහෙන්නේ..

      තෙරියමා! :)

      Delete
    3. මෙහෙම දැම්මට තරහක් නැතුව ඇති මගේ හිතේ..

      /**අයි අය්යෝ නිරීඇල්ල..**/

      Delete
    4. චැඃ.... ඇණගත්තා.

      පළවෙනි කවිය ටිකක් අවුල් වගේ - ඒකයි ටැපලුනෙ.... :)

      Delete
  38. අයියා ගොඩ කාලෙකින් නේද?
    මට නම් ජන කවි දැන් මතක නැහැ කට්ටිය නම් හරි අපූරුවට ඔය කියලා තියෙන්නේ ජන කවි

    ReplyDelete
  39. කාලයත් එක්ක බොහෝ දෙවල් අමතක වෙනවා තමයි.(මටත් එහෙමයි) ඒත් සාහිත්‍ය ඇසුරක් මිනිස්සුන්ට තියෙන්න ඕන. ඒහෙම නොවුනාම තමන්ගෙ ආතතිය මුදාහැරෙන්නෙ හරිම නිදහස් විදියට - පාලනයකින් තොරව.

    ReplyDelete
  40. සුමිත් අය්යා අපි නැති අතරේ පොස්ට් එකකුත් දාලනේ දැනුයි දැක්කේ.. මේ ටිකේ ජාලේ සැරිසරන්න වෙලාව අඩුයි...

    ඉක්මනටම අර ලියාගෙන ගිය කතාවේ කොටසකුත් දාමුකෝ .. ඒ අතරේ මෙහෙම එව්වා දාන එක හොදයි එතකොට බ්ලොගයේ අර විවිධත්වය කියන මෙව්වා එක එනවා ..

    __ජය __

    ReplyDelete
    Replies
    1. ලියාගෙන ආව කතාව ලියන්න විවේකය මදි, ඒකයි මේ වගේ පෝස්ට් දාන්නෙ....:)

      Delete
  41. ඔන්න මිනිහා රට ගිය වෙලාවක ගෙදර තනි වෙච්ච ගෑනිට ලයින් එක දාගෙන එකෙක් එනවා.ඒකා ගෑනිට කියනවා මෙහෙම,

    අකලට පුරන් වූ කුඹුරක් දකින කොට
    හදවත කහන ගතියක් ඇත ගොවියෙකුට
    ආවේ කුඹුර අස්වද්දන පැතුම පිට
    *********************************

    මෙන්න මේ අන්තිම පදේ මතක නෑ නොවැ ශිඃ


    එතකොට මේ ගෑනු මනුස්සයා අර යකාට කියනවා මෙහෙම,

    අකලට පුරන් වූවත් ලෝ දහම උඩ
    අඳ ගොවියෙකුට මේ කුඹුරේ නොමැත ඉඩ
    ට්‍රැක්ටරයකින් කුඹුරක් කළ පසුව මඩ
    නගුලක් රැගෙනවිත් මොනවද කරන වැඩ

    ReplyDelete
    Replies
    1. නියම කවි දෙක ..... :D :D

      හරිම උත්තරේ දීලා තියෙනවා. ආයෙ හෝදන්න දෙයක් නෑ....

      Delete
    2. *නැතිවට නෙමෙයි සින්නක්කර කුඹුරු මට....*

      මෙන්න අන්තිම පදය...

      Delete
  42. 4n eke blog kiyewwata comment danna amarui newa.atha kata kasanawa mak karannada.godak welawata publish wenne na.meka publish weyaaan..godak rasawinda ayye.jaya.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අපේ අඩවියට......!

      ඔන්න මේකනම් පබ්ලිෂ් වෙලා.... :)

      Delete
  43. Replies
    1. :)

      සාදරයෙන් පිළිගන්නවා අපේ අඩවියට.....!!!

      Delete
  44. අම්මප මරුනේ... අදද මන්දා මුලින්ම ආවේ මේ පැත්තේ?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ.....

      සාදරයෙන් පිළිගන්නවා අපේ අඩවියට.....!!!

      Delete
  45. වරදක් කලත් රන්ඩුවකින් තොරව බේරාගෙන තිබෙනවා හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි "කසාදය" ලි.ප. නොකරපු කාලේ....කසාදය ලි.ප. කරලා එකෙක් අනෙකාගෙ අයිතිකාරයෙක් කළාට පසුව "සිදුවීම්" එතරම් අලංකාර නැත.

      Delete
  46. කමෙන්ට් නැත.. ඊලඟ පෝස්ටුව මේ වෙනුවෙනි...

    ReplyDelete
    Replies
    1. අන්න හරි ....ඒක තමයි කෙරෙන්න ඕන.

      Delete
  47. ගජමන් නෝනා කිවිඳියගේ නියම නම ලෙස මම අහලා තියෙන්නේ දෝන ඉස්බෙල් පෙරුමාල් කොර්නේලියා කියලයි.ගජමන් නෝනා කියලා හැදීන්වෙන්නෙ එම කිවිඳියගෙ පියා විර්තා මුල්ල ගමගේ දොන් ප්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුම ගජමන් ආරච්චි වූ නිසාලු.ගජම්න් නෝනාගේ ප්‍රේමය පැතූ පුද්ගලයකු ගජමන් නෝනාට මෙසේ ලියා යැව්වාලු.

    අවාසනා දුක් දොම්නස් දුරලන්නම්
    මවා නඳුන් වන සුර සැප ගෙන දෙන්නම්
    හොවා පෙම් යහන රුති ලෙස සනසන්නම්
    ලෝ වාසින් හමුවෙ දිනයක කැඳවන්නම්

    ඊට ගජමන් නෝනා දුන් පිළිතුර

    ලෝ වාසින් හමුවෙ කැඳවුම පතාලා
    මුවා වෙලා පහසට අත වනාලා
    අවාසන දෙන ගුණ දම් නසාලා
    නොවාසනාවන් නොපැවති එකාලා

    එම පිළිතුරෙන් ලජ්ජාවට පත් වූ කවිය ලියා යැවු තැනැත්තා ගජමන් නෝනාට මෙසේ ලියා යැව්වාලු

    ආසාවය ඇඟෙව්වට යමෙකුගේ ඇතී
    රෝසා වෙමින් යකිනිය සේ දරුණු අතී
    දෝසා පවරතොත් නොතකා තරුණ ගතී
    වේසාවියකි ඇය කිසි ගුණ දමක් නැතී

    එය කියවා කෝපයට පත් ගජමන් නෝනා මෙසේ පිළිතුරු දුන්නාලු

    ආසා කර මෙමට නොව නොකියන දේට
    වේසාකම කියන සුපුරුදු වරිගේට
    මේසා රුදුරු අවගුණ ඇති තොප වැදුවාට
    දෝසා පවරපිය තොගෙ මහ ගෑණීට....

    ReplyDelete
    Replies
    1. ගජමන් නෝනා ගැන ඔබ ලියූ විස්තර නිවැරදියි.

      ඇය කොතරම් දක්ෂ අයෙකු වුවත් ඇගේ ජීවිතයනම් එකම ඛේදවාචකයක්.... :(

      Delete
  48. සුමිත්,

    මගේ ජනකවි පිලිබද දැනුම නම් බිංදුවයි. ඒත් මෙතනට දන්න සාත්තරෙන් යමක් එකතු කරන්න හිතුවා.

    අපි බොහොමයක් හිතන්නේ අපේරටේ සංවිධානාත්මක යුධ බලකොටු ඇතිකලේ ආක්‍රමණික යුරෝපීය ජාතිකයන් කියලානේ. ඒත් මේක එයට තරමක් වෙනස් දෙයක්,

    මලේ මලේ තැඹිලිය වැන්න පොල් මලේ
    රැලේ රැලේ මුහුදින් දමන දිය රැලේ
    බලේ බලේ රාසින් දෙවියන්ගේ බලේ
    ගලින් කොටුව බැන්දයි තිරිකුණා මලේ

    ReplyDelete
  49. තවත් එක් ජන කතාවක් ද මන්දා...

    ReplyDelete
  50. නිවාඩුවක් අරගෙන වගේ, කාලෙකින් සද්දයක් නෑ

    ReplyDelete
  51. මොකේද ගිය එකාටත් කියන්න මොනවද තියේනවලු..:)
    සුපිරි කතාව ඈ..

    ReplyDelete
  52. This comment has been removed by the author.

    ReplyDelete
  53. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක් - ජාතීන් අතර සමගියක්
    අපේ ප්‍රහාරය රට කන් උන්ටයි!
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
  54. කොමෙන්ට්ටු පසුපස ආවෙමි... සටන් විරාමෙක හැඩකි.

    ReplyDelete
  55. http://liyanna-liyanna.blogspot.com/2013/01/blog-post_8.html?showComment=1357710045323#c3089253549449985942

    ReplyDelete
  56. අන්න උත්තර දෙන කරමේ ....හි හි ..

    ReplyDelete
  57. ආයේ පොස්ට් එකක් තවම නෑ වාගේ නේද....

    ReplyDelete
  58. රසවත් ලිපියක්...... +++++++

    ReplyDelete
  59. ඔන්න සුමිත් අයියාටත් "සුබ අලුත් අවුරුද්දක් වේවා.." කියල යන්න ආවා.

    ReplyDelete
  60. සුමිත් ආයෙත් අපි ලියමු නේ :) සුමිත් ලියනකං බලා ඉන්න පිරිසකුත් ඉන්නවා එකෙ මාත් ඉන්නවා.

    ReplyDelete
  61. සුමිත් අය්යේ ලියමුකො ආයෙත් , හඳුනා ගැනීම ලොකු සතුටක්, ප්‍රොෆයිල් පින්තුරේ පේනවට වඩා බොහොම තරුණයි නොවැ,

    ReplyDelete
  62. සිරා පොස්ට් එක සුමිත් . . කොමෙන්ට්ස් ටිකත් මරු . . එක පරටම මතක් වෙන්නේ නෑ තව අහලා තිබ්බා ඔය වගේ ජන කවි කීපයක්ම . .

    ReplyDelete
  63. මේක ගමරාළ කෙනෙක්ට ගෙයින් ගෙට ගියපු මරක්කල වෙළෙන්දෙක් කියපු කවියක්. තේරුම් ගන්න ලේසි නිසා කවිය විතරක් දාන්නම්.

    කොයිලකොටුවෙ පොඩිඅප්පුආමිකෙ දෝණියන්
    එළගොන්දෙණියෙ ලොකුඅප්පුආමිට කෙනාවයි
    පන්ශලේ ඉටපු මාණ අප්පුආමිත් ආවයි
    ශිවුරු පොදිය පොතු මල්ලේ අංගාලයි

    උපුටාගත්තෙ බොරළැස්ගමුවෙ ජී. එච්. පෙරේරා මහතාගේ කයිකතන්දර පොතෙන්

    ReplyDelete
  64. ඔබ ඇයි ලියාගන ආපු වටිනා ලිපි පෙලක් සමග මෙය අතරමග අතහැරියේ

    ReplyDelete
  65. සුමිත්ගෙ බ්ලොග් එක මුල ඉඳන් කියෙවුව. හැබැයි ලිව්වෙ මෙතන විතරයි.. වාද විවාද වලට යන්න තරම් කාලයක් නැති නිසාම නෙවෙයි.. ඔවුවා ගැන වාද කරන එකේ තේරුමක් නැති නිසා.. ලෝකය පටන් ගත්දා ඉඳන්ම තිබුණු මිනිස්සුන්ගෙ අමානුෂිකත්වය කවදාවත් රාජ්‍යක්‍රම මගින් වෙනස් වෙන්නේ නෑ. වෙනස් අකාරවලට එකම දේ ක්‍රියාත්මක වෙනවා මිස..

    ReplyDelete
  66. මේකත් කොන්ක්‍රීට් වෙලා නේද?

    ReplyDelete
  67. ඇත්තටමත් ගෙවල් වලට වඩින සාදුලා නැතුවාම නොවේ.
    -------------------

    ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    ....
    සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  68. :3 තොටත් සාදු මටත් සාදු..

    ReplyDelete
  69. සුමිත්, ලියමුකො මොනා හරි.

    ReplyDelete
  70. සුමිත් අයිය බ්ලොග් අතහැර ගියාදෝ...?

    ReplyDelete
  71. ගමේ සෙක්ස් හැබැයි නගරයෙ තරම් කුහක නැහැ.මේ කියන දේ සුමිත් දන්නවා.ඉස්සර අපි හිටපු ගමේ හිටියා සීමන් කියල කෙනෙක්.බැදල හිටියෙ ඥ‍ාණා.මට මතක හැටියට ළමයි දෙන්නෙක් හිටියා.මේ ගෙදර ඇමරේජන් බිස්නස් එකකුත් ගියා.කාලයක් යන කොට ඇමරේජන් බොන්න ආපු උපාලි එක්ක ඥ‍ාණා ගියා.සීමන්ගෙ පෞරෂය බිද වැටිම එක්ක වෛරය උඩු දුවනවා.මරං කන්න හොයනවා.ඒත් කාලයත් එක්ක ඊ ළග අවුරුද්දෙ උපාලියි ඥාණායි සීමන්ගෙ නොම්මර අදින බඩු පොළේ නොම්බර අදින්නත් එනවා.මේ වගේ සිදුවීම් ගොඩක් එකින් එක කිව හැකියි.ඒවා හැබැයි කියවන අයට පොදුවෙ විදින්න බැහැ.නම් ගම් එක්ක කිව්වම සුමිත්නම් මතක් කර ගනියි.ඒත් හැබැයි අද ඒ ගමත් වෙනස් වෙලා.වෙන මිනිහෙක් එක්ක ගෑනියෙක් එක්ක තමන් දාලා ගිය ගෑණිට මිනිහට උපේක්ෂාවෙන් බලල වෛර නොකර හිටිය මිනිස්සු හිටිය ගම අද හිනා වුණත් වෙන එකෙක් දිහා බලල මරන්න තරම් දරුණු වෙලා.

    ReplyDelete
  72. සුමිත් අයියේ ශෝක් අර කාන්තාව කියපු කවියනම් අප්පා.....

    ReplyDelete
  73. සුමිත් ඔබ සනීපෙන්ද?

    ReplyDelete
  74. අනේ අයියේ ලියහංකෝ

    ReplyDelete
  75. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  76. මේ කමෙන්ට් එක ටෙස්ට් කරන්න දාන්නෙ. ඊමේල් එක හැක්වෙලා අවුරුද්දකට පස්සෙ නැවත ගත්තෙ.

    ReplyDelete