
මෙම කාලයේදී ලියුම්කරු සැඟව සිටි ප්‍රදේශයෙන්
නිවසට පැමිණ සිටියේය. පවුලේ අන් අය ද විය යුත්තක් වේවායි සිතා
නිවසට ම වී සිටීමට තීරණය කර තිබුණි. ලියුම්කරු පමණක් නොව පවුලේ අයකු වුව ද වෙනත් නිවසකට ගොඩ වැදීම පවා ඒ
නිවැසියන්ට අනතුරු දායක වීම ඊට හේතු විය.
අපගේ ආර්ථික තත්ත්වය ද මේ වන විට ඉතාමත් නරක අතට හැරී තිබුණි. ගොවිතැනින්
හා රබර් වලින් ආර්ථික අවශ්‍යතා පිරිමසා ගත් අපට, තාත්තාගේ ද ලියුම්කරුගේ ද මැදිහත් වීමකින් තොරව යහපත් ආර්ථිකයක් පවත්වාගෙන
යාම ඉතා අසීරු විය. එහෙයින් පවුලේ සියළු බර ඇදගෙන යාමට සිදුවූයේ අම්මාට ය.
මේ 1989 වර්ෂයේ
දෙසැම්බර් මාසයයි. රැඳවුම් කඳවුරු හැර තාවකාලික හමුදා කඳවුරු - වධකාගාර බොහොමයක් මේ
වන විට විසුරුවා හැර තිබුණි. කිසිවකට සම්බන්ධ නැති සිවිල් පුරවැසියන්ට කිසියම් ඉස්පාසුවක් ලැබුනාක් මෙනි. කෙසේ වෙතත්
පොලිස් මෙහෙයුම් දිගටම සිදුවිය. ලියුම්කරු ද තවදුරටත් සිටියේ සැඟවී ය. දිවා
කාලයේ දී නිවසට වී සිටිය ද රාත්‍රිය ගතකළේ නිවසින් බැහැරව ය. මෙසේ සිටි එක් දිනක
දහවල් කාලයේ දී හදිසියේම පොලිස් කඩාපැනීමක් සිදුවිය. ලියුම්කරු සිටියේ (ඕනෑ ම
මොහොතක පැනගැනීමට සූදානම්ව) නිවසේම ය. ඈතින් එන පොලිස් රැළ නිවසෙන් බැහැරව සිටි
අම්මාගේ නෙත ගැටුනි. එසැනින් ඈ ලබා දුන් සංඥාවකට අනුව දිවගිය ලියුම්කරු, කිසියම්
ආරක්ෂිත තැනක ක්ෂණිකව සැඟවුනි. මේ මොහොතේ නිවසේ සිටි සුරතල් බල්ලා ද ලියුම්කරු
පසුපසම පැමිණ, ඒ මගේ ම ඉදිරියට දිව ගිය අතර පොලීසිය දිවගියේ බල්ලා පසුපස ය.
එහෙයින් ලියම්කරු සැඟවගත් ඉසව්ව පොලීසිය ට මගහැරුණි. (බල්ලා නිසා බේරුණු මේ
අවස්ථාවත් සමග තෙවරක් ම පොලීසියේ හා හමුදාවේ අතටම හසුවීත් ඉන් ගැල වී යාමට
ලියුම්කරු සමත්වී තිබුණි).
*****************
කාලය කෙමෙන් ගෙවී යයි. මිනිසුන් ටික ටික සාමාන්‍ය ජීවිතයට ප්‍රවේශ වෙමින්
සිටියහ. කිසිවකු හෝ වැඩි කතාබහක් නැත. අනෙකා සමග කරන සුළු කතාබහේ වුව ද තිබුණේ,
කිසියම් වරදකාරී හැඟීමකින් මඬනාලද ගතියක් ය.
සියල්ලෝම ඉතා නරක විදියට එකිනෙකාගෙන් වෙන්කළාක් මෙන් පෙනුණි. සෑම විටම එකෙකු අනෙකා
දෙස බැලුවේ සැකයෙනි. කැරැල්ල පූර්ණ වශයෙන් මැඬලා, කැරළි නායකයින් ද මරා දමා, ඉතිරිව සිටි කැරළිකරුවන්
බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබියදීත් මෙවන් බියක් ගන්නට මිනිසුන්ට ඇති හේතුව
කුමක් ද..? ඒ අන් කිසිවක් නිසා නොව රාජ්‍ය ත්‍රස්තවාදයේ භිෂණය නිසයි. මෙය
තවත් වසර ගණනාවක් යනතුරු නොනිවී දැල්වුන ගින්නක් විය.
මේ කාලයේ ආණ්ඩුවේ හොරණෑ නිරතුරුවම හඬ නැගුවේ “නොමග ගිය තරුණයන්ට” භාරවන ලෙසයි.
භාර වූ අයගේ ප්‍රකාශ සහිත දැන්වීම් ද ප්‍රචාරය විනි. (නොමග ගිය තරුණයන්.....!? කෙතරම්
අපූරු හැඳින්වීමක් ද
සුමග යෑමට අවශ්‍ය සියළු දේ තිබියදීත් නොමග ගිය තරුණයන්.....!!! ) කෙසේ වෙතත් ඊට අවනතව බොහෝ දෙනෙක් අදාල කඳවුරුවලට හෝ පොලීසි වලට භාර විය. අරමුණු හැර සටන
සම්පූර්ණයෙන්ම පරාජය වී තිබිය දී තවදුරටත් ඒ මතම බලාපොරොත්තු දල්වාගෙන සිටීමේ
තේරුමක් නැත.
උණු ලෙයින් පාට සටහන් කළ මරණයේ කළු දුමාරයෙන් වැසීගිය ’89 වසර අවසන්ව ’90
නව වසර උදා වූයේ ද අත්නොහැරි භීෂණය සමගිනි. ලියුම්කරු තවමත් සිටින්නේ සැඟවීගෙනය.
ඒ තරමක් විශාල ගල් දෙකක් අතර පිහිටි දෙබුක්කාවකි. එය පස්වලින් පිරී ඇත. ඊට
ආවරණය සැපයුනේ ඉහලින් ඇති විශාල බට පඳුරකිනි. පිටතින් බලන කිසිවකුට හෝ එහි ඇතුළත යමෙකු
සිටීයැයි නොපෙනේ. එය කදිම නිවහනකි. පස්
තට්ටුව මත තිබූ කොළ රොඩු ඉවත්කර ඒ මත එළාගත් පොලිසැක් කවර දෙකකින් සැඟවගත්
කැරලිකරුවාගේ යහන සැකසිනි. මෙසේ කැළැවල ගස් ගල් යට රාත්‍රිය ගතකරන්නට වී බොහෝ
කාලයක් නිසා ලියුම්කරුට නම් එහි අරුමයක්
නොවීය.
සර්පයකු සමග........
ඒ ’90 ජනවාරි මස
15 වන දින රාත්‍රියයි. ලියුම්කරු, දුරුතු මස අධික ශිතල ද සමග වන යහනේ රාත්‍රිය
ගෙවමින් සිටී. ශිතල ද තෙතබරිත පින්න ද ඔබගේ පීනස උත්සන්න කිරීමට හේතුවකි. එහෙත්
කිවිසුමක් ඇරීමට ඔබට අවසර නැත. එය ඔබ සැඟව සිටින ඉසව්ව ගැන ඔබ විසින්ම සතුරාට දෙන
ඔත්තුවකි. කෙසේ වෙතත් මෙවැනි රාත්‍රියක දී - මෙවැනි වන රොදක දී ඔබ වඩාත් ප්‍රවේශම් විය යුත්තේ
සර්පයන්ගෙනි. මේ මොහොතේ සර්ප දෂ්ඨනයක් සිදුවුවහොත් ඔබට තෙයාකාරයකින් මරණය ළඟාවිය
හැක. ප්‍රතිකාර ලබාගැනීමට යාමේ දී ආරක්ෂක අංශවලට හසු වී වෙඩි තැබීමෙන් හෝ ප්‍රතිකාර පමා වීමෙන් ද ආරක්ෂක අංශවලට
හසුවනු ඇතැයි යන සැකයෙන් නිසි ප්‍රතිකාර නොකිරීමෙන් ද එය සිදුවිය හැක.මේ හේතුව
නිසා ලියුම්කරු සෑමවිටම සිටියේ ඊට සූදානම්ව මල්කෑර කෝටුවක් හා පෙන්ටෝච් එකක්ද ළඟ
තබාගෙනය. (සැඟවගත්
කැරළිකරුවා සතුව තිබූ භයානක අවි ආයුධ ඒවාය).
බලාපොරොත්තු වූ පරිද්දෙන්ම එය සිදුවිය. සර්පයා ඇදී ආවේ
කකුල දෙසිනි. දැනෙන විදියටනම් තරමක් ලොකු සතෙකි. හේ පොරෝනාව දිගේම ඉහළට ඇදීවිත්
දණහිසට යටින් හරි බරි ගැසී ගුලි විය. (ඔබ කලබල වන්නේනම් සිදුවන්නේ අනෙකකි). සෑහෙන
වේලාවක් වෙහෙස වී කිසියම් ඉඩක් පාදාගත් සතා, සැනසිලිදායක නින්දකට වන් සෙයක්
පෙණුනි. මේ මොහුගෙන් ගැලවීමට සුදුසුම මොහොතයි. කකුල සෙමින් නවා එකවරම නැගීසිට
පෙන්ටෝචය දල්වා බැලූ විට ලියුම්කරු දුටුවේ පොරෝනාව මත ගුලිගැසී සිටින මුදු
කරවලෙකි.හේ මිනිස් උණුසුමට බෙහෙවින් ප්‍රියකරන තෙත් කලාපයේ වෙසෙන
උග්‍ර විෂ සර්පයෙකි. නයාටත් පොළඟාටත් වඩා විෂෙන් වැඩි වුව ද මොහුගෙන් දෂ්ඨනයක්
සිදුවන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත් ලියුම්කරුට මොහු හා මිත්‍ර සමාගමයක් නැත.
එහෙයින් පෙර සූදානම්කරගෙන තිබූ කෝටුව ආධාරයෙන් සතා ඈතට විද දැමීය.
පොලිස් රැකවලුන්ට හසුවීම......
සර්පයා සමග වූ
හෙයියම්මාරුව නිසා ඉන් පසු ලියුම්කරුට නින්දක් නොවීය. කෙසේ වෙතත් හේ පාන්දර 4 හමාර පමන වනතුරු එතනම
ගතකර නිවසට සේන්දු වූයේ තේ එකක් බීමේ අදහසිනි. වටපිට කිසිදු අනතුරක ළකුණක් හෝ නැත.
ලියුම්කරු දොරට තට්ටු කළේය. එසැනින් ම දොර විවෘත විය. (පවුලේ අන් අය ද ලියුම්කරු
මෙන්ම නිසි නින්දක නොසිටින්නට ඇත). අනතුරුව තේ එකක් බිබී සුළු කතාබහක යෙදී සිටි
මොහොතේ බල්ලාගේ ගෙරවුම් හඬත් සමග නිවයේ
ඉදිරිපසින් ද පිටුපසින්ද ඇසුනේ බූට් සපත්තු හඬකි. කොයි මෙහොතේ හෝ සිදුවේ යැයි සිතූ ලෙසින් ම ඔවුන්
පැමිණ සිටී. කලබල කිරීමේ හෝ පැනයාමට උත්සාහ කිරීමේ තේරුමක් නැත. මුලින්ම තාත්තා ද දෙවනුව ලියුම්කරු හා අන් අය ද නිවසින්
එළියට ආහ.
“...හා ...මේ
ඉන්නෙ වීරයා......මෙච්චරකල් කට්ටි පැන්නා ඇතිනෙ.....දැන් යමු....”
“ ...තමුසෙලා
දවල්වෙලා පොලීසියට එනවා.......” ඒ නියෝගය තාත්තාට ය.
(නිසැකවම
මොවුන් ප්ලැටූන් එකේ ගහලයින් විය නොහැක. නැතිනම් මේ සිදුවීම මෙතරම් “සාමාන්‍යය” නොවේ).
ලියුම්කරු
ජීප් රථයට නංවාගත් සැනින් දෑත් පිටුපසට කර බැඳ දැමිනි. මේ මොහොතේ ඒ තුළ
ලියුම්කරුගේ සගයෙකු ද විය. හේ අත්අඩංගුවට ගෙන තිබුනේ තුවක්කුවක් ද සමගය.
“උඹ දන්නවද අද
උඹලගෙ ගෙදරට අපි කරන්න ආවෙ මොකද්ද කියලා......”
ලියුම්කරු
නිහඬය.
“බලපන් මේ මොනවද
කියලා......”
පෙට්‍රල්
කෑන් කිහිපයක් පෙන්වයි....මොවුන් කියන්නේ ලියුම්කරුගේ නිවස ගිණි තැබීමට පැමිණියා
කියා විය යුතුය. ලියුම්කරු කිසිත් නොදොඩයි.....සගයා ද පසෙක ය.
“...තෝ කැමති ටයර්
එකේ යන්න ද නැත්නම් තල්දූව පාළම යටින් කැලණි ගගේ යන්න ද.....”
මේ මොහොතේ ඔබ ජීවිතය ඉල්ලා
ආයාචනා කරන්නෙ නම් ඔවුන් බොහෝ සේ සතුටුවනු ඇත. එහෙත් ලියුම්කරු සිටියේ කෝපයෙනි.
“......ඒක තීරණය කරන්නෙ අපි
නෙවෙයි නෙ......”
මේ ඔවුන් බලාපොරොත්තු වූ පිළිතුර
නොවේ, පොලිස් කරුවන්ගේ කෝපය ඉහවහා යයි....
“.....පුක
නැත්නම් තෝත් යකා.......”
අනතුරුව ලියුම්කරුගේ දෙකන් මතට එල්ලවන්නේ දරුණු
ප්‍රහාරයක් ය. ඒවා නළලට ද මුහුණට ද
ඉක්කයකින් තොරව ද එල්ල වේ. සගයා දෙස බලා, “තෝ මොකද බලන්නේ” යැයි කියා ඔහුට ද පහර දේ.
අධික ශිතල නිසා
අගුල්වැටී තිබූ කණට මේ කළ පහරදීම නිසා තමයි. ලියුම්කරු සදාකාලික බිහිරෙකු වූවේ. එසේ
වුවද එය සිදු වූයේ එක්වරම නොවේ.
පොලිස් කරුවන්ගේ වහසිබස්
තවම අවසන් නැත.....
“යමව්.....
පොලීසියට, දෙන්න පෝරියල් එක.......”
මතු සම්බන්දයි......
ප:ලි/
මේ ලිපි මාලාව කියවීමේ දී හැකි තරම් කාලයට සාපේක්ෂ වන්න.....
කැරැල්ල මර්දනයෙන් පසුවත් එහෙනම් කැරලි කරුවන් හඹායාම සිදු වෙලා තියනවා.. ඔය වෙනකොට සුමිත්ගෙ අනෙක් කණඩායම් සගයන් සිටියේ නැද්ද ? මේක දැන් උද්වේගකර කතාවක් වේගන යන්නෙ..
ReplyDeleteහඹායාම '90 මැද දක්වා සිද්ධවුනා. අනිත් අයත් කොහේ ට හරි ගිහින් ආරක්ෂා වුනා.සමහරු පසුව මන්ත්‍රීවරුත් වුනා.....
Delete90 මැද නෙමෙයි බං. මාව ගත්තේ 90 නොවැ 13
Deleteකාලයක් තිස්සේ ගැට ගැසූ ගෝනි වලට වෙලා වී ගෝනි අස්සේ හැංගිලා ඉඳල බේරුණු අයිය මලෝ දෙන්නෙක්ව දන්නවා. ඒ අයනම් බේරුනා.
ReplyDeleteළඟදී ලීලාවතී ශාලාව ලඟට ගිය වෙලේ සුමිත් අයියහේ කතාව මතක් වුනා..
අදාල "ශාලාවෙ" දැන් තියෙන්නෙ කොමර්ෂල් බැංකුව.....
Deleteප්‍රධාන පාරකට යාබදව ඒ වගේ වධකාගාරයක් තිබීමෙන්ම ඒ කාලයේ යකාගේ නීතිය පැහැදිලියි.
Deleteබලය ලැබුණු විට මිනිස්සු කෲර හිංසාවලින් සතුටු වෙන හැටි ගැන චිත්‍රපටියක් බැලුවා.
ReplyDeleteලින්ක් එකට ස්තූතියි....හොයාගෙන බලන්න ඕන. ඩවුන්ලොඩ් කරගන්න තරම් මෙහේ නෙට් ස්පීඩ් එක පොහොසත් නෑ.
Deleteහ්ම්ම්
ReplyDelete:)
Deleteඔන්න සුමිත් මම අහන්න අකමැත්තෙන් හිටපු ප්‍රශ්නෙකට සම්පූර්ණ උත්තරේ ලැබුනා. කන් ඇහෙන්නෙ නැතිව ගියේ ඇයි කියලා. මම කලින් අහපු වෙලාවෙත් සුමිත් දීපු උත්තරේ මට මතකයි.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
දැන් පැහැදිලියිනෙ....
Deleteකොහොම වුනත් මට දැන් මේක ගානක් නෑ...
ඔන්ලි එස් එම් එස්
Deleteදැනුයි තේරැනේ
කණගාටුයි අයියේ
මොකක් කියන්ටද කියලා හිතාගන්න බෑ...
ReplyDeleteමොනවත් කියන්න අමාරුයි තමයි, කතාව කියෙව්වත් ඇති...
Deleteකියවගෙන යනවා ඇරෙන්න දාන්න කමෙන්ට් එකක් නැහැ බං.
ReplyDeleteජය...
සඤ්ඥාවකට? සංඥාවකට??
ඇත්ත තමයි, මේවට කමෙන්ට් කරනවා කියලා මොනවා ලියන්න ද...
Deleteපොඩි ටයිපින් මිස්ටේක් එකක්...ඒකත් එක්ක තව අඩුපාඩු දෙකක් හැදුවා...ස්තූතියි....!!!
:)
Deleteඅදත් කියෙව්වා ඉතුරු ටිකත් ඉක්මනටම බලාපොරොත්තු වෙමි.
ReplyDeleteඉඩ ලැබෙන ලැබෙන විදියට ලියන්නම්....
Deleteඉතිහාසයේ අදුරු යුගයක අමිහිරි මතකයන් .....
ReplyDeleteඉතිහාහාසය කියන්නෙ මෙවැනි කතන්දර ගොඩක් තමයි.
Deleteසර්පයා ගැන කිව්වම මට හරිම භයක් දැනුනා... මම සර්පයන්ට පුදුමාකාර විදියට භයයි... මට ඔහොම දෙයක් වුනා නම් භයටම මැරෙනවා...
ReplyDeleteකන් ඇසීම නැති වුනා කිව්වම දුක හිතුනා... ඇත්තටම මේ තරම් කැපකිරීම් කරලා ඉදිරියට ගෙන ආ ඔබේ දර්ශනය නියෝජනය කල පක්ෂය වර්තමානයේ මෙතරම් දියාරු බවට පත්වුනේ කොහොමද ?
සර්පයින් සම්බන්දයෙන් බොහෝ දෙනෙකුට තියෙන්නෙ බයක්ම නෙවෙයි,පිළිකුල හා මුසුවුන තැතියක් වගේ හැඟීමක්....
Deleteපක්ෂයට වුන දේ ගැන නිවැරදි අදහසක් කොමෙන්ටුවකින් කියන්න බැරි වුනත් කෙටියෙන් කියනවනම් හැම වාමාංශික පක්ෂයකට වෙච්චදේ තමයි ජ වි පෙ ටත් වුනේ.
'53 හර්තාලය කියන්නෙ වමට පහසුවෙන්ම බලය ලබාගන්න තිබුණ අවස්ථාවක්....ආණ්ඩු පක්ෂය මුහුදෙ නවත්තලා තිබුණ නැවකට පසුබැහැලයි තිබුණෙ. ඒත් වම මොකද කළේ විරෝධතාවය අවසන් කියලා හර්තාලය විසුරුවා හැරියා. ඊට පස්සෙ සාරිපොටවල්වල වේට්ටිවල එල්ලි එල්ලි ගිහිල්ලා නැත්තටම නැතිවුනා.
ඊට වෙනස්ව ස්වාධීන ගමනක් ගිය ජ වි පෙ, බිහිසුණු මර්ධන දෙකකින් පසුවත් විනාශ වුනෙ නෑ දිනෙන් දින වර්ධනය වුනා මිසක,
2004 මහ මැතිවරණයේ දී මිනිස්සු ඡන්දය දුන්නෙ ජ වි පෙ ට, ඒත් ඒ ලැබුණ බලය රැකගන්නත්-වර්ධනය කරගන්නත්, ජ වි පෙට හැකි වුනේ නෑ. නැත්නම් උපායශීලී වුනෙ නෑ.
ජ වි පෙ ට ඇත්තටම පුළුවන් බලය අරගෙන ආණ්ඩු කිරිල්ල නෙවෙයි විරෝධය පෑම විතරයි කියලා මිනිස්සුන්ට ඒත්තු ගියාට පස්සෙ ජ වි පෙ පල්ලම් බැහිල්ල ආරම්භ වුනා.
දැන් ජ වි පෙ ජාතිකවාදී කොටස ආණ්ඩුවටත් අධි වම පෙරටුගාමීන් ලෙස පැරණි වමේ වැසිකිළිය පැත්තටත් පක්ෂයේ බලය හිමි කොටස නන්නත්තාර ගොන්නටත් වශයෙන් තුන්පැත්තකට බෙදිලා ගිහිල්ලා.මිනිස්සුන්ට මේ මොහොතේ අවශ්‍යයෙන්ම තිබූ විකල්පය තමයි ඒ විදියට අවසන් වුනේ.
(අපේ වගේ රටක වාමාංශික පක්ෂයකට "න්‍යායට" වඩා වැදගත්වෙන්නෙ නහය යි).
කමෙන්ට් කරන්න හිතට දෙයක් එන්නේ නෑ අයියා,
ReplyDeleteඅනේ අපොයි කියල තේරුමකුත් නෑ,
ඒත් අපි අත් නොවිදි අතීතිය ගැන දැනගන්න උග්‍ර පිපාසයකින් පෙළෙනවා
මොනවා කිව්වත් අනේ අපොයි කියන්නනම් එපා....එහෙම වුනොත් මගේ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි.
Deleteහැකි පමණින් ඒ පිපාසය සංසිඳවනවා.... :)
සර්පයෙක් කකුල දිගේ යද්දී කලබල නොකර ඉන්න මටනම් කවදාවත් බැරි වෙයි..
ReplyDeleteඇත්තටම සර්පයින් ගැන හොඳින් දන්න කෙනෙකුට හැර අපි වගේ අයට ඒක සෙල්ලමක් නෙවෙයි....
Deleteසර්පයන්ට නම් මම බය නැහැ.ඔබ ලියන විදිහ ටිකක් ගැඹුරුයි.නමුත් මා එයට කැමතියි.ඉඩ ලැබෙන වෙලාවක ලියන්න සහෝ.
ReplyDeleteඔබට ජය! :)
සර්පයින්ට බය නැති ගෑල්ළමයෙක්.....අන්න හරි එහෙම තමයි ඉන්න ඕන....
Deleteසැලකිය යුතු පාඨක පිරිසක් ඉන්න නිසා දිගටම ලියනවා.
ඇඟ හිරිවැටිලා යනවා සර්පයා ගැන කියවද්දි. ගොඩක් දේවල් හිතට එනවා. මුල්මදේ තමා ඇත්තටම ඔය කියන විදියට තරුණ, තරුණියන් නොමග ගියාද කියන එක? එහෙමනම් ඔය කියලා තියන විදියට ගුටි, බැට දීලා එයාලව හරි මගට ගන්ට පුලුවන්ද? තරුණ, තරුණියන් එහෙම නොමග ගියේ ඇයි?
ReplyDeleteඔය තරම් එඩිතර විදියට මැරෙන්ට උනත් සූදානම්ව ඉන්ට හේතු තියෙන්ට ඕනි නේද? ප්‍රශ්න ගොඩයි.
"නොමග ගිය තරුණයන්" කියන ලේබල් එක ආණ්ඩුවෙන් අලවපු එකක්, ඊට කලින් කිව්වෙ ත්‍රස්තවාදීන් කියලා.
Deleteඒ වෙනකොට ජාත්‍යන්තර බලපෑම් "සුළු සුළු" වශයෙන් ඇතිවෙලයි තිබුණෙ.(නායකයොත් මරා දැම්මට පස්සෙ)
සුමිත් මචන්, ඔය වැනි අත් දැකීම් වලට මුහුණ පෑ මගේ හිතවතුන් අතරින් එක් අයෙක් තමයි ඔයා.. මේ සීරීස් එකේ අන්තිමට ඒ කාලේ ගැන උඹ හිතන දේ ගැන වැටෙන පෝස්ට් එක වැටෙනකන් තමයි මම බලාගෙන එන්නේ.....
ReplyDeleteඅන්තිමට ඒ ගැන ලියනවා, දැනුත් ටික ටික කමෙන්ට්වල ලියවෙනවා.
Deleteසර්පයා අවස්තා දෙකකදි පමණක් දෂ්ට කරනව.
ReplyDeleteගොදුරක් ගැනීමේදී, ආරක්ෂාව සඳහා.
මිනිස්සු අනන්ත අවස්තාවල දෂ්ට කරනව. කිසිම තේරුමක් නැතිවත්.
"සර්පයා මිනිස්සුන්ට වඩා කොච්චර හොඳද".
සුමිත් තව මාස දෙකතුනක් හිටිය නම් සමහර විට නිරුපද්‍රිතව ඉන්න ඉඩ තිබුන. (නොවෙන්නත් ඉඩ තිබුන). කොහොම උනත් අමාරුම කාලෙ පන්නගෙන තියනව. 88-89දි උනානං මේ බ්ලොග්එක ලියන්න කෙනෙක් නෑ.
//කොහොම උනත් අමාරුම කාලෙ පන්නගෙන තියනව.//
Deleteහර්යටම හරි. කියන්න කිසිවක් ඉතිරිවෙලා නෑ, මේ කමෙන්ට් එකේ ඔක්කොම තියෙනවා.
hmmmmmmmm
ReplyDeleteඅදත් මේ සටහන කියවූ බව කියමි...
ReplyDeleteඅයියාගේ කන් නැසීමේ තත්වය තවමත් එහෙමද ? මොකුත් ප්‍රතිකාරයක් නැද්ද ?
Deleteලක්ෂ 32කින් හදාගන්න පුළුවන්. වෙනත් ප්‍රතිකාර නෑ.
Deleteලක්ෂ 32කින් අපිවගේ අයට කරන්න කොච්චර වැඩ තියෙනව ද ?
කලින් කීව වගේ මේවා බොහොම සමීප සටහන්. කොමන්ට් නොකලට නිතර කියවනවා. සමහරවෙලාවට මිනිසුන්ට මේ තරම් කෲර වෙන්න පුළුවන් වුනාද කියලත් පුදුමයි. ඔයා කියන කලාපේ හිටිය ඔය දඬුවම් දීපු බොහෝ අයගේ පසු කාලය නම් යහපත් වුනේ නෑ. අපිට කරදර කරපු පොලීසියේ ලොක්කා වෙඩි තියාගෙන මැරිලා තිබුනා. ඔය මැර කල්ලිය හැඬ්ල් කරපු මෑන්ගේ ගෙදර ඔක්කොම වගේ ඒ කාලෙම මැරිලා තිබුනා. දන්න තරමින් ඔහුත් යුද්දයෙන් හෝ බීම හින්දා මිය ගිහින්.
ReplyDeleteමේ තත්වයට මුහුන දෙන්න නොවී අපේ පෙර වාසනාවක් හින්දද කොහෙද බොහොම අමාරුවෙන් රටෙන් පිට වෙන්න පුළුවන් වුනා. ඒ ප්‍රශ්නේ ඉවර වුනේ නෑ. අදටත් මේ දේවල් මතක් වෙද්දි ලොකු කළකිරීමක් දැනෙනවා.
ඒක අතකින් ඔබ මේ දේවල් අකුරු කරන එකත් සෑහෙන්න වටිනවා.
හුගක් ගහලයෝ මැරුණා තමයි. ඒත් ඒ ගැන කාලකන්නි සතුටක්වත් මට නෑ. හැබැයි කෙරුමො මැරිච්ච එක ගැනනමි කතුටුයි.
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට.....!!!
සුමිත් අය්යා ගල් දෙබුක්කාවක් අස්සෙ හැන්ගිලා රැය පහන් කලා ... මගේ පියා මාමලා බාප්පලා කැරැල්ලේ මුල් අවදියේ හා දරුණුවට පැතීරී ගිය අවදියේ කුරුදු කැලෑ වල , වතුරබහින අගල් වල , වී ගෝනි අස්සෙ හැන්ගිලා රැය පහන් කලා ....
ReplyDeleteඑහෙම තමයි හුගක් අය ජීවිත බේරගත්තෙ...
Deleteඑහෙම හරි සරුපයා දුටු එක හොඳයි!
ReplyDelete"සර්පයා" දුටුවෙමි-හැඳින්නෙමි......
Deleteඅපරාදෙ කියන්ඩ බෑ උඹ ලියන ස්පීඩ්එකේ හැටියට මාස තුනකට විතර පාරක් මේකට ආවම ඇති වගේ... :)
ReplyDeleteජීවත්වෙන්නත් මොනවහරි කරන්න ඕන..... :)
Deleteකරවනැල්ල පාළම,අගූරූවැල්ලේ පාළම,තල්දුවේ පාළම මම හිතන්නේ වැඩිපුරම කොල්ලෝ මැරුවේ ඔය පාලම් උඩ තමයි.
ReplyDeleteරුවන්වැල්ලේ පාලම උඩත් කොල්ලෝ මැරුවා , ඒත් මොන හේතූවකට හරි අඩු ප්‍රමාණයක්.
ඒත් රුවන්වැල්ල පොලීසියේ තමා මරුමුස්ම එකා හිටියෙ....
Deleteපෙනුම හරියට ඉඩී අමින් වගේ.
ඇවිත් කියවලා යනවා සුමිත්... මේ කාලෙ මතක් වෙනකොටත් හිතට දැනෙන්නෙ ලොකු අපහසුවක්....
ReplyDeleteකියවන එකත් සෑහෙන දෙයක් තමයි.....
Delete//සුමග යෑමට අවශ්‍ය සියළු දේ තිබියදීත් නොමග ගිය තරුණයන්.....!!!//
ReplyDeleteපාට වෙනස් උනාට හැමදාම ඉන්නේ එකම ගතිගුණ තියෙන යක්කු කියන එක පැහැදිලියි. කථාවේ මේ භයානකම හරියද?
පාට වෙනස් ගතියක් මට නම් පේන්නෙ නෑ....එකෙකු දෙන්නෙකු හැර හයිලයිට්වෙලා ඉන්න ඔක්කොම කොළපාට උන්නෙ....
Deleteමේක "94 පොදු පෙරමුණු ආණ්ඩුව ගැන පත්තරේක පලවූ කවියක් (කතෘ මතක නෑ)
අලුත් ආණ්ඩුව හා ලබු ගිරවා....
පැහැය...
නිල ලාවට විසිරුන තද කොළ
බෙල්ලේ
මාලය හැරුණු විට
හොට පමණක් රතු පාටය....
සම්පූර්ණ ඇත්ත.
Deleteනොකිය ඉන්නවයි කියල හිතා උන්න දෙයක් කියන්නයි මෙ හදන්නෙ..මේක රහසක්..!
ReplyDeleteඒ දවස් වල ඔයාලගෙ කට්ටිය මහ රෑට සමහර ගෙවල් වලට ආවලු 'යම් දෙයක්' අරන් යන්න..අපේ තාත්ත අම්ම අයියල දෙන්න එක්ක වත්තෙ කොහුබත් වලවල් වලත් හැන්ගිලා ඉඳල.ඔහොම ආපු එක දවසක අපේ ගෙදර ලොකු දානයක් ලු.එදා එයාල අපේ තාත්ත එක්ක ගොඩාක් යාලුවෙලා..තාත්ත ගොඩාක් උදව් කරල තිබුන පස්සෙ.ඒ උදව් නිසා මරණෙන් බේරුන අය මට හමු උනා ලංකාවෙදි.ඒ ජීවිත දකිද්දි කියා ගන්න බැරි තරම් සතුටකුත්,තාත්තව මතක් වෙලා දරාගන්න බැරි දුකකුත් ඇති වෙනව....
ජීවිත කීපයක් හරි බේරගන්න දායක වුන එක ලොකු දෙයක්....
Deleteතාත්තා ගැන කණගාටුයි.... :(
කියෙව්වා...
ReplyDeleteබොහොම ස්තූතියි.....!
Deleteකියවන්නා කතාව ඇතුලේ ජීවත්වෙන සෙයක් හැඟේ.....ඉතුරු කොටස කියවන තුරු නොඉවසිල්ලෙන්...!
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට.....!
Deleteඔබ අස්වැන්නට ඇවිත් අගටන්නා සිංදු සංගිත් ගැයුවේ ඔබ හ්‍රවන ආබාධිතයෙක් වූ පසුව බව සටහනක් තබා ගිය පසු මේ දක්වාම මම හිතෙන් තනිවම සෙව්වා උත්තරයක්. හමුවුනේ නැහැ. මොකද ඒ ඇයි කියලා මම ඔබෙන් පෙරළා නොඇසූ නිසා.. මම ඒක ඇහුවෙ නැත්තේ සදාචාරාත්මකව හිතලා. මොකද ඒගැන නැවත අහලා කෙනෙකුගේ සිත් රිදවිමක් නොකළ යුතු යැයි සිතුව නිසා.
ReplyDeleteඅද මම කියෙව්වේ ඒ නො ඇසූ පුවත. 88 -90 යුගය ගැන කිසිවක් නොකියමි. ඔබට නිදුක් නිරෝගි සුවය පතමි හදවතින්ම.මේ විශ්වයේ යම් හාස්කමක් වෙතොත් යම් දවසක ඔබට යලි මේ ලොවම සවනට ඇසේවා..
බොහොම ස්තූතියි ඔබේ ප්‍රාර්ථනාවට.....!
Deleteඅපි මේ මහලොකුවට අපේ රට කිය, කිය නැහෙන්න හැදුවට, කෙල වෙච්ච වෙලාවට බල්ලෙක්වත් නෑ. මෙං මේ කියන්න යනදේ ගැන වරදවා හිතන්න එපා.
ReplyDeleteමෙච්චර දේවල් වෙලත් දෙපයින් හිටගන්න උත්සාහකරන ඔබ වැනි අය ඉන්න ඕනෙ බටහිර රටක. මේ රටවල ආබාධිතයන්ට විශේෂ වරප්‍රසාද තියනවා. ඒ අයට ආණ්ඩුවෙ, සමාජසේවා උපරිම සහයෝගය දෙනවා , ශ්‍රම බලකායට එකතුකර ගන්ට. ඔය කියන ඔපරේෂන් එක වුනත් සමහර විට නිකං කරාවි, නැතත් ඒ ගාන මෙහෙ කෙනෙකුට දරන්න බැරි එකකුත් නෙමෙයි. ලංකාවෙ මරණවා කිය, කිය රටත්, ප්‍රභාවත් විකුණලා ඔය කියන හමුදාවල, පොලීසියෝ හොර හැත්තත් මෙහෙට පැනලා ඉන්න එකේ, අපරාදෙ ඔබ වැනි කෙනෙකුට නිකම්ම එන්න තිබුණා. දැං නං නීති තදයි, ඒත් මට හිතෙන්නෙ , තාමත් පරක්කු නෑ කියලයි. නරකද පොඩ්ඩක් හොයල බැලුවොත්?
කතාව සම්පූර්ණ ඇත්ත, ඒත් රට දාලා යන්න හිතක් නෑ සහෝ. මොන ප්‍රශ්න තිබුණත් මම මේ රටට ආදරෙයි.
Deleteමාස්ටර් කේමදාසත් නිතරම කිව්වෙ "මෙහෙමත් කාළකන්නි රටක්" කියලා,ඒත් ඔහු හැමදෙයක්ම කළේ මේ රට වෙනුවෙන්.
රට දාල ගිය බොහෝ අය එහෙම කළේ රටට ආදරේ නැති හින්දා නෙවෙයි, වෙන කරන්න දෙයක් නැති හින්දයි (හැමෝම ගැන නෙවෙයි මේ කියන්නෙ)ජීවිතය ලැබෙන්නෙ එකවරයි, ඒක නාස්ති නොකළ යුතු හින්දයි.
ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි.....!
නොදන්න යුගයක් ගැන කියවෙන සුරංගනා කතා වගේ නෙමෙයි ඇත්තටම මුහුණ දුන්න කෙනෙක්ගේ අත්දැකීම් අහද්දී. ඔය කාලේ වෙනකොට අපි ඉපදුනා විතරයි! දිගටම ලියන්න. පුලුවන්නම් ඉක්මනින්!
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට,.....ඉඩ ලැබෙන විදියට ලියන්නම්.....!
Deleteගෙදර ගියා ,,අපිට කොයින්ද මූදූ මාළු කිව්වා වගේ පොළොන්නරුවට කොහෙන්ද ඉන්ටර්නෙට්? ආයිමත් ආ හැටියේ පෝස්ටුව බැලුවා. කිව යුතු බොහෝ දේ තිබෙනවා. විඩාව ඉහළයි. පසුව කියන්නම් ..ඔබට ජය
ReplyDeleteපොලොන්නරුවටත් ඉන්ටර්නෙට් නෑ....!?
Deleteඅපිටත් ඇති ලබ්බක් නෑ. මෙහේ තියෙන්නෙත් 2G ව්තරයි, සර්විස් තුනකින් සිග්නල් තියෙනවා ඔක්කොම 2G.
තොරතුරු තාක්ෂණය ගමට ගෙනියනවයි කිව්වෙ 2000 ලබන්නත් කලින්, තවමත් ගමේ තියෙන්නෙ "ළිද ළග.com - වැට ළග.com"......නොදකින් විතරක්...!!!
ආණ්ඩුවේ සහ ජේවීපී යේ කියන දෙපැත්තේම භීෂණය නිසා ගොඩක් කොල්ලෝ කෙල්ලෝ මැරුණා. විනශ වුනා. මම ප්‍රශ්නයක් අහන්නම් සුමිත්. තරහ නැතිව උත්තරයක් දෙනවද?
ReplyDeleteකියුබාවේ වගේ විප්ලවයකින් මෙහෙ බලය අල්ලගන්න පුළුවන් කියලා හිතන්න තරම් ජේවීපී දේශපාලනය වැටුනේ ඇයි? ඒකත් සංවිධානාත්මකව කරගන්න බැරිවුනේ ඇයි? විශාල විනාශ දෙකකටත් පස්සේ? ( ඒ කිව්වේ 77න් පාඩමක් ඉගෙනගෙන 88 දී බලය අල්ලන්න තිබ්බේ නැද්ද?)
මෙව්ව කියවන කොට මට හිතෙන්නෙ, දකුණේ භීෂණය වෙනුවෙන් ජිනීවා යන්න ලෑස්ති වුන මරා මෙහෙම නං, මිලිටරි චින්තනයක් ඇති SF බලයට ආවොත් කොහොම හිටීද, ජේවීපී එක අද තත්ත්වය අනුව, ඒ කියන ලෙස විප්ලවයකින් සදාකාලික බලයක් ලැබුනා නං කොහොම හිටීද කියලයි
Deleteමේ කමෙන්ට් එකකින් පිළිතුරු දීම එච්චර සාදාරණ නෑ. ඒ වගේම අසම්පූර්ණයි.
Deleteඉතින් කමෙන්ට් වලින් නැගුන ප්‍රශ්න සියල්ල සලකා බලා පෝස්ට එකක් ලියන්නයි අදහස.
මේක කතන්දරයක් වුනා නම් කොපමණ හොඳද . එහෙත් මේ ඔබේ සැබෑ ජිවිත කතාව වූ කල .....?? .
ReplyDeleteමොනව උනත් හොඳ දේට හොඳයි කියන්න එපැයි. බලන්න වටින ලිපියක්:
ReplyDeletehttp://magejointeka.blogspot.ca/2012/08/blog-post_30.html
අයියේ,මේ ලිපි පෙල අවසානයේදී 1ක තනි ලිපියක් වශයෙන් එම ගෙවී ගිය යුගය ගැන සමාලෝචනයක් හෝ සාරාංශගත කිරීමක් කරන්න. ජයවේවා!!!!!!!......(අයියාගේ ශ්‍රවණාබාධිත තත්වය ගැන හදවතින්ම දුක්වෙමි )
ReplyDelete@ බින්දි
ReplyDeleteඔව් ඉතින් එහෙම වුනානම් හොදයි තමයි,
@ ඉබ්බා
මමත් කියෙව්වා, කියන්න දේවල් ගොඩාක් තිබුණත් කමෙන්ට් කරන්න ඉඩදීලා නැතිඑක අවුලක්.
@ රසික
එහෙම සමාලෝචනයක් කරනවා,
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට......!!!
හිතාගන්නත් අමාරුයි..
ReplyDeleteඒත් කාලයට සාපේක්ෂවනම් අතිශයින්ම සාමාන්‍යයි.
Delete100වැනි පරිවාරකයා ලෙස ඔන්න මමත් එකතු උනා. මටත් අවුරුදු 7ක ලමයෙල් විදිහට ඔය කාලෙ ගැන තරමක අත්දැකීම් තියනව. ජීවත් උනේ මාතර නගරබදව උනත් අදුරේ සිටීම්, රුහුනු සේවය සහ දුම්‍රිය ගිනි තැබීම්, "අපේ එකට තොපේ 100" වගේ දැන්වීම් මටත් මතකයි.
ReplyDeleteබොහොම සංතෝෂයි....බොහොම ස්තූතියි.....!!!
Deleteසුමිත් අයියේ, මිනිහෙකුට අතක් පයක් නැතිව කොහොම හරි ඉන්න පුළුවන්. ඒත් කිසි දෙයක් අහන්නැතුව, දකින්නැතුව ජීවත් වෙනවා කියන්නේ ලොකු විඳවීමක්. තමන්ගේ හිතට දැනෙන දේ නිදහසේ කියාගන්න බැරි වෙනකොට, කොච්චර නෑ කිව්වත් සමාජයේ මිනිසුන්ම ඒ අයව කොන් කරනකොට, ඒ නිසාම තනි වෙනකොට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ කවදාවත්. (මට සමාවෙන්න මේකෙන් ඔයාගෙ හිත රිදුනනම්. ඒත් ඔයා මේ වෙනකොට ඒ සත්‍යයට මුහුණ දීලා ඉන්නේ කියලා මන් හිතනවා.)
ReplyDeleteමගේ අම්මා ගුරුවරියක්. සමාජයත් එක්ක ගැටුණු කෙනෙක්. ඒත් එක දවසක් එයාගේ කන් ඇහෙන්නතුව ගියා. රස්සාවෙන් අයින් උනා. ඉස්සර තුන් වේලම ගෙදර හිටපු උන් එකෙක්වත් දැන් නෑ. තනිකම වේදනාව එයා දැන් අඳුනනවා. ඒත් අම්මා හිතින් විඳින දුක අපි කොච්චර තේරුම් ගන්න හැදුවත් තේරුම් ගන්න බැරිවෙයි කියලයි මට හිතෙන්නේ.
ඔයාගෙ අකුරු අස්සේ හැංගිච්ච මිනිහාට මගේ ආචාරය.
(මේක මන් ලිව්වෙ දයා රාජපක්ෂගේ කමෙන්ට් එක බැලුවට පස්සේ.)
@AKM
ReplyDeleteඔයා කියන කතාව ඇත්ත. ඒත් කුමන හෝ හේතුවක් නිසා මට මේ තත්වය නරකට බලපෑවෙ නෑ. මම කියන්නෙ ඇහෙන්නෙ නැති එක හොදයි කියන එක නෙවෙයි,සමාජයෙන් කොන්වීමක් සිද්ධවුනෙ නෑ. සාමාන්‍ය මට්ටමටත් වඩා පිළිගැනීමක් තියෙනවා.එහෙම නොවුනානම් මම කරන රස්සාව කොහොමටවත් කරන්න බැරිවෙනවා. අනිවාර්යයෙන්ම අනාථ වෙන්න වෙනවා.
මට යම් අපහාසයක් කළේ හෝ මේ තත්ත්වය නිසා සතුටට පත්වුනේ,එකම එක පුද්ගලයෙක් විතරයි, ඒ බ්ලොග් අවකාශයේ කලක් ජනප්‍රියව සිට දැන් වේගයෙන් පල්ලම් බහින බ්ලොග්කරුවෙක්, ඇනෝ කමෙන්ට් හරහා තමයි ඒක කරන්නෙ.
(ඔයා කියවපු කමෙන්ට් එක දයා රාජපක්ෂගේ නෙවෙයි, දයානන්ද රත්නායක මහතාගේ විය යුතුයි)
ඔව් ඔව්, කියවපු කමෙන්ට් එක දයානන්ද රත්නායක මහතාගේ ලෙස වෙනස් විය යුතුයි.
Deleteනම දැකලා තිබුනට කවදාවත් මේ පැත්තේ එන්න බැරි උනා,, පරක්කුය් කියන්නේ මම හොඳමේ එකෙන්නෙ පරක්කු වෙලා තියෙන්නේ...
ReplyDeleteලස්සන ආරම්භයක් එක්ක හරවත් ලිපි ටිකක්..
මමත් ටිකක් ඔය කාලෙ ගැන අහලා තියෙනවා. අපේ ගම ඔය භීශණය උපරිමෙන් තිබුන තැනක්..
දිගටම ලියන්න.. මමත් එනවා කියවන්න..
ප්‍රතිචාරයට බොහොම ස්තූතියි....බොහොම සංතෝෂයි.....!!!
Deleteකො ඉතින් ඊලග පෝස්ට් එක
ReplyDeleteපවර් කට එක හින්දා අතපහුවුනු වැඩ ගොඩක් තියෙනවා ඒ ටික ඉවර කරලා තමයි ආයෙ ලියන්න වෙන්නෙ.
Deleteමම හිතාගෙන හිටියේ 88-89 සමයෙන් පස්සේ සේරම හොඳ අතට හැරෙන්න ඇති කියලා.ඒ කියන්නේ ඊට පස්සෙත් මේ භීෂනේ හොල්මන් කරලා තියෙනවා කියන එක...
ReplyDeleteකැරැල්ලට අදාලවූ රාජ්‍ය භීෂණය '90 මැද භාගය දක්වා තිබුණා.ඒත් කැරළි කරුවන්ගේ පාර්ශවයෙන් එය '89 නොවැම්බර් වනවිට අවසන් වෙලයි තිබුණෙ. කැරැල්ලට අදාල නොවන මුත්, රාජ්‍ය භිෂණය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මරණයෙන් පසුව තමයි යාන්තම් අඩු වුනේ.
Deleteඉතින් කෝ බං අයියේ
ReplyDeleteසුමිත් අය්යාගේ නම බ්ලොග් වල දැකල තිබුනට අදනේ මේ පැත්තට මේ පැත්තට එන්න ලැබුනේ. ඉවර තියන විදිහට පරණ පෝස්ට් ටික කියවන්න එන්න ඕනි.
ReplyDeleteඔබගේ ශ්‍රවණ තත්ත්වය සුවවේවා කියල පතනවා මම!!
සාදරයෙන් පිළිගන්නවා......!!!
Deleteබොහොම ස්තූතියි මේ අහ ආ එකටත් - කොමෙන්ටුවටත්....!!!
මූව දිවියම කාපන් , තාම දාලා නෑ ඉතුරු කොටස
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමොනවද උඹ මැකුවේ
Deleteයකෝ මකපු එක කියන්න ඕනේ නම් මකනවා ද ?
Deleteසුමිත් අයියේ , ඉක්මණට ලියපන්... දැන් හොදටෝම ඇති මේ නිහැඩියාව. මම දන්නවා ජීවිත අරගලයේදී කාලය බොහෝම වටිනවා. නමුත් ලෝකය (බ්ලොග් ලෝකය )අපි හිටියත් නොහිටියත් ඉදිරියට ගලා යනවා. මම මෙහෙම ලියන්න කියමින් ඇවිටිලි කරන්නේ ඔබේ පෝස්ටුවලින් මතු කෙරෙන දේශපාලනික අදහස් සමඟ එක පෙළට සිටගන්නා නිසා නොවෙයි. විවිධ මානයන්ගෙන් යුතු කියැවීම් වැඩි විය යුතු යැයි මම විශ්වාස කරන නිසයි. ඉතින් ලියන්න
ReplyDeleteමගේ ඩෑෂ් බෝඩ් එක අතුරුදහන්...
Deleteඅලුතෙන් ජීමේල් හදන්නත් ඉඩ දෙන්නෙ නෑ.
කාලෙකට පස්සේ කියවන්න ආවේ. ටිකක් බිහිසුණු කොටසක්.
ReplyDeleteභිෂණය පිලිබඳව මට කිසිම අත්දැකීමක් නැහැ කියන්න පුළුවන්.මොකද 89 වෙද්දී මම හිටියේ අම්මගේ බඩේ.අම්ම මාවත් බඩේ උස්සගෙන හමුදාවෙන් උස්සපු මගේ තාත්තව හොයාගෙන ඇඹිලිපිටිය , රත්නපුර පැත්තේ හමුදා කෑම්ප් ගානේ අවිද්දලු. අන්තිමේදී සුරියකන්ද කෑම්ප් එක අස්කරගෙන ගියාට පස්සේ තමයි තාත්තගේ මිනිය හොයාගත්තේ.තාත්තගේ මිනිය අදුර ගත්තේ කකුලේ සුලගිල්ලට දාල තිබ්බ මුද්දකින්ලු.
ReplyDeleteඅතිශයින්ම කණගාටුදායකයි.
Deleteබොහෝ අය කතාකරන්නෙ හිට්ලර්ගෙ වධකාගාර ගැන විතරයි. තමන් උපන්බිමත් එක්තරාකාලයක එවැනිම තත්ත්වයක තිබුණ බව හිතා මතාම අමතක කරනවා.
ඔබේ පියාටත් - මවටත්, අපගේ ගෞරවණිය ආචාරය..!
waw
ReplyDeleteඔබේ බ්ලොග් සටහන් සියල්ල කියවූයෙමි. මෙලෙස ඔබේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හොද දෙයක් යැයි සිතමි. ඔබ කෙතරම් දුරට 88/89 යුගය තුල විප්ලවවාදී ව්‍යාපාරය සමග සම්බන්ධ වී සිටියා දැයි කීමට නොදනිමි.අත්දැකීම් ලියන විට එකල සටන් කල ක්‍රියාධරයින් ගේ මනෝභාවය යනාදිය ගැන විස්තර කල හැකි නම් එය අගෙයි.මොකද පොදු අරමුනක් වෙනුවෙන් ජීවිතය කැපකිරීම කියන එක මේ කාලයේ බොහෝ දෙනෙක්ට හිතාගත නොහැකි ප්‍රොබ්ලමැටික් සංසිද්ධියක්.88/89 අරගලයේ විවිධ අඩුපාඩුකම් සීමාකම් තිබුනත් අරගලකරුවන්ගේ පැත්තෙන් තිබුනු ඒ ජීවගුනය සහ කැපවීම ඉතාම ගෞරවනීයයි.
ReplyDeleteඒ වගේම ඔබගේ වර්තමාන දේශපාලන ආස්ථානයත් කෙටියෙන් හෝ දැනගන්නට කැමැතියි.
87 89 කාලෙ මැර බලයෙන් ආන්ඩුව ගන්න ජේ වී පී ත්‍රස්තවාදීන් මිනී මැරුව.උන්ට ඕන වුනේ සෝවියට් පන්නයේ නිළධාරීවාදී සිර ගෙයක් හදන්න.චන්ද තියන්නෙ නැතිව පක්ෂ කේඩරයන්ට සදාකල් සැප විදින්න.තුන්ඩු කෑල්ලෙන් කඩ වහල.නීත්‍යානුකූල පක්ෂ වල ප්‍රධානීන් මරල,උන්ගෙ බලු නීති ඇදිරි නීති කඩන එවුන් මරල බෙලි කපන ආන්ඩුවක් හදන්න ගියෙ.ජේ වී පී එකට සම්පූර්න බලය ගියානම් මොකකින් මොකක් වෙයිද කියල හිතන්නත් බෑ.
ReplyDeleteජේ වී පී එක නෙලා ගත්තෙ උන්ම වපුරපු අස්වැන්න.ජේ වී පී ත්‍රස්තවාදීන් මැරුවට කමක් නෑ.විශේෂයෙන් නායකයො මැරුවෙ නැත්නම් ආයෙ උන් කැරැල්ලක් ගහල තව තිස් දහක් විතර මරව ගන්නව.ජේ වී පී එකට සම්පූරන බලය ආවනම් රට අමු සොහොනක් නේද?
ඒ සෝවියට් පන්නයේ නිළධාරීවාදී සිර ගෙදර ගිහින් ඔයා නොමිලේ ඉගෙන ගන්නකොට,එතැනින් කෑම නොමිලේ කනකොට හිතුනේ නැත්ද ,ඒකට විරෝධය පාලා ආයෙත් ලංකාවට එන්න .ඔයත් නිලධාරිවාදය උදවුවෙන් බටර් /කිරි /කුකුල්ලෝ පවා ගත්තා නේ අනෙක් ශිෂ්‍යන්ගේ සලාක වලට කෙලලා. .
Deletepatta
ReplyDelete88-89 මම 9 වසරෙ පොඩි කොල්ලෙක්.
ReplyDeleteජවිපෙ උණ ඇඟේ තිබ්බත් , ක්‍රියාකාරීව ඒවට සම්මාදම් වුනේ නෑ.
එකල නාරාහේන්පිට ධර්මායතනයෙ පොඩි හාමුදුරුවො තමා අපිට කන්න බොන්න දුන්නෙ.
කාලයත් එක්ක ඒ සම්බන්ධකම් නැතිවෙලා ගියා.
හත්දෙය්යනෙ මම මේ ලඟදි අපේ පොඩි හාමුදුරුවන්ව දැක්කා.
දැන් දැවැන්ත චරිතයක්, "උලපනේ සුමංගල හිමි "
යන එන මං නැතුව හිටපු ''නිකම්මු'' සෝවියට් ආධාර වලින් ජිවිතේ හදාගෙන ''සමහරු'' වුනා ,බරපතල ටෝක්ස් දෙන එක රුසියාවට ගිය බොහෝ අය කරනවා .කොමියුනිස්ට් රුසියාවේ රූබල් 90 වෙන් ජිවත් වෙලා .ඒකෙන් ටිකට් අරං ලංකාවට ආගිය අතීතය දැන් අමතකයි .ඒකෙන් ගානක් ලංකාවට යවනවා දැන් අමතකයි.අද මෙයලා කොහේද ලෙනින් විප්ලවය නොකලා නම්.හරියට මෙයාගේ අම්මගේ තාත්තාගේ වියදමින් සෝවියට් දේශයට ගියා වගේ දැන් කතාව .මෙතන ඉන්න රුසියාවේ ගිහිං නොමිලේ ඉගෙනගත් ,අනිත් අයටත් මේ කතාව අදාලයි.අඩු ගානේ අවුරුද්දකට සැරයක් ,පැවති සෝවියට් දේශයට ස්තුතියි කියලා සමරන්න ,මං පොර සංකල්පේ පැත්තක තියලා .ලැජ්ජයි
ReplyDeleteසුමිත් ගේ මතවාදයට මම ගරු කරන්නේ ,ඔහු හිටපු සටන අවතක්සේරු නොකරන නිසාවෙනි. එසේම ඔහු එම සටන මාර වීර ක්‍රියාවක් ලෙස උඩ නොදමයි .අපි ඒ සටනට ගියේ තෙල ට යැයි කියන අය සමග කතා කර පලක් නැත .අජිත් පැරකුම් වැනි සමහර වැඩිහිටි ළමයි කියන්නේ නන්දා මාලනිගේ සින්දු නිසා ඔවුන් නොමග ගිය බවයි //නොමග ගිය තරුණයන්.....!? කෙතරම් අපූරු හැඳින්වීමක් ද සුමග යෑමට අවශ්‍ය සියළු දේ තිබියදීත් නොමග ගිය තරුණයන්.....!!!//සුමිත් සහෝ දේශපාලන වශයෙන් අප සමග එකග නැති වුනත් අරගලය නිසි ඇසින් දැකීම අගය කරමි.
ReplyDelete