අද මට සුවිශේෂ දවසක්, මගේ පළමු මරණයේ 22වන සමරුව යෙදී තියෙන්නෙ අදටයි. මේ
මොන අපබ්රංශයක්දැයි ඔබට සිතෙනු ඇති. එහෙත් මෙය අපබ්රංශයක්ම නොවේ. මිනිහෙක්
තමන්ගෙ ජීවිත කාලයේදි කීවරක්නම් මැරි මැරි උපදිනවා ඇද්ද ? මටත් ඉතින් ඒක එහෙමම
තමයි.
ඒ 1990 ජූලි මස 14 වනදායි, මා කිසියම් හඬක් ඇසූ අවසන් දවසයි. ඒ එතෙක් අපව රඳවා සිටි කලපළුවාව රැඳවුම් කඳවුරේ
සිට බූස්ස දේශපාලන රැඳවුම් කඳවුරට ඇතුළත්කළ
මොහොතේ දේශනය කළ කර්නල්වරයාගේ හඬයි. ඒ හඬ ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස්
ඈතින් ඇහෙන හඬක් සේ තුනී වී අවසානයේ සම්පූර්ණයෙන්ම නැතිවිය. ඉතින් එදා ඉඳලා මා ශ්‍රව්‍යාබාධිතයෙක්,
අමුවටම කියනවනම් බිහිරෙක්, ඒක තමයි මගේ පළවෙනි මරණය.
තවත් කාරනා දෙකක්
නිසා ජූලි 14 මට වැදගත් වෙනවා. එකක් රෝහණ විජේවීරගේ උපන්දිනය. අනෙක, මහා මර්දනයෙන්
පසුව ජ.වි.පෙ ප්‍රසිද්ධ දේශපාලනයට ආ දවස (‘94 ජූලි 14). ඉතින් මගේ බ්ලොග් එක
පටන්ගන්නත් අද දවස හොඳයි කියල හිතුනා.
මේ බ්ලොග් එකේ නම “ප්‍රහාරය”යි. මා බොහෝ දෙවල් දිහා බලන්නෙ
විවෙචනාත්මකව වීමත්, තවමත් විශ්‍රාම නොගිය සටන්කරුවකු වීමත් නිසා ඒ නම ඊට හොඳින්
ගැලපේයැයි සිතමි. එහි උප ශිර්ෂය ලෙස යොදාගෙන ඇති “මිනිසකු විනාශ කළ හැකිය - පරාජය කළ නොහැකිය” යන්න අර්නස්ට් හෙමිංවේගේ “මහල්ලා සහ මුහුද” නවකතාවේ සමස්ථයම එකට කැටිකළ තනි වාක්‍යයයි.
මගේ ජීවිතය අරබයා ද එය එසේම වන හෙයින් සුදුසු සංස්කරණයකින් පසුව එයම යොදා ගත්තා.
මේ බ්ලොගයේ දී
දේශපාලන සිරකරුවකු ලෙස පොලිස් වධකාගාරයේ
ද, කලපළුවාව - බූස්ස රැඳවුම් කඳවුරුවල ද මැගසින් බන්ධනාගාරයේ ද ගෙවා දැමූ වසර 4
හමාරක ජීවිත කාලය පිළිබඳ අත්දැකීම් ඔබ හා බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. බොහෝවිට මා
දරන අදහස් විකල්ප ධාරාවේ දේශපාලනය හා
ගැටගැසී ඇති නිසා ඔබට කිසිසේත්ම එකගවිය නොහැකි අවස්ථා මෙහිදී හමු වේවි. එහෙත්
ඒ ගැන නොසිතා ඔබගේ ප්‍රතිචාර ඍජුව දක්වන්න.
මෙහිදී සාකච්ඡා කෙරෙනුයේ දේශපාලනය පමණක් නොවේ. පොතක් පතක් ගැන, මා කියවා රස
විඳි කවියක් ගැන හෝ වෙනයම් සාහිත්‍යය කෘතියක් ගැන ඔබ හා අදහස් හුවමාරු කරගන්න
බලාපොරොත්තු වෙනවා. මගේ වෘත්තීය ජීවිතයේත්, වසර 42 ක සමස්ථ ජීවිතයේත් ඔබට ගතයුතු
යමක් ඇතැයි මා විශ්වාස කරනවා. ඒ සියළු දේ අපි බෙදා හදා ගමු.
හැබැයි මා වඩාත් සතුටු වන්නේ බ්ලොග් ලිවීමෙන් නොව, අන් අයගේ බ්ලොග් වල
කමෙන්ට් කිරීමෙන් බව ඔබට කිවයුතුයි. එහෙත් බ්ලොග්කරුවන් ගනනාවකගේ බලපෑම් නිසා
තවදුරටත් බ්ලොග් එකක් නොකර සිටීමට නොහැකි තත්ත්වයට මා පත්වුනා. පළමු වරට
බ්ලොග්කරුවන්ගේ ගාලු සුහද හමුවේ දී නාකියාත් චාමික WP ත් බ්ලොග් එකක් කරන්න යැයි
ඉල්ලා සිටියා. පසුව - වර්ණා, පොඩිමෑන්, රාජ්, සෙන්නා, වෙනි, අසරණයා, සුදික, ඊ මේල්
කවිකාරි, මී ගොඩයා, පසන්, බට්ටා, චාර්මි.....(නාම ලේඛනය තව දිගයි) නිතර විමසා
සිටියා, උද්යෝගිමත් කළා. එතෙකින් ද සෑහීමකට පත් නොවී දුරකථනයෙන් ද විමසා දිරිමත්
කළේ Raj ය. වරෙක කමෙන්ටුවක්වත් දැමීමට නොහැකි ලෙස හිරවී
සිටි අවස්ථාවේ අදාල තාක්ෂණික උපදෙස් ලබා දුන්නේ අභිත ය. කතන්දර සූරීන් ද “ප්‍රහාරය” බ්ලොගය එළිදක්වන තුරු බලා
බලාසිටිමු යැයි කමෙන්ටුවක් දමා තිබුණා. sAm- ඔහු තමා මේ බ්ලොග්
අවකාශයේ මාව වැඩියෙන්ම ඔසවා තබන්නට දායක වූ බ්ලොග් කරුවා. මේ සියල්ල අතර අකාලයේ
අපෙන් වෙන්ව ගිය ඔබා අයියා ද ගෞරවයෙන් මතක් කරමි.
ඉතින් මිතුරු -
මිතුරියනි, මමත් ඔබගේ අනු දැනුම ඇතිව මගේ මොන්ටිසෝරි අවධිය පසුකොට බ්ලොග් අවකාශයේ 1වසරට පා තැබුවා. පෙරදී
විමසා මා දිරිමත් කළා සේම ඉදිරියටත් මට අවශ්‍ය සහයෝගය ඔබ හැමෝගෙන්ම ලැබේවියැයි කියා
විශ්වාස කරනවා.
හැමෝටම බොහොම ස්තූතියි.....!!!!!
මචං........
ReplyDeleteඋදේ පාන්දරම පොඩි කේස්සෙකකට මලපැනල උන්නෙ.... මෙක දැක්කම සේරම කූල්... :)
සිරාවට හරිය?
මචං පළවෙනි කොමෙන්ටුව උඹෙන්. බොහෝම සංතෝෂයි....
Deleteබලපං ඉතිං මේවත් "සිත නිවෙන තැන්" බවට පත්වෙන හැටි......
අයියා බ්ලොග් එකක් ගටන් ගත්ත එක ගැන සතුටුයි... දිගටම ලියාගෙන යන්න... සුභ පැතුම්...!!!
ReplyDeleteඔයා දෙක, බොහොම ස්තූතියි....!!!
Deleteසුභපැතුම් වගේම දවස ගැන කණගාටුයි මිත්‍රයා. එහෙනං ලියමු බලන්න. එකඟ වෙමින් නොවෙමින් දිගටම යමු.
ReplyDeleteවැරිපිකේෂන් අයින් කරමු නේද?
යැස්.....එකගවෙමින් - නොවෙමින්......
Deleteසුමිත් අයියා බ්ලොග් ලොකය ඔබට නුපුරුදු තැනක් නොවේ හරවත් රසවත් දනුමෙන් බ්ලොග් ලොකට සුන්දර කරන්න ඔබට පුලුවන් ජයෙන් ජය
ReplyDeleteඔව්... හැකි උපරිමයෙන්....
Deleteසංතෝෂයි... විශේෂයෙන්ම ආරම්භයේදීම ඔබව සෑහෙන දුරකට හඳුන්වා දීමක් කෙරිලා තියෙන නිසා... ඔහොම යං...
ReplyDeleteබොහොම සතුටුයි මේ පැත්තෙ ආ එක ගැන...
Deleteමෙව්වා ඔට්ටු නෑ. හොරෙන්ම පටං අරං ... මගේ උණුසුම් සුභ පැතුම් අයියා.. දිගටම ලියන්න.. මං නන් එනවා බලන්න...
ReplyDeleteජය.....වේවා!!!!
කාම සින්ඩියකට දැම්මෙ නෑ. පටන්ගත්ත විතරනෙ, තව වැඩ තියෙනවා...
Deleteබොහොම ස්තූතියි.....!!!
යකෝ කාම සින්ඩිවලට දාන්න වෙන එව්වද ලියන්න හිතං ඉන්නේ..?:D:D:D
Delete:D :D :D
Deleteමුද්‍රණ දෝෂයක්......!!!!
අඩේ . . . මටත් දියල්ලකො ඔය කියන සින්ඩියෙ ලිංක් එක
Deleteඅයියෝ ... මම පරක්කු වෙලානේ.
ReplyDeleteආ .... අයියත් දැන් 1 වසරෙ එහෙනම්. සුභ පැතුම් අපෙනුත්. සුමිත් අයියා ප්‍රහාරය එල්ල කරන්න. අපි එන්නම් බලන්න.
පරක්කු නෑ. ඔයා හත Lucky seven......!!!
Deleteබොහොම සංතෝෂයි මේ අහ ආවට.
ඇත්තටම බොහොම වටිනවා සුමිත් අයියා..මම මීට වසරකට ආසන්න කාලෙකට පෙර තමයි ඔබට බ්ලොගයක් පටන් ගන්න කියලා ආරාධනා කලේ..නමුත් එය පමාවී හෝ නිසි කලට ආරම්භ කිරීම ඉතාමත් වටිනවා..කොහොමවුනත් 89 දරුවෙක් විදියට(භීෂණයේ දරුවෙක්)මම මේ ඉතිහාසකතාව පිළිබඳ විවිධ දෘශ්ටි කෝණවලින් දකිනවා..කොහොමවුනත් ඔබගේ සම්ප්‍රාප්තියට මගේ උණුසුම් සුබපැතුම්
ReplyDeleteදහසක් මල් පිපේවි - දහසක් මත ගැටේවි..... !!!
Deleteබොහොම ස්තූතියි....!!!
ජය!
ReplyDeleteබොහොම ස්තූතියි....!!!
Deleteනියමයි සුමිත් මාමෙ. මමත් කීපාරක් කිව්වද ලියන්න පටන්ගන්න කියල. :)
ReplyDeleteමම අහල තියන කතාවකින් පටන් ගත්ත මේ බ්ලොග් එකේ මම අහපු නැති කතා ටික කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.
ඇත්තටම මේ කතාවක් නෙමෙයි, ආදරණිය ජීවිතයක ලිඛිත ප්රකාශනයක්.
බුදුසරණයි...!!!
පුතාත් ආවා එහෙනම්....ගොඩාක් සතුටුයි...
Deleteඔයාටත් නොකියූ කතා ගොඩාක් තියෙනවා....බලක්න කියන්න ආයෙ එන්න...
සුමිත්, අපි දෙන්නටම එකට බ්ලොගොවර්සරිය සමරන්න පුලුවන්. ජූලි 13 තමයි මගෙ HeyDude බ්ලොග් එක පටන් ගත්තෙත්. ඉළඟ දවසෙ මට හිතෙන හැටි. පටන් ගත්තා.
ReplyDeleteඅර සුමිත් කියනවා වාගෙ මම සුමිත්ගෙ බ්ලොග් එක කියවන්නෙ දේශපාලනයකින් තොරවයි. මට දේශපාලනය දිරවන්නෙ නෑ. මම දේශපාලන බ්ලොග් සහ පෝස්ට් කියවන්නෙත් නෑ. නමුත් මම මේ බ්ලොග් එකට දිගටම එන්න බලාපොරොත්තු වෙනවා මිනිසෙක් හැටියට.
ඒ වගෙම බ්ලොග් එකේ නම ප්‍රහාරය වුනත් අනිත් දේවලුත් දාන්න.
ඒ වගෙම මම හැම විටම කමෙන්ට් කොකරන්න පුලුවන්. සුමිත්ව සතුටු කරන්න දාන බොරු කමෙන්ට් එකකට වඩා මොකුත් නොකියා ඉන්න එක හොඳයි කියලා හිතුනොත් එහෙම කරනවා.
henryblogwalker the Dude
එහෙනම් මේ දිගු ගමනක ආරම්බය වේවා!
අපි දෙන්නා මගදි මාරු වෙලා, ඔයා මෙහේ එනකොට මම එහේ ගිහින්... :)
Deleteමේකෙ සාකච්ඡාවට ගන්න බලාපොරොත්තුවෙන එකම දේ දේශපාලනේම නෙවෙයි. දේශපාලනේ වුනත් අමුවට ලියන්න අදහසක් නෑ. ඒ හින්දා හෙන්රිටත් අපුලක් නැතුව මෙතනට එන්න පුළුවන් වෙයි කියලා හිතනවා
බොහොම ස්තූතියි මේ අහ ඇවිත් ගියාට.
හොඳ දේවල් ලබා ගන්න ටිකක් අමාරුයි.
ReplyDeleteඔබේ කමෙන්ට් වලින් තේරුණා බ්ලොග් එකේ මොනවගේ ලිපි පල වේවිද කියල. ජිවිතේ අත්දැකීම් වගේම සාහිත්‍ය හොඳ දැනුමක් තියෙනවා නේ. තව එකක් විප්ලව වාදියෙකුගේ ජිවිත කතා කියවන්න මම ඒ කාලේ ඉඳල ගොඩාක් කැමති.
බ්ලොග් ලෝකයේ දිගු ගමනට මගේ උණුසුම් සුභ පැතුම්.
ජයෙන් ජය.
අසරණයාත් මාව ප්‍රමෝට් කරන්න වෙච්ච දායකත්වය සුළුපටු නෑ....
Deleteබොහොම ස්තූතියි...!!!!
ඔන්න ආවා.. අද ඉඳං දිගටම කියවන්න එන්න හිතාන ඉන්නේ. ඔබේ කමෙන්ට්ස් දැකලා තියනවා. ඒ වගේම අදහස් ගොඩක් කියවන්න බලාපොරොත්තුවෙන්, ජයවේවා!!!
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා....
Deleteබොහොම ස්තූතියි.....!!!!!
කියවන්නට වන්නේ මොනවාගේ කතාද කියා ඉවෙන්වගෙ දැනෙනවා. කොච්චර depress උනත ඇවිත් කියවලා යන්නං හැකිවිට කොමෙන්ටුවක් දමන්නං. අද උදෙත් ඇදුරුතුමත් මමත් කතාකලා ලංකාවෙ අප නොසිටියුගයේ වෙච්ච දේ ගැන. අදටත් අප කම්පාවන සිද්දීන් බොහොමයි
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා....
Deleteඒ කාලෙ ලංකාවෙ හිටියෙ නැති එක හොදයි. සංවේදී මිනිස්සුන්ට තමන්ගෙ දවසේ ජීවිතය කළමණාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් එදා රටේ තිබුණෙ නෑ.
බොහොම ස්තූතියි....කමෙන්ටුවට
කවුරුවත් අත නොතියපු පැත්තක් ගැන බ්ලොග් එකක් ලියවෙන එක පට්ටයි.... අනිවා.. දිගටම බලනවා... හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ ආරම්භක සටහනෙන්ම පේනවා බ්ලොග් එකේ අනාගතය.... ජීවිත අත්දැකීම් තරම් තවත් මොනවද මනුස්සයෙකුට....
ReplyDeleteවෙනසකුත් තියෙන්න ඔනනෙ.....
Deleteබොහොම සංතෝෂයි මේ පැත්තෙ ආවට....ස්තූතියි..!
සුභ පැතුම් මාගේ සමකාලීන මිතුරාට !!! මේ ගැන වැඩියෙන්ම සතුටු වෙන්න පුළුවං මට කියල මට හිතෙනවා. ඊයේ චැට් එකේදී මා මේ "අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නේ". අද ඉඳල ලියයි කියල මම කීයටවත් හිතුවේ නෑ. ඔබේ ලිපි මට වඩාත් දැනේවි. මන්ද, ඒ කාලේ දිවි ගලවාගන්නට අප කෙතරම ප්‍රවේසම් වුනාද? ඒ අත්දැකීම් ඔබේ ලිපි තුලින් යලි ස්මරණය වෙයි. ඔබේ පැමිණීම තමයි ඉතා හොඳ, මම බ්ලොග් ලියන්න ගනිද්දී මෙතන කාවවත් මම දන්නේ නෑ. ඒත් අද ඔබ වට ගොණු වෙන මිතුරු කැල දෙස බලන්න. ඔබ යලිත් ඉපැදුනු දවස මෙය යයි පසුකාලීනව ඔබට සිතෙයි. මම ඒ ගැන සහතික වෙනවා. "හැම ප්රහාරයකටම වඩා කීබෝඩ් ප්‍රහාරය සැරයි" කියල කියමනක් අපි හදමු.
ReplyDeleteසමකාලීනයි කිව්වම හැම අතින්ම සමකාලීනයි...ඒකයි වැදගත්
Deleteඔව්, අපි අපේ අත්දැකීම් බෙදා හදාගමු.
බොහොම ස්තූතියි....!!!
සුභපැතුම්..! පහර පිට පහර දෙන්නයි තියෙන්නේ එහෙනම්...
ReplyDeleteනැතුව එහෙනං....
Deleteබොහොම ස්තූතියි මේ අහ ආවට....
සුමිත්, මෙන්න සුබ පැතුම් හා දිගු ගමනකට ශුභාශිංසන !!
ReplyDeleteඔබට මේ බ්ලොග් අවකාශයේ මතක හිට්න මෙහෙවරක් කළහැකි බවට මගේ පුද්ගලික පිළිගැනීමයි.
හෙන්රි කියපු ඒවා තමා මටත් බොහෝදුරට කියන්ඩ තියෙන්නෙ. මමත් දේශපලන බ්ලොග් වලට සහ ලිපි වලට ආසාත්මිකයි. නොදිරවන සුළුයි.. එවැනි ලිපි නොකියවන්නත්, කමෙන්ට් නොකර සිටින්නත් පුළුවන්.. ඒ ගැන අමනාපයක් ඇති කර ගනු නැතැයි බලාපොරොත්තු වෙනවා..
එහෙනම් ප්‍රහාරයට ජය වේවා !!!!!!!
මාව ෆෝම් කිරීමේ ගෞරවයෙන් සෑහෙන කොටසක් සෙන්නටත් හිමිවෙන්න ඔන...
Deleteඅවුලක් ගන්න එපා ලියවෙන දේවල් ඇලජික්ම වෙන එකක් නෑ.
බොහොම ස්තූතියි.....!!!!
සුභපැතුම්. කනගාටුයි ඒ අතීතය ගැන. සුවිශේෂී අත්දැකීම් නිසාම , ඒ ගැන ලියවෙන මේ බ්ලොග් එක ඉතාම වටිනා එකක්.
ReplyDeleteඒකනම් එහෙම තමයි....
Deleteසපේක්ෂව බැලුවම මම මේ ගෙවමින් ඉන්නෙ බෝනස් කාලයක්...!!!
බොහොම සතූතියි මේ පැත්තෙ ආවට.....
සුභ පැතුම් අයියා!! නියමයි!!
ReplyDeleteදිගටම ලියමු.. අපි ඉන්නවා කියවන්න!!
බොහොම ස්තූතියි.....!
Deleteසුමිත්, පළවෙනි කමෙන්ට් එකෙන් අහන්න හිත් දුන්නැති ප්‍රශ්නයක් දැන් අහන්නම්. ඒ කියන්නෙ සුමිත් දැනුත් ශ්රව්යාබාධිතද? සම්පූර්නයෙන්මද් නැතිනම් ශ්රව්යාධාර පලඳින්න පුලුවන් තත්වයෙද?
ReplyDeletehenryblogwalker the Dude
සම්පූර්ණයෙන්ම බිහිරියි....
Deletecochlear implant system එකෙන්නම් පුළුවන්. ඒකට ලක්ෂ 32 ක් විතර යනවා plant එකට විතරක් 20 ක් විතර වෙනවා.
මගේ ඒ ගැන උනන්දුවක් නෑ. මේ විදියට මට ජීවිතේ මැනේජ් කරගන්න අමාරුම නෑ.
මේ හින්දා සමාජ ජීවිතයෙ දුර්වල වීමක් වුනෙත් නෑ. සාමාන්‍ය විදියටම ජීවත් වෙනවා. පොඩි අවුලකට තියෙන්නෙ කුරුල්ලන්ගෙ හඩවල්- පරණ සිංදු එහෙම අහන්න බැරි එක විතරයි.(අලුත් සිංදුනම් නෑහෙන තරමට හොදයි කියලා අහපු අය කියනවා :D )
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteදිගටම ලියමු සුමිත් අයියේ..... :-)
රාජ සම්පත් දැනටම හම්බවුන ගානයි.....
Deleteබොහොම ස්තූතියි...!!!
සුමිත් අයියාගේ බ්ලොග් එක පටන් ගන්නකම් අපිත් ආසාවෙන් බලාගෙනයි හිටියේ. එහෙනම් ඔන්න අපෙත් සුභ පැතුම් ජයවේවා !!!
ReplyDeleteබොහොම සංතෝෂයි - බොහොම ස්තූතියි...!!!
Deleteටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ලින්ක් එකකින් ආවේ
ReplyDeleteජය වේවා කියලා අවතාරුත් පතනවා
මේ අහ ඇවිත් සුබ පැතුවට බොහොම ස්තූතියි.....!!!
Deleteගොඩාක් සතුටුයි.... දිගටම ලියන්න ධෛර්යය ශක්තිය නොමදව ලැබේවා...
ReplyDeleteබොහොම සංතෝෂයි - බොහොම ස්තූතියි...!!!
Deleteමගේ දිහා ලගදි නාවෙ ඇයි ? මේ දවස් වල ඉතිහාසය ගැන ලියනවා.. ඔබත් ඉතිහාසය ගැන උනන්දුයි කියලා මම දන්නවා... කියවලා යන්න එන්න ඔබේ අදහස් දැන ගන්න මම කැමතියි...
Deleteසුභ පැතුම් ..
ReplyDeleteසයිබර් අවකාශයේ තවත් එක් අරුත්බර තැනක් බවට මෙතැන පත් කරන්න හොඳම අමුද්‍රව්‍ය අඩු නැතිවම ඔබට තියන බව පේනවා. වර්තමාන දේශපාලනය ගැනනම් මම කියවන්න කැමති නැහැ.ඒත් ඉතිහාසය සහ ගැන කියවන්න කැමතියි..
දිගටම ලියන්න...
දේශපාලනයනම් හුග දෙනෙකුට ඇලජික් තමයි...
Deleteඒත් මේකෙ ඒ ඇලජික් ගතිය හුගක් අඩුකරලා ලියන්නයි උත්සාහ කරන්නෙ...
කොමෙන්ටුවටයි සුබපැතුමටයි බොහොම ස්තූතියි.
ජය වේවා මෘ අත්දැකීම් ටිකක් අපිට ගන්ඩ පුළුවං වෙයි වගේ.....
ReplyDeleteමමත් උත්සාහ කරන්නෙ ඒකට තමයි
Deleteබොහොම ස්තූතියි....!!
ඔබේ කමෙන්ට්ස් දැක තිබෙනවා. අදහස්වල හරයක්, ගැඹුරක් ඇති කෙනෙක් බවට හැඟීමක් තිබුනා. සතුටුයි බ්ලොග් එකක් ඇරඹීම ගැන.බ්ලොග් අවකාශයේ වටිනා යමක් කිරීමට හැකිවේවායි පතනවා.
ReplyDeleteබොහොම සංතෝෂයි - බොහොම ස්තූතියි...!!!
Deleteමමත් ඒ පැත්තෙ ගිහින් තියෙනවා.
අතීතයේ සිදුවූ ඇතැම් දේශපාලනික පෙලගැසීම් පිළිබඳ මා තුළ විවේචනයක් තිබුණද එම ප්‍රවාහය ඔස්සේ දේශපාලන සිරකරුවන්ගේ අත්දැකීම් අතිශයින් ප්‍රයෝජනවත් කතාවන් ගොඩ නගනු ඇත. දේශපාලන මතවාදය කුමක් වුවද මනුස්සකම බල්ලට දැමූ පාදඩ මර්ධනයත් හිංසනයත් සදාකාලිකව පිටු දැකිය යුතුය.
ReplyDeleteඔබේ කොමන්ටු කිහිපයක් චාර්මිගේ බ්ලොග් අඩවියේ කියවා තිබූ මතකයෙන් පමණක් පැමිණියෙමි.
හැකි පමණින් හොද දෙයක් දෙන්න උත්සාහ කරනවා.
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට..
ඒ දවස්වල හිටියේ නැති වුනත් පොත් වලින් පත්තර වලින් ඒ කාලේ ගැන කියවලා තියෙනවා..
ReplyDeleteදිගටම එනවා මේ පැත්තට.
ජයෙන් ජය!
සාදරයෙන් පිළිගන්නවා
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට.....!!!
හදවතින්ම සුභ පෑතුම් අයියා..... මුල්ම පොස්ට් එක එක්කම එකතු වෙන්න ලෑබුන එක ගැන සතුටු වෙනවා වගේම ආසාවෙන් කියවන්න පුලුවන් බ්ලොග් එකක් වෙනවා කියන එකට විවාදයක් නෑ.. ජය වේවා...
ReplyDeleteකමෙන්ට් වලින් පොස්ට් එකක අර්ථය ගැඹුර වැඩි කරපු සුමිත් අයියාගෙන් ඒ දේවල් කරන ගමන්ම මේ දේවල් කරවි කියලා බලාපොරොත්තු වෙනවා...
ජයෙන් ජයම වේවා
බ්ලොග් එක නිසා ටිකක් කාර්යබහුල වුනත්, ලියන එක සතුටට හේතුවක්...
Deleteබොහොම ස්තූතියි මේ අහ ආවටත් - කොමෙන්ටුවටත්.
good luck bro.................!!!!!
ReplyDeleteThankZ......!!!
Deleteහදවතින්ම සුභ පතනවා සුමිත් . . . ඔබ ඉටුකලේ කාලීන අවශ්‍යතාවයක් . . . ජය වේවා
ReplyDeleteබොහොම සංතෝෂයි - බොහොම ස්තූතියි...!!!
Deleteබ්ලොග් අවකාශයේ ප්රවීණයන්ගේ සහයෝගය ඉතාම වැදගත්...
මම උඹේ කමෙන්ටු සෑහෙන කාලෙක ඉඳන් ෆලෝ කලා.උඹ රහක් තියෙන මිනිහෙක් කියල ඒවා බලන කොට හිතුන.සුබ ගමන් !!!!
ReplyDeleteඑහෙමම වෙන්න ඕන, බොහොම ස්තූතියි.....!!
Deleteහයියෝ මම සෑහෙන්න පරක්කුයි... මම කොහේදි හෝ සුමිත් අයියා බ්ලොග් එකේ සඳහන් කරලා තිබුනු කාරනාවක් කියවලා තිබුනා සුමිත් අයියගෙම කොමෙන්ටුවකින්...
ReplyDeleteඔය ගැන අපේ තාත්තගෙන් ඇහුවම තාත්තා කිව්වේ ඒ කාලෙ කනට පෑනක් තියලා ගැසීම වගේ වද දුන්නා කියලා.... ඒක අහපු වෙලේ ඉඳන් මගේ ඇඟ හිරිවැටුනා මතක් වෙන හැම වෙලාවකම....
බ්ලොග් අඩවියේ මුල්ම ප්‍රහාරය උපරිමයි.හරිම ලස්සන භාෂා විලාසයක්.ඔබෙන් සෑහෙන්න ගුරුහරුකම් ගන්න ගොඩාක් කට්ටිය බලාගෙන ඉන්නවා.දිගටම ලියමු අයියේ.....
දේශපාලනය ගැන මගෙ කිසිම විස්වාසයක්වත් කිසිම කැමැත්තක්වත් නෑ.... නමුත් ඒ පිළිබඳ කතා එහෙම මම කියවන්න කැමතියි.
යළි ඉපදුමට මගෙන් සුභ පැතුම් අයියේ.... ඔයා මොන්ටිසෝරියට ඇවිත් තියෙන්නේ අවුරුදු ගානක් ඉහල පන්තිවල ඉගෙනගෙන.....
කිසිම ප්‍රමාදයක් නෑ ගැමි මලයා, මේ පැත්තෙ ආ එකම කොච්චර දෙයක් ද ?
Deleteඔබ,ඔබ හිතනවාට වඩා විශාල මිනිහෙක්....අනාගත ආතර් සී ක්ලාර්ක් කෙනෙක්
කාලය කළමණාකරගෙන ඔයත් ලියන්න - මමත් ලියන්නම්.....
බොහොම ස්තූතියි....!!
දවස ගැන දුකයි... ඒ උනත් අළුතින් පටන්ගත්ත වැඩේට ජයෙන් ජයම පතනවා ....
ReplyDeleteදවස ගැන.....ඔව්, වෙන කෙනෙක් ලියලා තිබුණනම් මටත් එහෙම හිතෙන්න තිබුණා. ඒත් අවුරුදු 22ක් කියන්නෙ කොච්චර දිග කාලයක් ද මට දැන් ඒ ගැන එච්චර ගානක් නෑ.
Deleteබොහොම ස්තූතියි....!!!
සුභ පැතුම් සුමිත් අයියේ! දිගටම ලියමු!
ReplyDeleteබොහොම ස්තූතියි....ප්‍රතිචාරයට.
Deleteඔයා බ්ලොග් එක පටන් ගන්න කම් මාත් මග බලන් උන්නෙ අයියෙ..මම අහල තියන දේවල් මතක් වෙද්දි හිත ගැස්සෙනවා..කුතුහලයක් දැනෙනවා..ඔයා ලියන ඒවා බලන්න නොඉවසිල්ලෙන් ඉන්නෙ...සුභ පැතුම්..!
ReplyDeleteකිරිල්ලි අහලා තියෙන සහ මම විඳලා තියෙන අත්දැකීම් බෙදා හදා ගමු.
Deleteබොහොම ස්තූතියි - බොහොම සංතෝෂයි මේ පැත්තෙ ආ එක ගැන...
//තවමත් විශ්‍රාම නොගිය සටන්කරුවකු වීමත් නිසා//
ReplyDeleteහෙහ්, හෙහ් මම කැමතිම කෑල්ල. ලියන්න. ජය!
- Ideas are bulletproof -
හඃ...නියම තැනින් අල්ලගෙන...
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට...!!!
ඔබේ ඒ කටුක අත්දැකීම් කියවන්න නම් මන් අකමැතියි. ඒත් ඒ කාලේ නොහිටපු අයට සහ අමතක අයට වැදගත් වෙයි. විවිධ දේ ලියන්න . විශ්‍රාම නොගිය කැරලි කාරයෙක් කියන රාමුවටම කොටු වෙන්න එපා. ඔබ හොඳ රසවින්දනයක් ඇති මිනිසෙක්. හමු වීම සතුටක්. මගේ උණුසුම් සුබ පැතුම් බ්ලොග් අවකාශයේ දීර්ඝ ගමනකට .
ReplyDeleteබින්දි මේ පැත්තෙ ආ එක ගැන ඉතාම සතුටුයි....
Deleteකොහොමත් රාමුවකට කොටුවෙන්නෙ නෑ. (කොටු වෙලා හිටිය කාලය මදෑ) දිගටම ලියනවා.
බොහොම ස්තූතියි......!!!
ලැබූ පරාජයන්ට ගැන පසුතැවෙනවාට වඩා ඒ තුලින් ලැබූ පන්නරයෙන් ජීවත් වීම අගණේය.. එවන් තැනැත්තන්ගෙන් අපිට ඉගෙන ගන්නට බොහොමයක් දේ ඇති බව දනිමි. තවත් එවැනි අවස්ථාවක් ලැබීම ඉතාමත් ප්‍රීතිමත් කාරණයක්..
ReplyDeleteසුභ පැතුම්.!!
ඔව් ඒක ඇත්ත....
Deleteඅපි අපේ අත්දැකීම් බෙදා හදාගමු.
බොහොම ස්තූතියි- බොහොම සංතෝෂයි....!!!
මෙතෙක් කමෙන්ට්ස් හරහා පමණක් ඇඳින ගෙන සිටි ඔබව ප්‍රහාරය තුලික් වඩා හොඳින් අඳුණා ගත හැකි වෙනු ඇතැයි සිතමි!
ReplyDeleteඅද ලිපියේ මාතෘකාව මගේ සිත ගත්තා (හේතුව කියන්න ඕනෑ නෑනේ. මාත් ඛැමතිම උපමාවක්).
විශ්‍රාම නොගිය සටන්කරුවා කියන යෙදුමත් අපූරුයි!
දිගින් දිගටම පන්තියේ පළමුවැනියා වී ඩබල් ප්‍රමෝෂන් ලැබේවා යි පතමි!
කසූගේ පැමිණිම ගැන ඉතාම සතුටු වෙනවා.
Deleteබ්ලොග් අවකාශයේ ප්රවීණයන්ගේ සහයෝගය මට අත්‍යාවශ්‍යයි.
ඇත්තටම ඒ මාතෘකාව යොදාගත්තෙ ඔබ අනුව යමින්ම තමයි. ඒක තර්කානුකූලයි.
හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තූතියි..!!!
අම්මෝ ඇති යාන්තම් පටන් අරගෙන. මම මේ ළඟදිත් ආවා. කිසිම පොස්ට් එකක් තිබුනේ නැහැ. ප්‍රහාරය කියලා විතරයි තිබුනේ :O :D
ReplyDeleteහරිම අසාධාරණයි . දන්නෙත් නැහැ :/ පටන් අරගෙනත් එක්ක.
ගාලු ගමනේදී තමයි මුලින්ම සුමිත් අයියාව දන හඳුනා ගත්තේ. කිඳුරා මල්ලිගේ චිත්‍රයක් එහෙමත් ලස්සන ඇන්දා මට මතකයි. ශ්‍රව්‍යාබාධිත වුනු විදිය තව ටිකක් පැහැදිලි කරන්ට අයියේ.
බ්ලොග් කලාවේ දිගු ගමනකට යන්න සුභ පැතුම්. නොවරදවාම එනවා :)
ජය වේවා !
සාදරයෙන් පිළිගන්නවා....!!
Deleteමම කලින් ප්‍රචාරය කළේ නෑ. වැඩේ පටන් අරගෙනමයි ඒක කළේ.
ලෙනින් කියලා තියෙන්නෙ, "ඔබ පුරසාරම් දෙඩිය යුත්තේ සටනට යනවිටදී නොව, ජයග්‍රහණය ලබා ආපසු එන ගමනේදියි" කියලනෙ. අපි ඉතින් ඒ වගේ දැනුම් තේරුම් ඇති අය කියපු දේවල් පිළිගන්න එපායැ.
ඔය උඩ තියෙන චිත්‍රයත් මම ඇඳපු එකක්....ඕක අඩි 5ක් විතර උසයි, පෝස්ටර් ඇඳලා ඉවරවෙලා ඉතුරුවුන නිවුස්ප්රින්ට් කඩදාසියක ඇන්දෙ....
හා..හා ...ඒ වල් පල් පස්සෙ බැරියැ, ඒකටනෙ මේක පටන් ගත්තෙත්.
එහෙමනම් බොහොම ස්තූතියි....!!!
හා හා එහෙම තමයි ඉන්ට ඕනා. :)
Deleteආව් මගේ පින්තුරෙකුත් ඇදගන්ට හිතෙනවා අෆ්ෆා
@සුමිති නිරිඇල්ල දරුව,
ReplyDeleteඔබ බ්ලොගයක් පටන් ගැනීම ගැන අනේක වාරයක් තුටුවෙමි. ඉඳ හිට මෙහි ගොඩ වැදී යන්නටද අමතක නොකරමි.
- මීවනපලානේ රාජපක්ෂ (හෙළ ජ්‍යොතිශ හා ආයුර්වේද විශේෂඥ, අතිගරු ජනාධිපතිතුමන්ගේ, ආරක්ෂක ලේකම්තුමන්ගේ හා වර්ගපූර්ණිකාව කරන මීවනපලානේ ජයරත්නයන්ගේ ඥාති සොහොයුරු)
ඔබතුමාගේ පැමිණිම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා
Deleteබොහොම ස්තූතියි.....!!!!
ගොඩක් සතුටක් බ්ලොග් එක ලියන්න පටන්ගත් එකට. අපි දිගටම එනවා. ඔයා අකුරු කරන කලාවට මම ගොඩක් කැමති ..
ReplyDeleteජය ...
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...!!!
Delete//මිනිසකු විනාශ කළ හැකිය - පරාජය කළ නොහැකිය”\\ මේ මම කැමතිම අදහසක්...
ReplyDeleteඔබේ අත්දැකීම් අප සමග බෙදා ගැනීම ගැන ගොඩාක් සතුටුයි.. ඔබට ජය..
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට...!!!
Deleteපොඩ්ඩිගෙනුත් සුබ පැතුම්.
ReplyDelete//මිනිසකු විනාශ කළ හැකිය - පරාජය කළ නොහැකිය”//
හිතට හොඳට වැදුනේ මේ කියමන.
හිරකරුවකු මෙන් ගත කල ජීවිතය ගැන කියවන්ට ආසාවෙන් බලා ඉන්නවා. ඒ වගේම නොවැරදීම කියවන්ටත් එනවා.
පොඩ්ඩිවත් සාදරයෙන් පිළිගන්නවා.....
Deleteබොහොම ස්තූතියි - බොහොම සංතෝෂයි....!!!
දිගු ගමනක ආරම්භයක්.........
ReplyDeleteසුබ පතනවා ඔබට.
ඔබගේ පැමිණිමත් මට විශාල සතුටක්....!
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට...!!!
ප්‍රතිචාර වලට ප්‍රතිචාර දැක්වීම හොඳ දෙයක්... මේ ගමන්ම තව ලිපියක් ලිවුවනම් මොක ද ?
Deleteප්‍රහාරය කියවන්න මග බලාගෙන ඉන්නවා. දිගු බ්ලොග් ගමනකට උණුසුම් සුබ පැතුම් සහෝ
ReplyDeleteබොහොම ස්තූතියි- බොහොම සංතෝෂයි....!!!
Deleteප්‍රමාදයි මම වගේම උඹත්..
ReplyDeleteමම උඹේ බ්ලොග ආරම්භක පෝස්ටුව බලන්නත්, උඹ ලියන්න පටන් ගන්නත් ප්‍රමාදයි.. 'අප්පමාදෝ අමත පදං' කිව්වාට හැම එකාම ප්‍රමාදයි. ඒත් හිත හැදුනේ ප්‍රහාරයක් එල්ල කිරීම ප්‍රමාද වූ නිසාම.
උඹ කීබෝඩ් එක උඩ දග කරනකල් කෙල හලාගෙන බලාගෙන හිටි මට වගේම අපේ එකාලට සුභ ආරංචියක්.
උඹ ගගට පැනල ඉවරයි සහෝ.. අපිත් එක්ක පීනමු..
ජය !
අම්මපා උඹ පරක්කුවුනා තමයි....,
ReplyDeleteමමනම් ඉතින් පොල් වේලෙනකල් හිටියෙ කුරුම්බා වලින් තෙල් හිඳින්න බෑනෙ....
උඹ තමයි මාව මුලින්ම ප්‍රමෝට් කළේ....ඒකට විශේෂයෙන්ම ස්තූතිකරන්න ඕන.
බොහොම සතුටුයි.....එහෙනම් ඉතින් පීනමු.....
ප්‍රෙමෝට් කලා මම.. බොරු එපා බං..
Deleteඋඹ බ්ලොග් ලෝකෙ සුන්දර මිනිසෙක් වෙලා ඉවරයි මම බ්ලොග් ලෝකෙට එන කාලෙත්..
ජය පතනු හැර කුමක් කියම්ද ?
කීප වතාවක් මේ පැත්තේ ඇවිත් ගියා ලියන්ඩ පටං අරගෙනද බලන්ඩ ... , දැන එහෙනං වැඩේ ගොඩයි ..... ජය වේවා..!
ReplyDeleteකලිනුත් ආවාද....? වැඩේ ටිකක් පරක්කුවුනා තමයි
Deleteදැන් ඉතින් ඉඩ ලැබෙන ලැබෙන වදියට ලියනවා.
බොහොම ස්තූතියි.......!!!
ආවද කියලත් අහනවා 3 ,4 පාරකට වඩා ආවා....... කොමෙන්ටුවක් දාන්ඩත් හදලා ආපහු මොකක් නමුත් හොද හේතුවක් නිසා පමා වෙනවා ඇති කියලා නිකන් උන්නා ...
Deleteall the best pal
ReplyDeleteThankZ.....!!
Deleteප්‍රහාරය පටන් ගැනීමට මෙපමන කල් ගතකළත් මගේ ජීවිතයේ මම ඉතාම ගරු කරන පුද්ගලයාගේ උපන්දිනය එයට යොදා ගැනීම ගැන මගේ ඇත්තේ දැඩි පහන් සංවේගයකි. (මට සිතෙනවා ඔබ මා කෙදිනක හෝ හමු වී ඇතැයි කියා.)
ReplyDeleteසමහරවිට වෙන්න පුළුවන්....මමත් ටික දවසක් ආරිය බුලේගොඩ මහත්මයාගෙ සොහොයුරියගෙ ගෙදර පක්ෂ කාර්යාලය පවත්වාගෙන යන දවස්වල හිටියා.
Deleteබොහොම ස්තූතියි කොමෙන්ටුවට.....
ජය වේවා!!!!
ReplyDeleteබොහොම ස්තූතියි.......!!!
Deleteතවමත් බොගක් නැති මමත් ඔන්න් එහෙනං ප්‍රහාරයට ලෑස්තියි ඈ... ගූගල් නොකියා ඔපෙරා දෙවියන්ට පිං අනුමෝදනා කරලම වැඩේ පටන් ගන්ට... කොයි ලෝකෙ හිට්යත් කියවන එක සුවර්...
ReplyDeleteඉතින් පටන් ගමුකො බොගක්.....
Deleteහැබැයි මමත් අවුරුද්දක් විතරම බ්ලොග් පාඨකයෙක් විතරයි.
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.......!!!
යකඩෝ...
ReplyDeleteමට නිකමටවත් කිවුවෙ නෑ නේද හොර කොල්ල!!!!
:ඩී
මේ ටික නම් කියවනවමයි....
අම්මපා....කිව්වෙ නෑ නේන්නම්, සොරි වෙන්ඩ ඔනැ....!!!
ReplyDeleteබොහොම ස්තූතියි.....!!!!
ලංකාවෙ ඉතිහාසයෙන් වලලල හංගල දාපු ඒ අතීතය ප්‍රහාරය බ්ලොග් අඩවිය හරහා වත් නැවත එලි දකීවිදැයි නෙත් යොමා සිටිමි.
ReplyDeleteහැකි පමණින් - උපරිමයෙන්.....
Deleteබොහොම ස්තූතියි....!!!
මමත් කල්පනා කරකර හිටියේ
ReplyDeleteමෙහෙම කමෙන්ට් දාන මනුස්සයා
ප්‍රහාරය දියත් කරාම කොහොම හිටීද කියලා
අයියේ මරේ මරැ
බොහොම ස්තූතියි- බොහොම සංතෝෂයි....!!!
Deleteටැබූලා , බියොන්ඩ්ෆ්රේම් ලා , ඇටමැස්සලා නැති බ්ලොග් අවකාශයේ පෙරමුණේ රාලලාගේ වර්ගවාදි කුනුහරුප වලට එරෙහිව ලියන්නට ඔබට ශක්තිය ලැබේවා
ReplyDeleteබොහොම ස්තූතියි......!!!
Deleteහොඳම දෙයක් දෙන්න උත්සාහ කරනවා.
සුභ පැතුම් සුමිත් අයියෙ.
ReplyDeleteඒ කාලෙ අත්දැකීම් මටනම් තියෙන්නෙ ඉතාමත් සුළු ප්රමාණයකකිතිං ප්‍රහාරයෙන් අපිට ගොඩක් දේවල් දැන ගන්න හැකි වේවි.
ඉතිහාසය කියන්නෙ පුරාවිද්‍යඥයින් විසින් ගොඩගැනිය යුතු දෙයක්ම නෙවෙයි, අප විසින් ගොඩනැගිය යුතු දෙයක්....
Deleteහැකි පමණින් ඊට දායක වෙන්නයි උත්සාහය.
බොහොම ස්තූතියි.....!
සුබ පැතුම්............
ReplyDeleteජය.................
බොහොම ස්තූතියි..!!!
Deleteදිගු ගමනකට සුබපැතුම් !
ReplyDeleteකම්මල පටන්ගත්තද ? ළගදි ගියේ නෑ ඒ පැත්තෙ, කලින් යනකොට බෝඩ් එක විතරයි තිබුණෙ.
Deleteබොහොම සංතෝෂයි මේ අහ ආවට....
කොන්ද පන නැති ඇනෝ ගෙන් සුභ පැතුම්.90 දශකයේදී ඉතාම අසීරුවෙන් ජීවිතය ගත කලෙමි.කල එකම වරද වුවේ එදවස තරුණ වියේ ඇරඹුමේ සිටීමය.පසුකලක එදා මර්දකයන් වූ අය අතරට ගොස් මර්දකයෙක් නොවී හැකිතාක් යහපත් මිනිසෙකු වී සිටියෙමි.
ReplyDeleteඉතිහාසයේ තවත් සාක්ෂියක්......!
Deleteබොහොම ස්තූතියි....බොහොම සංතෝෂයි....!!!
මොනවා ලියයිද කියලා අනේ මන්දා... ඒත් ඇවිත් කියවලා බලන්නම්කෝ....... :) සුභ පැතුම් මුරණ්ඩු කොමෙන්ට් කරුවානෙනි... !!! :)
ReplyDelete//මුරණ්ඩු කොමෙන්ට් කරුවානෙනි... //....... :D
Deleteනෑ...නෑ.....එහෙමකට භයානක දේවල් ලියවෙන එකක් නෑ.
බොහොම ස්තූතියි....!!!!
සන්තෝෂයි සුමිත් අයියේ... බ්ලොග් එකක් කරන්න හොඳම හැකියාවක් තියාගෙන නොකර ඉන්න කොට අපරාදේ කියලා හිතුනා. ඔන්න දැන් ඒකත් හරි... එහෙනම්, බ්ලොග් ගමනට ජය මංගලම්... ජයෙන් ජයම වේවා !!! හෝ ප්‍රහාරයක් එල්ල කරමු !!!
ReplyDeleteතව ඔය වගේ එකෙක් ඉන්නවා.. ඒ අපේ බූරා.. ( බුරතිනෝ ) මට නම් ඌ ඇවිදින පුස්තකාලයක්..
Deleteකට්ටිය එකතු වෙලා ඌවත් ගඟට තල්ලු කරමුද :-)
+1
Deleteඒකනම් එහෙම තමයි....ඊළගට තියෙන්නෙ ලියන්න කාලය වෙන්කරගැනීමේ සටන.
Deleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට....!
සුභ පැතුම්. නොනැවතී දිගටම ලියමු
ReplyDeleteහැකි උපරිමයෙන්.....
Deleteබොහොම ස්තූතියි...!!!
ජිවිතේ හොයන්න, ජිවත් වෙන්න සටන් කරන නිසා මේ දවස්වල ජාලයේ රස්තියාදු ගහන කාලය අඩුයි. දැන් තමා ඇහැ ගැටුනේ. එකම මගක යන මිනිසුන්නම් අපි නැවත නැවත හමුවෙයි. විශ්‍රාම නොගිය සටන්කරුවට විමුක්ති!!
ReplyDeleteපුටුව උඩ වාඩි වෙලා නෙමේ,
ReplyDeleteප්‍රායෝගිකව දේශපාලනය කරපු මනුස්සයෙක්ගේ ජීවිත සටහන් කියවන්න ලැබෙන එක එක්තරා ආකාරයක චාන්ස් එකක්...
ඒක උපරිමයෙන් ගන්න ඕනේ...
ජය වේවා!!!
ඔව්... වෙනස් අත්දැකීමක් වෙයි ඒක, මගෙත් උත්සාහය ඒකට තමා.
Deleteබොහොම ස්තූතියි....!!
@ විමුක්ති
ReplyDeleteජීවත්වීමේ සටන තමා දැන් තියෙන ලොකුම සටන, ඒක ඇත්ත...
රත්න ශ්‍රී වරෙක ලිව්ව වගේ කොහේදී හරි නෙවෙයි එකම තැනකදි අපි හමුවෙයි.
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට....
දේශපාලනය ගැන පෝස්ට් වලටනං කොමෙන්ට් දාන්න එන්නෙ නෑ. කොහොම නමුත් මගෙන් සුභ පැතුම්
ReplyDeleteදේශපාලනය හුග දෙනෙකුට ඇලජික් තමයි. මේ පේන්න තියෙන දේශපාලනේ මට වුනත්...(ඈ...ක්ක)
Deleteකමෙන්ට් නොදැම්මට අවුලක් නෑ. කියවනවනම් ඒ ඇති..
බොහොම ස්තූතියි....!!!
//ලෙනින් කියලා තියෙන්නෙ, "ඔබ පුරසාරම් දෙඩිය යුත්තේ සටනට යනවිටදී නොව, ජයග්‍රහණය ලබා ආපසු එන ගමනේදියි" කියලනෙ. //
ReplyDeleteසුමිත් සහෝදරයා කොහොමටත් (කොමෙන්ට්වලින් හරි) දෙඩුවෙ පුරසාරම් නෙවෙයිනෙ. ඉදිරියෙදී හොඳ ප්‍රහාරයක් දියත් කරයි කියලා හිතනවා. දේශපාලන බ්ලොග්වලට ප්‍රිය කරන, විශේෂයෙන්ම පාසල් යන දරුවෙක් විදියට 88-89 කාලෙ අත්දැකීම් ඇති මට ඔබගේ බ්ලොගය සුවිශේෂි තැනක් වේවි. ජයෙන් ජයම වේවා.
දැන් දැන් එක්කෙනා දෙන්නා මගේ "පංති සගයො" මෙතනදි හමු වෙනවා ඒක හොද දෙයක්, එකකොට සමකාලීන අත්දැකීම් හුවමාරු කරගන්න පහසු වෙනවා.
Deleteබොහොම ස්තූතියි.....!!!
කාලෝ අයන්තේ.......
ReplyDeleteඒකනෙ....! :)
Deleteබොහොම ස්තූතියි........!!!
බොහොම සතුටුයි ඔබ තුමා බ්ලොග් එකක් පටන් ගැනීම ගැන. මෙතෙක් කල් අපේ බ්ලොග් වලට දාපු කමෙන්ටු වලින්ම තේරුනා ඔබේ පරිනත බව. ඉතිං මේ බ්ලොග් එක බ්ලොග් ලෝකෙට ඉතාමත් වැදගත් එකක් වෙනවා නියතයි...
ReplyDeleteසයුරි ටීචර්ගෙ පැමිණීම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා......!
ReplyDeleteබොහොම ස්තූතියි...!!!
සුමිත් අයියේ ..පහුගිය සතී කීපයට බ්ලොග් අවකාශයේ අහන්න ලැබුන හොදම ප්‍රවෘත්තිය තමා 'ප්‍රහාරය' ආරම්භය. අද ඉදල ගොඩක් ආසාවෙන් ඉන්නව ඔබව කියවන්න. සුභ පැතුම්! දිගු ගමනක් යමු.
ReplyDeleteඊලඟට එකේ පන්තියට යන්න ඕනේ ඔබතුමා... බ්ලොග් එකක් අටවගත්තොත් නරකද ???
Deleteකොමන්ට් කෙරිල්ල වගේ නෙවෙයි බ්ලොග් කෙරිල්ල ටිකක් අමාරුයි.ඒත් ඉක්මනින්ම අප්ඩේට් කරනවා.
Deleteබොහොම ස්තූතියි....!!!
@ චතුරංග
ඇයි මේ තියෙන්නෙ
සති අන්තයේ වැඩ බහුල වීම නිසා ෆෝන් එකෙන්ම පළමු පෝස්ට් එක කියෙව්වත් කමෙන්ට් කරන්න බැරි උනා ඒකෙන් සින්හල ටයිප් කරන්න බැරි නිසා.. දිගු ගමනකට සුබ පැතුම් !
ReplyDeleteමට පස්සෙ මතක්වුනා, අම්මාගෙ තුන්මාසෙ පිංකම නිසා නේද බිසී වුනේ....?
ReplyDeleteබොහොම ස්තූතියි ප්‍රතිචාරයට...!!!
දිගු ගමනකට සුබ පැතුම්.! විටින් විට ඇවිත් බැලුවට පටන් අරන් තිබුනේ නැහැ . පාර කියපු මාරයටත් ස්තුතියි. සින්ඩියේ නැති නිසා ඔන්න මම බූක් මාර්ක් කර ගත්තා.
ReplyDeleteකාලය කළමණාකරණය කරගන්න අමාරුයි ඒකයි ප්‍රමාද වුනේ ඉදිරියේදි ඉඩ ලැබෙන ලැබෙන විදියට ලියනවා.
Deleteබොහොම ස්තූතියි-බොහොම සංතෝෂයි...!!!
මට මොන වගේ හැගීමක් දැනෙනවා ඇද්ද?උඹ හිතා ගනිං
ReplyDeleteඋඹ මගේ හොදම යාළුවා, මට ඒක තේරුම් ගත්තහැකි...
ReplyDeleteතෑන්ක්Z මචං.....!!!!
"තවත් කාරනා දෙකක් නිසා ජූලි 14 මට වැදගත් වෙනවා. එකක් රෝහණ විජේවීරගේ උපන්දිනය". ඔබ මෙහෙම ලියූ නිසා කියන්නෙ. 2012 ජූලි 14 වෙනිද තමා විජේවීරගෙ පලමු මුණුපුරා උපන්නෙ. ඒක හරි පුදුම අහම්බයක්...
ReplyDeleteඒක මම දැනගෙන හිටියෙ නෑ.
Deleteඔබට බොහොම ස්තූතියි.... අලුත් තොරතුරකුත් අරගෙනම මේ අහ ආ එකට......!!!
සුමිත් අයියේ දවස් දෙකක් ඇවිල්ලා ගියා මොකුත් තිබ්බේ නැහැ .... පස්සේ හොරෙන්ම පටන් අරගෙන නොවැ...
ReplyDeleteඔන්න සුභ පැතුම් අපිනම් ඔය කාලේ ළදරුවෝ ඒක නිසා ඔව්වා ගැන අහන්න හරිම කුතුහලයකින් ඉන්නේ ඕන්.
කුතුහලය සංසිදවන්න ඉඩ ලැබෙන ලැබෙන විදියට ලියන්නම්.
Deleteබොහොම ස්තූතියි......!!!
ඇහි පිල්ලමක් යට සිහිනයකි.
ReplyDeleteකාටවත් නොපෙනෙන
සිහිනයෙන්වත් නොපෙනෙන.
කල් ඉකුත් උණු පතකට
මුද්‍රා තබන්නේ කුමටද?
කෙඳිරියක්වත් නොනඟාම ගිලිහී
පාවී බිමට බැස එන
පෙති දෙපෙති නංවන
අලුත් පැතුමක් පොපියයි.
තුර පත් සලා සරු කල
නිහඬ සීතල දෙරණත.
විරු සමරු උලෙළකි
හෙට මෙතන
මේ කොට්ටම්ඹ ගහ යට
හැඟුම්බර වන.
තුරු පතින් පත පවා
අත්පොළොසන් නැඟෙන
හැඬුම්බර වන
සුළං දහරින් පවා
ඔල්වරසන් නැඟෙන
ඇහිපිල්ලමක් යට සිහිනයකි
සිහිනයක සිනාවෙන් ඉපදුන
කොපුල් නිම්නයට පිවිසුන.......
ඉස්සුවෙ බත්තලන්ගුන්ඩුවෙන් - මම ආසම මාතෘකාවක් යටතේ බ්ලොග් ලිවීමට පටන් ගත් ඔබට මේ කවිය උපහාර කොට පුදමි. ප්‍රති පහාර හමුවේ නොසැලී ඉදිරියට යන්න ශක්තිය පතමි.
ඒක නෙමේ පළවෙනිම කොමෙන්ට් එකේ මගෙ බ්ලොග් එකේ නමත් තියෙනවනෙ :)
බොහොම ස්තූතියි....බොහොම සංතෝෂයි....!!!!
Deleteමේ කවිය "ඇහිපිල්ලමක් යට" ටෙලියෙ තේමා ගීතය නේද....? මට හරියට මතක නෑ.
බත්තලංගුන්ඩුව මගේ ෆේවරිට්ම නවල් එකක්.
හිත නිවන තැන ත් ඇඩ් කරගත්තා විවේක පාඩුව කියවන්න ඔන.
ඈ බං..උඹත් අපේ ලටපටස් ප්‍රසන්න (දෙමළ ණයන්නේ එකා) වගේ උනාද.. මේක අවුරුද්දක් පල් උනාමද දෙවැනි එක එන්නේ..?
ReplyDeleteඈ....හ් එහෙම වෙන්නෙ කොහොමද...?
Deleteදෙවෙනි පෝස්ට් එක දාලා දැන් දවස් 5 ක්.තාක්ෂණික අවුලක්ද දන්නෑ.
මෙතනින් බලන්න
Deleteසුමිත් අයියගෙ සාමාන්‍ය දැනීම ගැන මට මුල් දවස් වල ඉඳලම ලොකු ගෞරවයක් තිබුණා.. එහෙනම් ඒ දැනීමෙ රහස මේ අත්දැකීම් වෙන්න ඕනෙ... මගේ පුංචි බ්ලොග් එකත් දැකපු දවසෙ ඉඳලම එක දිගටම ඇවිත් මාව දිරිමත් කරපු හැටිත් මතකයි.. වරදින්නෙ නෑ.. විශ්වාසයි.. :)
ReplyDeleteබොහොම ස්තූතියි.....බොහොම සංතෝෂයි......!!!
DeleteGreat Sumith Aiya..
ReplyDeleteBest of Luck!
බොහොම ස්තූතියි...රැංගෝ....!!!
DeleteMata Blogs Liyana wediha dena ganna asai kemathi mata meka gena denumak ne please kawru hari udaw karanna
ReplyDeleteAsela
ඔයා නොලීවට බ්ලොග් එකක් තියෙනවනෙ.....
Deleteමේල් එකවත් තිබුණානම් උදව්වක් කරන්න තිබුණා.
රෙපාගෙ අම්බලමේ මේ පෝස්ට් එක කියවලා බලන්න
Mata Blogs Liyana wediha dena ganna asai kemathi mata meka gena denumak ne please kawru hari udaw karanna
ReplyDeleteAsela
ඒ කියන්නෙ මම හොඳටම පරක්කුයි.
ReplyDeleteඒ උනාට අපෙ අඳුනාගැනීම රුවන්පරය අපේ බිම,වගේම අපි දෙන්නටම වැදගත්වන පුද්ගලයෙක් (ත්රීමාවිතාන) ඒ හැම දෙයකම පුංචි බැඳිමක් තියෙනවා කියලා මට හිතෙනවා.
ඒ වගෙම 88 89 වර්ෂවල භිෂණයට ලක්වුණු පරම්පරිවක කොටසක් විදියට අපි එකම සමාජ තලයක ඉන්නවා.
ඉතින් අතීතය වළලා නොදමමින් ඒ තුලින් සමාජයට යහපත් යමක් දෙන්නට උත්සාහ කරන ඔබ වැන්නකුට මගේ හද පිරි ප්‍රණාමය පිළිගන්වමි.
ජය වේවා!!!!
බොහොම ස්තූතියි සුභා අක්කෙ....!!!
Delete